ඉන්දියාවෙන් ගෙන්වූ කෝටියකට අධික කේරල ගංජා තොගයක් අත්අඩංගුවට…

May 7, 2018 at 2:05 am | lanka C news
ඉන්දියාවෙන් ගෙන්වූ කෝටියකට අධික කේරල ගංජා තොගයක් අත්අඩංගුවට…

වව්නියාව ඕමන්ත පන්ඩ්‍රිකෙයිද කුලම් ප්‍ර‍දේශයේදී නිවසක තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 69 ග්‍රෑම් 735 ක තොගයක් අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය කියා සිටියේය.

පන්ඩ්‍රිකෙයිද කුලම් ප්‍රදේශයේ පිහිටි නිවසක කේර්ල ගංජා ඇති බවට වව්නියාව පොලිස් දිසා බුද්දි එක්කයට ලැබුනු තොරතුරකට අනුව පොලිස් දිසා විෂමත්ද්‍රව්‍ය එක්කයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද වැටලීමකදී නිවසේ සගවා තිබූ අදාල කේරල ගංජා තොගය  සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් යාපනයට රැගෙනවිත් කොළඹට රැගෙන යාමට සූදානම් කර තිබියදී මෙම කේරල ගංජා තොගය අත්අඩංගුවට ගත් බවට දිසා විෂමත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

26 views

One Comment to “ඉන්දියාවෙන් ගෙන්වූ කෝටියකට අධික කේරල ගංජා තොගයක් අත්අඩංගුවට…”

  1. ජනිත් says:

    මේවාට ඉන්දියාවේදීම වස දමා ඇති

Main News