ඉන්දියාවෙන් ගෙනාවේ නැනෝ නයිට්‍රජන් පොහොරයි.. නැනෝ යුරියා පොහොර නොවේ..- චම්පිකට විරුද්දව මහින්දානන්ද රහස් පොලිසියට…

November 10, 2021 at 5:30 pm | lanka C news
ඉන්දියාවෙන් ගෙනාවේ නැනෝ නයිට්‍රජන් පොහොරයි.. නැනෝ යුරියා පොහොර නොවේ..- චම්පිකට විරුද්දව මහින්දානන්ද රහස් පොලිසියට…

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන නැනෝ නයිට්‍රජන් දියර පොහොරවලින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොමිස් ලබා ගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී රණවක මහතා මාධ්‍ය හමුවකදී කරන ලද චෝදනාවට එරෙහිව විධිමත් පරික්ෂණයක් සිදු කරන ඉල්ලා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (10) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

විපක්ෂ මන්ත්‍රීවරු විටින් විට අසත්‍ය කරුණු පදනම් කර ගෙන ආණ්ඩුවට චෝදනා කිරීම අසාධාරණ බවත්, තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කිසිඳු වංචාවකට හෝ කොමිස් ලබා ගැනීමකට සම්බන්ධ නැති බවත්, ඒ නිසා තමා සමිබන්ධයෙන් පාඨලී රණවක මන්ත්‍රීවරයා සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කර ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීවේය.

“අපි ඉන්දියාවෙන් රැගෙන ආවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොරයි. චම්පික රණවක මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ නැනෝ යුරියා පොහොර අපි ගෙනාවා කියලයි. අපි එහෙම පොහොර ලංකාවට ගෙනල්ලා නෑ. අනෙක මේ පොහොර ගෙන්වන ගණුදෙනුව විනිවිදභාවයෙන් යුතුව අපි සිදු කර තිබෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳ තොරතුරු සොයා බලන්න පුළුවන්” යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

11,877 views

12 Comments to “ඉන්දියාවෙන් ගෙනාවේ නැනෝ නයිට්‍රජන් පොහොරයි.. නැනෝ යුරියා පොහොර නොවේ..- චම්පිකට විරුද්දව මහින්දානන්ද රහස් පොලිසියට…”

  1. Janaka from Matara says:

    යූරියත් කරන්නෙ නයිට්‍රිජන් එකතු කරන එක තමයි.
    ඔක්කොම රසායනික අරිශ්ඨ කසාය තමයි

    • SL says:

      යුරියා වලයි නැනෝ නයිට්‍රිජන් වලයි නයිට්‍රිජන් ගසට නිදහස් කරන ක්‍රමවේදය වෙනස්, යුරියා නම 70% දියවෙලා වතුරේ ගහගෙන යනවා , නයිට්‍රිජන් කැට ෆෝර නම් ගසට ඕනේ විදියට නයිට්‍රිජන් නිදහස් වෙනවා .

      නමුත් අපිට ලැබෙන්නේ දියර පොහොර. ඒවා භාවිතාව ,කරන ක්‍රමවේදය ගැන කිසිම එකෙක් ඇවිත් අපිට කියල දෙන්නේ නැහැ , පොහොර මොනවද දෙන්නේ, කවද්ද දෙන්නේ කියල මොකෙක්වත් කියන්නේ නැහැ. ගොවි නියමක ල කියල කොටසක් ඉන්නවා උන් මොනවා කරනවාද කියල දන්නේ නැහැ.
      සමහරුන්ට කොම්පොස් පොහොර වලට මුදල් දුන්න කියල ඇමති කියනවා ,ලැබුණු දෙයක් විස්තරයක් නැහැ. මේක මහා උභතෝ කොටිකයක්, ගොවියට කිසිම උපදෙසක් හරියට ලැබෙන්නේ නැහැ . මේ පාරත් කුඹුරු වල අස්වැන්න නැතිවෙනවා

  2. Amaris says:

    රසායන විද්‍යව ( Chemestry ) දැනුමක් ඇති ඕනෑම කෙනෙක් දන්නව නැනෝ යූරියා සහ නැනෝ නයිට්‍රජන් අතර වෙනසක් නැතිබවත් ගුනාත්මක බාවවය නැනෝ යූරියා වල වැඩිබවත් මේ දෙකේම මිලගනන් සමාන බවත් .මේක තනිකරම ජනතාව මුලාකර මහජන මුදල් මහදවල් කොල්ලකෑමක් .මේවාට අනුබල දෙන මහාචාර්යල ජරාව කාල නිහඩව ඉන්නවා .

    • බයියා says:

      දෙකේ වෙනසක් නැත්නම් කොහොමද ගොනෝ එකක ගුණාත්මක භාවය වැඩියි කියන්නෙ

  3. කබරානන්ද says:

    චම්පික රණවක කියන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරුවෙක්. නයිට්‍රජන් වලින් තමයි යූරියා කොයි ඵකත් හදන්නේ. මූ දායි චම්පිකට නඩු. දාල බලහං.සාමාන්‍ය පෙළ ලියන ලමයෙක් ගෙන් උපදෙස් ලබා ගන්න නඩු දාන්න කලින් හොදේ.

  4. John the baptice says:

    මහින්දානන්ද පෙර පාසලට යැවිය යුතුයි.

    • Raajakeeya OBA says:

      මෙයා Royal එකේ ලු. වැඩිය ප්‍රශ්න දාන්න එපා. එක අවුරුද්ද අවුරුදු තුනක් කරපු කෙනෙක්, හොඳට ප්‍රෑක්ටිස් තියෙනවා

  5. මොලේ කොලොප්පන් says:

    ඔක්තෝබර් 23 වෙනිදා The Island පත්තරේට අනුව ගෙන්වන ලද්දේ නැනෝ යූරියා බවට සඳහන් වෙයි. ඉතින් මොකක්ද ගොන් මැට්ටෝ ප්‍රශ්නේ. දැන් හරි එක නෙමෙයිද ගෙනල්ලා තියෙන්නේ?. ගේන්න හිටිය එකක් ගෙනාවේ වෙන එකක්ද. දැන් අසූචි ප්‍රශ්නයට චූ ප්‍රශ්නයකුත් ඇවිල්ලාද?.
    https://island.lk/nitro-raja-magic-fertiliser-arrives/

    • wimalasena H.D. says:

      visandumak aavaa. enam kabarakataage katata p.c.r.riwwoth, ema goovalin kabarayage kate ethi kabara kaha-
      paata goovage paatakata ei. ekath ithin hondaineban kaluwalata vediya mole koloppan.

  6. 0.00069 BIYYO says:

    මූට නට් ලූස්.. 😀 😀
    මහින්දානන්ද තරමි අනුන්ට අපහාස, උපහාස කරපු කටහැකරයෙක් ඉතිහාසෙම ඉඳල නෑ. දැන් මුගේ බහින කලාව. දැන් මූ ගලේ පැහැරෑ බලලා වගේ.

  7. 0.00069 BIYYO says:

    This idiot does not know what he is talking!!!.. 😀 😀

    Question1;
    Can this donkey ensure that adequate extensive field and clinical trials have been conducted in Sri Lanka or even in any other country???????????
    High potential threat exist that our dear farmers will become guinea pigs for a mass scale trial of this Indian origin fertilizer
    Nano particles can pernitrates through skin, eye, ect since of it’s particle size so dear farmers please wear all your PPE without fail to ensure no secondary impacts !!!

    This idiot does not know what he is talking!!!

    Nano particles can pernitrates through skin, eye, ect so dear farmers please wear all your PPE without fail to ensure no secondary effect

Main News