ඉන්දියාවෙන් ගෙනා කහ කිලෝ 1379 ක් මන්නාරමේදී අත්අඩංගුවට…..

September 9, 2020 at 2:14 am | lanka C news
ඉන්දියාවෙන් ගෙනා කහ කිලෝ 1379 ක් මන්නාරමේදී අත්අඩංගුවට…..

මන්නාරම සාන්තිපුරම් ප්‍රධාන මාර්ගයේදී නීතිවිරෝධීව කහ කිලෝ 1379 ග්‍රෑම් 960 ක් වාහනයකින් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසයි.

මන්නාරම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව කුඩා ලොරි රථයකින් ශානිතිපුරම් ප්‍රධාන මාර්ගයේදී ධාවනය වෙමින් තිබියදී නවතා සිදු කරන ලද පරික්ෂා කිරීමකදී එහි සඟවා තිබූ කහ ගෝනි තොගයක් හමු වී ඇත.

අදාල කහ තොගයන් නීතිවිරෝධී අයුරින් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ඇති බවට අනාවරනය වීමෙන් පසුව සැකකරු හා අදාල කහතොගයන් සමග ලොරි රථයද අත්අඩංගුවට ගැනීමට මන්නාරම් පොලිස් නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකු වන අතර ඔහු මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද මන්නාරම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,993 views
Main News