ඉන්දියාවෙන් ගෙනා කේරල ගංජා මහ තොගයක් අල්ලයි…

September 22, 2021 at 6:59 pm | lanka C news
ඉන්දියාවෙන් ගෙනා කේරල ගංජා මහ තොගයක් අල්ලයි…

ඉන්දියවෙන් රැගෙන එන ලද රුපියල් මිලියන 68 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 228 ග්‍රෑම් 100ක්  මන්නාරම නරිවිල්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් විසින් නරිවිල්කුලම් මුහුදු වෙරලේදී පාමුර සංචාරයකදී අතහැර දමා තිබූ අදාල කේරල ගංජා තොගය සොයාගනු ලැබීය.

මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැකකෙරෙන කේරල ගංජා පවත්නා නිරෝධායන නීති අනුව ගිනිතබා විනාශ කිරීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,781 views

One Comment to “ඉන්දියාවෙන් ගෙනා කේරල ගංජා මහ තොගයක් අල්ලයි…”

  1. ගෞම් ඊයාරාජ් says:

    ඊයා බන් කේරල ගංජා , කවුද බං ඔය ජහජරාව බොන්නේ , ලෝකල් ටිකක් නං තව මීපැණියෙන් ඔතලා කනවා හෝ තදේට ඔතලා ඇටත් එක්ක උරලා දානවා මිසක් , සිය රට දේ සිරි සැප දේ නේ බං , අර කුබුක්කමා කියන විදියට ඔය ත්‍රෛලොක විජය පත්‍රය ඖශධයක් නොවැ.

Main News