ප‍්‍රතික්‍ෂෙප පොහොර නැව ආපසු ගේන්න පුළුවන් බාන්න බෑ.. බෑවත් රට ඇතුලට ගන්න බෑ..- කෘෂිකර්ම ලේකම්

October 21, 2021 at 12:02 am | lanka C news
ප‍්‍රතික්‍ෂෙප පොහොර නැව ආපසු ගේන්න පුළුවන් බාන්න බෑ.. බෑවත් රට ඇතුලට ගන්න බෑ..- කෘෂිකර්ම ලේකම්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද නැනෝ නයිට‍්‍රජන් දියරය නිෂ්පාදනයක් ලෙස ගතහොත් රසායනික ද‍්‍රව්‍යයක් බව කිසිවකුට කිව හැකි යයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත් ජයසිංහ මහතා සඳහන් කරයි.

නමුත් තමන් ඊට විරුද්ධ නොවන බවද කී ඔහු එහි ජීවී ද‍්‍රව්‍ය නැති නිසා එය අකාබනික ලෙසද පැවසිය හැකි යයිද කීය.

නමුත් සත්‍ය නම් මෙය විශේෂිත පොහොරක් බවත් යූරියා කිලෝග්‍රෑම් 50 ක කොට්ටයක් වෙනුවට මෙම දියරය මිලි ලීටර 500 ප්‍රමාණයක් ප‍්‍රමාණවත් යයිද පැවසීය.

දෙරණ රූපවාහිනියේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

එමෙන්ම වගාවන්හි වල් මර්දනය සඳහා අනුමත වල් නාශක අවශ්‍ය ප්‍රමාණයන් ගෙන්වීමට අවසර දීමට තීරණය කර ඇති බවද ඒ මහතා පැවැසීය.

අහිතකර බැක්ටීරියා තිබීම හේතුවෙන් ප්‍රතික්ෂේප කරන ලද පොහොර නෞකාව නැවතත් ශ්‍රී ලංකාව වල එන බවට තොරතුරු ඇතත් මුහුදේ නැවු ගමනාගමනය නැවැත්වීමට තමනට නොහැකි බවද ඔහු කීය.

එම පොහොර නැවත ගෙනාවද මෙරට ගොඩබෑමට නොහැකි බවත් ගොඩබෑවද රට තුලට ගැනීමට නොහැකි බවත් ඔහු තව දුරටත් එහිදී සඳහන් කළේය.

27,689 views

16 Comments to “ප‍්‍රතික්‍ෂෙප පොහොර නැව ආපසු ගේන්න පුළුවන් බාන්න බෑ.. බෑවත් රට ඇතුලට ගන්න බෑ..- කෘෂිකර්ම ලේකම්”

  1. Ajit says:

    ‘”ගොඩ බෑවද රට තුලට ගැනීමට නොහැකි” එතකොට ගොඩ බාන්නේ රටින් එළියෙන්ද. වරාය තියෙන්නේ රට ඇතුළෙ නෙමෙයිද.

  2. juan says:

    රට තුලට ගත්තත් කුබුරට දාන්න බෑ, කුබුරට දැම්මත් පොලවට මිශ්‍ර වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ, අපි දේශප්‍රේමී ආණ්ඩුවක්

  3. janaka says:

    බෑවත් වගාවන්ට දාාන්න බෑ.දැම්මත් ගෙඩි හැදෙන්න බෑ.හැදුනත් කන්න බෑ.කෑවත් දිරවන්න බෑ.දිරෙව්වත් මට තොගේ ටෝක් දිරවන්නේ නෑ.

  4. Sam says:

    පොහොර නැව අපි ව බලල යන්න වෙන්න ඇති එන්නෙ

Main News