ප‍්‍රතික්‍ෂෙප පොහොර නැව ආපසු ගේන්න පුළුවන් බාන්න බෑ.. බෑවත් රට ඇතුලට ගන්න බෑ..- කෘෂිකර්ම ලේකම්

October 21, 2021 at 12:02 am | lanka C news
ප‍්‍රතික්‍ෂෙප පොහොර නැව ආපසු ගේන්න පුළුවන් බාන්න බෑ.. බෑවත් රට ඇතුලට ගන්න බෑ..- කෘෂිකර්ම ලේකම්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද නැනෝ නයිට‍්‍රජන් දියරය නිෂ්පාදනයක් ලෙස ගතහොත් රසායනික ද‍්‍රව්‍යයක් බව කිසිවකුට කිව හැකි යයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත් ජයසිංහ මහතා සඳහන් කරයි.

නමුත් තමන් ඊට විරුද්ධ නොවන බවද කී ඔහු එහි ජීවී ද‍්‍රව්‍ය නැති නිසා එය අකාබනික ලෙසද පැවසිය හැකි යයිද කීය.

නමුත් සත්‍ය නම් මෙය විශේෂිත පොහොරක් බවත් යූරියා කිලෝග්‍රෑම් 50 ක කොට්ටයක් වෙනුවට මෙම දියරය මිලි ලීටර 500 ප්‍රමාණයක් ප‍්‍රමාණවත් යයිද පැවසීය.

දෙරණ රූපවාහිනියේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

එමෙන්ම වගාවන්හි වල් මර්දනය සඳහා අනුමත වල් නාශක අවශ්‍ය ප්‍රමාණයන් ගෙන්වීමට අවසර දීමට තීරණය කර ඇති බවද ඒ මහතා පැවැසීය.

අහිතකර බැක්ටීරියා තිබීම හේතුවෙන් ප්‍රතික්ෂේප කරන ලද පොහොර නෞකාව නැවතත් ශ්‍රී ලංකාව වල එන බවට තොරතුරු ඇතත් මුහුදේ නැවු ගමනාගමනය නැවැත්වීමට තමනට නොහැකි බවද ඔහු කීය.

එම පොහොර නැවත ගෙනාවද මෙරට ගොඩබෑමට නොහැකි බවත් ගොඩබෑවද රට තුලට ගැනීමට නොහැකි බවත් ඔහු තව දුරටත් එහිදී සඳහන් කළේය.

27,809 views

16 Comments to “ප‍්‍රතික්‍ෂෙප පොහොර නැව ආපසු ගේන්න පුළුවන් බාන්න බෑ.. බෑවත් රට ඇතුලට ගන්න බෑ..- කෘෂිකර්ම ලේකම්”

  1. ක්ලියෝපැට්රා says:

    මූ වැඩ්ඩෙක් බං, පේන්නෑද්ද කථාව.

  2. Nandasoma Suriyaarachchi says:

    බාන්න බැරි නම් මොන මගුලකටද ආයෙමත් මෙහෙ එන්නෙ…? බල බලා ඉඳල යවන්නද…..??

    • Ashan perera says:

      Ships yana yana port eke badu banne naha. Samara port warata gihin ewata awashya warhura endana ehema gannawa. Danne naththan essara wela hoyala balanna one

  3. rata perata says:

    Hey.you guys are already screwed up the entire fertiliser scenario. no way for proving excuses and try clear your hands. admit now. there is a issue and rectify the problem. you guys akeady shows your inability including the so called Minister as well.otherwise quit what you are doing as respectable officer. do not drag our sustainable agriculture and valuable farmers and the country into a misery.

  4. 3% ට බය බයියා. says:

    විරුවා පරදා ඔය කරන්න බැරි දේවල් ඔක්කොම කරලා කුඹුරුවලටත් ඕවා යනවා.ඒක නවත්වන්න විරුවන් ට බැහැ .

  5. ගමයා says:

    පෝර :– ගෙනාවාට බාන්න බෑ — බෑවාට රට ඇතුලට ගන්න බෑ – රට ඇතුලට ගත්තට බෙදන්න බෑ — බෙදුවට කුඹුරට ගහන්න බෑ — කුඹුරට ගැහුවට ගොයමට උරාගන්න අවසර නෑ — උරාගත්තට වී හදන්න බෑ — වී හැදුනට කන්න බෑ — ………….ම්. — කෑවට මැරෙන්න බෑ . මැරුණොත් නඩු දානවා , මැරුණ එකාව උල තියනවා .

  6. Saleem says:

    එම පොහොර නැවත ගෙනාවද මෙරට ගොඩබෑමට නොහැකි බවත් ගොඩබෑවද රට තුලට ගැනීමට නොහැකි බවත් …..

    ඉන්දියන් සාගරයේ අමුතුම ඇටයක් තමයි බංලා අපේ රට. ඊට පස්සේ කියයි රට තුලට ගෙනාවද ගොවිතැනට භාවිත කළ නොහැකි බවත්.. ගොවිතැනට භාවිත කළද අස්වැන්න නෙලා ගත නොහැකි බවත්.. අස්වැන්න නෙලා ගත්තද එම බෝග අලෙවි කළ නොහැකි බවත්..

  7. sam says:

    obathuma wagakimend kiyanne “කිලෝග්‍රෑම් 50 ක කොට්ටයක් වෙනුවට මෙම දියරය මිලි ලීටර 500 ප්‍රමාණයක් ප‍්‍රමාණවත් යයිද පැවසීය.”. Meyageth sudukam pariksha karanna wei wage. Ehema nathinam me news eka boruwak

  8. chl says:

    නැනෝ යූරියා යනු කාබනික කළ යූරියා. ඉතා සියුම් කාබනික අනුවක් (සයනොමයිඩ්) වටා යුරියා අනු පූට්ටු කර හදන දෙයක්. සාමාන්‍ය යුරියා වලට වඩා දහස් ගුණයක් පහසුවෙන් ශාක වලට උරා ගැනීමට හැකියි. සාමාන්‍ය යුරියා ආනයනයෙන් බාගයකට වඩා අහසට හානි වී යන නමුත් නැනෝ යුරියා එසේ වෙන්නෙ නැතුව භවිතා කළ හැකියි.

    • Susantha says:

      ප්‍රොෆසර් මහින්දානන්දද කිව්වෙ?, කාබ්බනික කියන්නෙ : කාබන් හ්යිට්‍රිජන් අඩන්ගු සංයෝගවලට අමෝනියා(NH3) කොහෙද ගොනෝ කාබන් තියෙන්නේ, නිශ්පාදනය කරන ආයතන්යම කියනවා මේක තනියම බාවිතා කල නොහැකි බව, වී ගොවිතනට නුසුදුසු බව, නිශ්පාදනය පටන් අරගෙනත් තව මාස 6 යි, කොහොමද දන්නේ එහි ගුන අගුන

  9. පුරවැසියා says:

    ඇටිකෙහෙල් කාපු උගුඩුවත් ඔය කථාවම කීව කියනවනේ
    මුලින්ම
    මම නම් ඕවා බලන්නේ වත් නැ
    බලුවය් කියලා මොකද අල්ලන්නේ නෑ
    ඇල්ලුවට කඩන්නේ නෑ
    කැඩුවට කන්නේ නෑ
    එකම එකක් කනවා ..එච්චරමය්
    ශිහ් කැවුනා ..දැන් ඉතින් නොකා වැඩක් නෑ , කනවා ඇතිවෙනකන්
    ඊට පස්සේ බෙටි දාගන්න බැරුව ඉන්නවා ..
    මේ මිනිස්සු ඒ වගේම තමා
    ගේන්න බෑ
    ගෙනාවත් බාන්න බෑ
    බෑවත් රට ඇතුලට ගන්න බෑ
    හොඳ නැත්නම් ,බාන්න නොදී ඉන්නපුළුවන්
    කොන්දක් නැති සට්ටඹිරාලලා ලොකු පුටුවලට දමන්නේ ඔය නිසා තමා

  10. පොඩි එකා says:

    එම පොහොර නැවත ගෙනාවද මෙරට ගොඩබෑමට නොහැකි බවත් ගොඩබෑවද රට තුලට ගැනීමට නොහැකි බවත් ගත්තද බෙදාදීම ට නොහැකි බවත් බෙදුවත් කුඹුරට දාන්ඩ බැරි බවත් දැම්මත් ලෙඩක් වෙන්නෙ නැති බවත් ලෙඩක් උනත් ඒක කොරෝනා නිසා ලෝකෙටම තියන එකක් බවත් ලේකෙට ම තිබ්බත් ලංකාවේ නැති බවත් ලංකාවෙ තිබ්බත් ඒක කාබනික බවත් කාබනික කිව්වට අකාබනික බවත් අකාබනික කියන්නෙ රසායනික බවත් රසායනික කියන්නෙ පරන එකට වඩා සැර බවත් සැර උනාට වකුගඩු අවුල් වෙන්නෙ නැහි බවත් උනත් ඒක මිනිස්සුංගෙ වරද බවත් වාගෙ තව කුනුහරුප ගොඩක් ඔහු තව දුරටත් එහිදී සඳහන් කළේය.

Main News