ඉන්දියාවෙන් ගෙනා නීතිවිරෝධී බීඩි තොගයක් ගිනිතබා විනාශ කරයි….

July 17, 2020 at 2:12 am | lanka C news
ඉන්දියාවෙන් ගෙනා නීතිවිරෝධී බීඩි තොගයක් ගිනිතබා විනාශ කරයි….

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් අත්අඩංගුවට පත් නීතිවිරෝධී බීඩි 132,000 ක් අධිකරණ නියෝගයකට අනුව ගිනිතබා විනාශ කල බවට යාපනය සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.

පසුගිය ජුනි මස 26 වනදා නිලධාරී යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු සමගින් අදාල නීතිවිරෝධී බීඩි තොගය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සුරාබදු නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.

අදාල බීඩි තොගය සැකකරුවන් විසින් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් දුකුණූ ප්‍රදෙශයට අලෙවි කිරීමට සැලසුම් කොට තිබූ බවටත් යාපනය සුරාබදු කොමසාරිස් වරයාගේද උපදෙස් අනුව අත්අඩංගුවට ගත් නීතිවිරෝධී බීඩි තොගය යාපනය කොම්පන් සුසාන භූමිය ආසන්නයේ ගිනිතබා විනාශ කිරීමට පියවර ගන්නා ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

86 views
Main News