ඉන්දියාවෙන් ගෙනා නීති විරෝධී බීඩි කොළ කිලෝ 751ක් සමග සැකකරුවන් 4ක් අත්අඩංගුවට…

March 13, 2019 at 2:20 am | lanka C news
ඉන්දියාවෙන් ගෙනා නීති විරෝධී බීඩි කොළ කිලෝ 751ක් සමග සැකකරුවන් 4ක් අත්අඩංගුවට…

මන්නාරම වැලිපර හතර ප්‍රදේශයේ මුහුදු තීරයේ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 751 ග්‍රෑම් 94 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

වැලිපර හතර සිට 07 දක්වා වූ ප්‍රදේශයේ මුහුදු තීරයේ නාවික හමුදා නිලධාරීන් විසින් සිදු කල සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ පාර්සල් 16 ක අදාල නීති විරෝධී බීඩි කොළ හමු වී ඇති අතර අදාල බීඩි කොළ පාර්සල් ගෙන ආ බවට සැක පිට සැකකරුවන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.

අදාල බීඩි කොළතොගය ඉන්දියාවේ සිට මන්නාරම් ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටි අතරම අත්අඩංගුවට ගනු ලැබූ බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු යොදා ඇති අතර සැකකරුවන් මන්නාරම් ප්‍රදේශයේ පදිංචි කරුවන් වෙයි.

කෙසේ වෙතත් මෙම වර්ෂයේදී (2019) ගතවූ දින කිහිපයේ පමණක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් 3404.21 ක ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,274 Viewers
Main News