ඉන්දියාවෙන් ගෙනා මත්පෙති 70,000 ක් මන්නාරමෙන් කොලඹට රැගෙන යද්දි අත්අඩංගුවට…

August 11, 2018 at 5:30 pm | lanka C news
ඉන්දියාවෙන් ගෙනා මත්පෙති 70,000 ක් මන්නාරමෙන් කොලඹට රැගෙන යද්දි අත්අඩංගුවට…

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට රැගෙනවිත් දකුණට බෙදාහැරීම සඳහා රැගෙන යමින් තිබු ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති 70,000 ක් ප්‍රවාහනය කළ තරුණයෙකු හා තරුණියෙකු අද (11) අළුයම සෙට්ටිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සෙට්ටිකුලම පොලීසිය කියා සිටියේය.

යාපනය දිසා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයට ලද තොරතුරක් මත සෙට්ටිකුලම පොලිසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදී අදාළ තරුණිය හා තරුණයා සුකෝපභෝගී මෝටර් රථයකින් ගමන් කිරමින් සිටියදී මෝටර් රථයද සමග අත්අඩංගුවට ගෙන ඇති බවද සෙට්ටිකුලම පොලීසිය පැවසුවේය.

මෝටර් රථය අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදු කරන ලද පරික්ෂා කිරීම් වලදී මෝටර් රථයේ පිටුපස සගවා තිබූ අදාල මත්පෙති තොගය පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 18 ක තරුණියක් හා වයස අවුරුදු 24 තරුණයෙකු වන අතර ඔවුන් මාතලේ සහ කැලණිය ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වෙයි.

අදාළ තරුණිය හා තරුණයා ඉන්දියාවේ සිට රැගෙන විත් සගාවාගෙන සිටි මන්නාරම ප්‍රදේශයේ ජාවාරම්කරුවන්ගෙන් මත්පෙති ලබාගෙන කොළඹ ඇතුළු ප්‍රදේශ වෙත බෙදා හැරීමට රැගෙනයමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද සෙට්ටිකුලම පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වවුනියාව සෙට්ටිකුලම පොලිසිය හා යාපනය දිසා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය විසින්  මන්නාරමෙන් ලබාගත් ජවාරම් කරුවන් සොයා වැඩිදුර පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

31 views

3 Comments to “ඉන්දියාවෙන් ගෙනා මත්පෙති 70,000 ක් මන්නාරමෙන් කොලඹට රැගෙන යද්දි අත්අඩංගුවට…”

  1. chandimani says:

    May be a part of the ETCA agreement. This government must responsible for this kind of transactions.

  2. Nim says:

    YAHAPALANA PETHI
    DAN SATHUTUDA?

  3. n.s fasions kurunegala says:

    india wanta to destroy all sri lankan and have indians here like fiji / Mauritius / uganda / kenya / trinidad and tobago / gayana etcc

Main News