ඉන්දියාවෙන් ගෙනා ලක්‍ෂ ගණනක හොර බීඩි තොගයක් අත්අඩංගුවට…

January 5, 2018 at 5:30 pm | lanka C news
ඉන්දියාවෙන් ගෙනා ලක්‍ෂ ගණනක හොර බීඩි තොගයක් අත්අඩංගුවට…

ඉන්දියාවේ සිට රුගෙන එනලද නීතිවිරෝධී රුපියල් ලක්ෂ 14 ක වටිනාකමකින් යුත් බීඩි තොගයක් ලග තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු වව්නියාවෙදී අත්අඩංගුවට ගෙන අද (05) දින වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට වවුනියවා සුරාබදු නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

අදාල නීතිවිරෝධී බීඩි තොගය පිළිබඳව වවුනියාව සුරාබදු නිලධාරීන්ට ඊයේ (04) දින ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් වව්නියාව බසාර් වීදියේදී වෙළඳසැල් කිහිපයක සිදුකළ හදීසි වැටලීමකදී වෙළඳසැල් 3ක තිබූ අදාල නීතිවිරෝධී බීඩි තොගය අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවෙන් ගෙනා ඇති අදාල බීඩි තොගය මෙරට අලෙවි කිරීම සඳහා ව්‍යාජ ලේබල් ගසා තිබුනු බවටද වවුනියාව සුරාබදු කාර්යාලයේ නිලධාරීන් කියා සිටියහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දිනයේදී වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර අදාල බීඩි තොගය වව්නියාවට රැගෙන ආ ආකාරය පිළිබඳවද පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට වව්නියාව සුරාබදු නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

36 views

3 Comments to “ඉන්දියාවෙන් ගෙනා ලක්‍ෂ ගණනක හොර බීඩි තොගයක් අත්අඩංගුවට…”

  1. බන්ඩා says:

    ලඟදිම ලංකාවෙ පාර අයිනෙ පුටුවක් තියාගන කොන්ඩෙ කපන ඉන්දියන් බාබර්ල දැක්කොත් පුදුම වෙන්න එපා. රනිල්/සිරිසේනගෙ යහපාලනය අපේ රට ඉන්දියාවෙ කොලනියක් කොරල ඉවරය්

    • rambanda says:

      ඉස්සෙල්ලා බීඩි එවලා පස්සෙ පාරිභෝගිකයො එයි

  2. බන්ඩා says:

    හොර බීඩි වලින් ඉන්දියන් අාක්‍රමණය නතර වෙන්නෙ නැහැ. ලඟදිම ලංකාවෙ පාරක් පාරක් අයිනෙ පුටුවක් තියාගන කොන්ඩෙ කපන ඉන්දියන් බාබර්ල දැක්කොත් පුදුම වෙන්න එපා. රනිල්/සිරිසේනගෙ යහපාලනය අපේ රටේ කෑලි ඉන්දියාවෙ සහ චීනෙ කොලනියක් කොරල ඉවරය්.

Main News