ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.5ක ණයක්.. කොන්දේසිය මිලදී ගැනීම් සියල්ල ඉන්දියාවෙන් පමණයි..

December 9, 2021 at 12:02 am | lanka C news
ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.5ක ණයක්.. කොන්දේසිය මිලදී ගැනීම් සියල්ල ඉන්දියාවෙන් පමණයි..

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන එක හමාරක ණය පහසුකමක් ලබාදීමට එකඟතාව පළකර තිබේ.

පිරිපහදු කළ ඉන්ධන, ඖෂධ අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීම සඳහා මෙම ණය පහසුකම් හිමි වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකම ලබාදෙන්නේ පිරිපහදු කළ ඉන්ධන මිලදී ගැනීම සඳහාය.

ඉතිරි ඇමරිකානු ඩොලර් බිලියන 1 ක මුදල ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම වෙනුවෙනි.

නමුත් මෙම ණය පහසුකම භාවිතා කළ හැකි වන්නේ ඉන්දීය නිෂ්පාදන මිලදී ගැනීමට පමණක් යයිද වාර්තා වෙයි.

89,735 views

21 Comments to “ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.5ක ණයක්.. කොන්දේසිය මිලදී ගැනීම් සියල්ල ඉන්දියාවෙන් පමණයි..”

  1. Dadoriya says:

    Indiyawa dhan gu bhatta da apita ghanna whanawa. Nisi Pramitayakin tora nispadana apita hawai. China naya indiyawata wada hodai.

  2. Gorilla says:

    Indiyawa dhan gu bhatta da apita ghanna whanawa. Nisi Pramitayakin tora nispadana apita hawai. China naya indiyawata wada hodai.

  3. N.Wimaladasa says:

    The current lone from Indian credit line that an imposed new Conditions to ONLY buy from Indian goods only ? Yes that is Indian of way of doing which trading with Sri Lanka..@ Nothing to be surprise …@

  4. Sagara says:

    දැන්වත් නියම මිලට ඉන්ධන මිල වැඩි කරපියව්. පෙට්‍රල් සහනය නිසා foot සයිකලෙන් යන එකාගෙත් බඩට වදිනවා.

Main News