ඉන්දියාවෙන් බිත්තර ගේන්නැයි යෝජනා.. රුපියල් 20ට විකිණිය හැකිලු…

August 12, 2022 at 12:40 pm | lanka C news
ඉන්දියාවෙන් බිත්තර ගේන්නැයි යෝජනා.. රුපියල් 20ට විකිණිය හැකිලු…

වෙළඳ පොල තුළ බිත්තර මිල සීග්‍රයෙන් ඉහළ යාම ඉතා අසාධාරණ තත්ත්වයක් බවත් එනිසා එම මිල පාලනය සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන ලෙසත් බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරන්නේ අද වන විට බිත්තරයක් මිලට ගැනීමට රුපියල් 55 ත් 60 ත් අතර මුදලක් වැය වෙන බවයි.

මෙම තත්ත්වය බේකරි හිමියන්ගේ නිෂ්පාදන කටයුතු කෙරෙහිද අහිතකර ලෙස බලපාන බවත් එය මෙරට ජනතාවගේ පෝෂණ තත්ත්වයටත් සෘජුව බලපාන බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව ඉන්දියාවෙන් බිත්තරයක් රුපියල් විස්සක් වැනි මුදලකට ආනයනය කළ හැකි බවත් පවසන ඔහු එලෙස බිත්තර ආනයනය කොට සහන මිලකට ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

39,572 views

19 Comments to “ඉන්දියාවෙන් බිත්තර ගේන්නැයි යෝජනා.. රුපියල් 20ට විකිණිය හැකිලු…”

  1. sanath says:

    don’t import eggs.
    it might be a factor for $ issue.
    we should give change to our people.

  2. nim says:

    කුකුලන්ට නිකන් ද කැම දෙන්නේ . ඒවා වැඩි වෙලා නැද්ද ? ඒවාට $ තියෙනවද ? බේකරි නිෂ්පාදන සේ රම ඉන්දියාවෙන් ගේ මු . ගොන් වස් සෝ . කුකුලන් හා බිත්තර කරන්නෙත් උබල වගේ ම කට්ටියක් . බේකරි විතරක් ඇ ති අනික් උන්ට කෙල කරලා

  3. කඩ කාරයෝ මිනිස්සුන්ව හූරගෙනම කනවා says:

    අනිවරෙන්ම බිත්තර ගෙන්විය යුතුයි කඩ කාරයෝ මිනිස්සුන්ව හූරගෙනම කනවා

  4. S.Vitharana says:

    බේකරි හිමියනි, පානුත් ඉන්දියාවටම විකුනමු

  5. Sahas says:

    තොගේ නාකි මහ එකීගේ ජංගියත්
    ඉන්දියාවෙන් ගෙන්න ගනින් 👍

  6. දරපාන් says:

    මේක හොඳ අදහසක්. විදෙස් සංචිත සැහෙන ප්‍රමාණයක් රටට ඉතිරි කරගන්න පුළුවන්. බේකරි නිෂ්පාදනත් ඉන්දියාවෙන්ම ගෙන්නුවානම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. කාටවත් නෑනේ මේ වගේ මොළයක්. මොළ හතක් තිබ්බත් වැඩක් නෑ..

Main News