ඉන්දියාවෙන් මාස එකහමාරකට තෙල් ණයට… මාස එකහමාරකින් ගෙවිය යුතුයි..

January 19, 2022 at 3:00 pm | lanka C news

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඩොලර් මිලියන 500ක ඉන්ධන ප්‍රමාණය ශ්‍රී ලංකාවේ මාස එක හමාරක ඉන්ධන අවශ්‍යතාවය සැපිරීමට ප්‍රමාණවත් යයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රකාශකයෙක් පැවසීය.

මෙරට වාහන ධාවනයට සහ විදුලිය නිපදවීමට මසකට ඩොලර් මිලියන 440ක පමණ ඉන්ධන ප්‍රමාණවත් වෙයි.

වාහන ධාවනයට මිලියන 400ක සහ විදුලිය නිෂ්පාදනයට මිලියන 40ක පමණ ඉන්ධන මසකට අවශ්‍ය වේ.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට පොරොන්දු වී ඇත්තේ මූල්‍යමය ණයක් නොව ඉන්ධන බවත් ඒ අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දෙන අතර මාස එකහමාරකින් පසුව එම ණය සහ පොලී වාරික වශයෙන් ගෙවීමට සිදුවන බවද එම ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.

20,225 views

7 Comments to “ඉන්දියාවෙන් මාස එකහමාරකට තෙල් ණයට… මාස එකහමාරකින් ගෙවිය යුතුයි..”

  1. Jagath says:

    දැන් නම් වැඩේ අමාරුයි වගේ. ගේමක් ගහන්න බැරි හැඩයි. 😄

  2. රට රකින කෙනෙක් වෙනම් says:

    91 Octane සාදරයෙන් පළිගනිමු..🙏🙏🙏
    ජපන් කාර්, යුරෝපා කාර් වලට අබ සරණයි..🙏🙏

  3. Sri Lankan says:

    If the core issue is lack of foreign currency as claimed by the Government then the only option is to devalue the Rupee and encourage more remittances thru the banking system.

    This Government is clueless and living by the day hoping tomorrow will be better.

  4. චන්ද දායක says:

    මහා ලොකු ශ්‍රේෂ්ඨ ඉතහාසයක් ගැනයි ,ප්‍රෞඩත්වක් ගැනයි කයිවාරු ගහ ගහ හිඟා කනවා. අන්න චීනයෙන් හාල් වගයකුත් නොමිලේ දීලා. ලැජ්ජයි හලෝ.

  5. බන්ඩා says:

    ලක්ෂ 15 ක රාජ්‍ය සේවකයන් අකාර්යක්ෂමව පඩි ගන්නවා. නිකරැනේ වාහන වල යනවා එතනය් ප්‍රශ්ණය.

  6. කොළඹ බයියා says:

    Immediately go for a PPP arrangement with a foreign party/ies that could import oil for generating and providimg electricity on a 51%, 49% arrangements and remove subsidy. Only alternative available at this juncture.

  7. baමුනා says:

    හෙට අනිද්දා වෙනකොට වටේ ඉන්න රටවල් ටික උයලා බත් පාර්සල් ගෙනැල්ලා දෙන සීන් එකක් තියෙන්නේ..

Main News