ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට රාජතාන්ත‍්‍රික අභියෝගයක්.. නි. මහ කොමසාරිස් යාපනේ කොටි සමරුවකට යයි.. කොටි සංකේත පලදියි..

November 23, 2021 at 10:00 am | lanka C news
ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට රාජතාන්ත‍්‍රික අභියෝගයක්.. නි. මහ කොමසාරිස් යාපනේ කොටි සමරුවකට යයි.. කොටි සංකේත පලදියි..

යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප‍්‍රධානී මෙරට ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේෂ් නට්රාජ් ජයබාස්කරන් මහතා විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කල පුෂ්පය වන නියගලා මලක් පැළඳ ගනිමින් යාපනයේ මල්පැල් තවානක් විවෘත කිරීමේ සහ පැල බෙදා දීමේ උත්සව අවස්ථාවකට සහභාගි වී තිබේ.

යාපනය නල්ලූර්හි පිහිටි ‘කිට්ටු’ හෙවත් සංගිලියන් උද්‍යානයේදී පසුගිය 20 වැනිදා පෙරවරුවේ මෙම උත්සවය පැවැත්වී ඇති අතර එහිදී නොවැම්බර් මාසයට යෙදී ඇති පැල සිටුවීමේ මාසය නිමිති කරගනිමින් දෙමළ ජාතික හරිත ව්‍යාපාරය විසින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි.

උතුරු පළාත් හිටපු කෘෂිකර්ම ඇමැති පොන්නතුරෙයි ඓන්කරනේෂන් ප්‍රධානත්වයෙන් සංගිලියන් උද්‍යානයේ සංවිධානය කර තිබූ මෙම වැඩසටහන වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වී ඇත්තේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නටරාජ් ජයබාස්කරන් මහතාය.

එහිදී ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ඇතුළු ආරාධියන්ට කොටි සිංවිධානයේ පුෂ්පය වන නියගලා මලක් පළන්දවා සංවිධායකයන් විසින් ඔවුන් පිළිගෙන තිබුණි.

අනතුරුව සංවිධානය කොට තිබූ පැල බෙදාදීමේ වැඩසටහනටද නියඟලා මලද සමගින් ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා සහභාගී විය.

මෙම වැඩසටහන 20 වනදා සිටි 26 වනදා දක්වා සංගිලියන් උද්‍යානයේදී පැවත්වෙන අතරම කොටි සංවිධානයේ මහවිරු සතියද එදිනයන්ට යෙදී තිබීම විශේෂත්වයකි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

75,772 views

25 Comments to “ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට රාජතාන්ත‍්‍රික අභියෝගයක්.. නි. මහ කොමසාරිස් යාපනේ කොටි සමරුවකට යයි.. කොටි සංකේත පලදියි..”

  1. හිඟමන says:

    පසුගිය රජය සමයේ ඉතා පොඩි සිදුවීමකට පවා විශාල ලෙස කතා කල වත්මන් පොලිසිය බාර ගරු සරත් වීරසේකර මැතිතුමා මේ වෙලාවේ කියන්නේ මොකක්ද ? මා ඔබට චන්ද දුන් චන්ද දායකයෙකු ලෙස මට දැන් ඔබ ගැන ඇත්තේ පිළිකුලකි.

    • daya says:

      ඔයා වගේ උන් පොහොට්ටුවට නොදී සීනුවට දුන්නනම් හොඳයි.

  2. ලසා says:

    නියගලා මලක් ඕන එකෙකුට පලදින්න බැරිද යකෝ.නියගලා මල ගහන්න තිඛුනේ මේක ලියපු එකාගේ පුපේ..

  3. LION says:

    රෝ ඔත්තු සේවය පාලනය කරන යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ වස දැමිය යුතුය.

  4. 3% ට බය බයියා. says:

    රට රරකින අපේ විරුවා

  5. Banda says:

    Lion mahathayo …..deng monawade karande oney Indian mahakomasaris eke wahala indiawath ekke oyate yudayate yanne oneyde ….Indiyawe ade kohede kiyala dannewade? Lokeye pasweni lokume arthikeye…lokeye hathereweni lokume arthikeye….
    Modi kawude kiyala dannewade ? Lokeme balawath me nayakeya ….nikang gong talk danney nethuwe katai pukai wahagene innewa.

  6. Gamini Abaya says:

    Dear Indian friends do not forget that Sri Lanka is a sovereign country and do not make Muppet show in there.

Leave a Comment

Main News