ඉන්දියාවෙන් හොර රහසෙන් මන්නාරමට ගෙනා කහ කිලෝ 902 ක් නාවික හමුදා භාරයට….
October 5, 2020 at 2:09 am | lanka C news
මන්නාරම තාල්පාඩු මුහුදු ප්රදේශයේ නීතිවිරෝධීව ප්රවාහනය කරමින් තිබූ කහ කිලෝ 818 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මන්නාරම තාල්පාඩු මුහුදු තීරයේදී සිදු කරන ලද සෝදිසි මුර සිංචාරයකදී අදාල කහ කැබලි තොගය ඩිංගි යාත්රාවකින් පවාහනය කරමින් සිටි සැකකරුවන් දෙනෙකෙු සමගින් කහකෑලි අඩුංගු ගෝනි 19 කට අයත් අයත් කහ කෑලි කිලෝ 902 ක ප්රමාණයක් අත්අඩංගුවට ගනු ලැබීය.
අදාල කහ තොගය ඉන්දියාවේ සිට මහුදු මාර්ගයෙන් අනවසරයෙන් රැගෙන විත් මන්නාරමේ සිට දකුණු ප්රදේශයට ඇතුලු ප්රදේශයන් රැසකට අලෙවි කිරීමට ජාවාරම් කරුවන් විසින් සැලසුම් කරන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.
මෙලෙස සොයාගත් කහ තොගය රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමින් යුතු වන අතර එම කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ