ඉන්දියාවේ විරෝධතාකරුවන්ට සහායට යාපනයේත් විරෝධතා..

January 30, 2021 at 8:40 am | lanka C news
ඉන්දියාවේ විරෝධතාකරුවන්ට සහායට යාපනයේත් විරෝධතා..

ඉන්දියාවේ ගොවීන් විසින් මේ දිනවල සිදු කරනු ලබන විරෝධතා අරගලයට සහය දැක්වීමක් වශයෙන් ඉන්දීය ගොවීන්ට සාධාරණයක් ලබා දෙන ලෙස ඉල්ලා යාපනය බස් නැවතුම්පල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.

ඉන්දු ශ්‍රීලංකා ජනසහයෝගිතාවය සහ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපරයේ සාමාජිකයින් එක්ව මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබූණි.

එහිදී උද්ඝෝෂකයින් වැඩි දුරටත් කියා සිටියේ,

‘ඉන්දියාවේ සාමාන්‍ය ගොවි ජනතාවගේ ඉඩම් බහු ජාතික සමාගම් වෙනුවෙන් ලබාදීම මෙන්ම ඉන්දීය රජය විසින් සම්මත කරගෙන ඇති ගොවි පනත් නීති දැඩි ලෙස හෙලා දකිමින් එම ගොවි පනත් හකුලා ගන්නා ලෙසට ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත ගොවීන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙසට තමන්ද ඉන්දීය රජයට බලකරන ලෙසටය.

එමෙන්ම ඉන්දීයාවේ ලෙසින් ශ්‍රීලංකාව තුලද බහුජාතික සමාගම් වෙනුවෙන් උතුරු නැගෙනහිර ඉඩම් ලබාදීමේ සූදානමක් පවතින බැවින් එවැනි සූදානමකට එරෙහිව උතුරු නැගෙනහිර ජනතාව දැනුවත් කිරීමටද තමන් පියවර ගන්නා බවට උද්ඝෝෂකයින් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,052 views

3 Comments to “ඉන්දියාවේ විරෝධතාකරුවන්ට සහායට යාපනයේත් විරෝධතා..”

  1. kamal says:

    බුදු හාමුදුරුවන්ට වඩා දන්න කෙනෙක් මේ විශ්වයේ නැ.
    අභිධර්මයේ දේශනා වල සන්තති ඝනය මගින් රුපය වෙනස් විම එකවිට සිදු නොවන බැවින් රුපය පවතින ආකාරයක් පවති. රුප කලාප සියල්ලම එකවිට වෙනස් විම සිදුවේ නම් එය දර්ශනය වේ. නමුත් රුප කලාප වෙනස් වන බව අවබෝධය ගත යුතුයි. සමුහ ඝනය මගින් වැලිගොඩක වැලි ඇටයක් දර්ශනය නොවන්නා මෙන් රුප කලාපයක් දර්ශනය නොවේ එහි එකතුවක් දර්ශනය වේ. අවසාන ඝනය නැතිනම් අවබෝධයට එකග නොවන ඝනය කෘති්‍යය ඝනයයි. එහිදි සෝවාන් ශ්‍රාවකයා විසින් ප්‍රාණගාතයට සම්බන්ධ අකුසලයක් නොකරන නමුත් විවිධ දුෂ්කරතා නිසා සතුන් මැරිම සිදු විය හැක. ප්‍රාණගාතය සම්බන්ධ විමට සිලබ්බත පරාමාස කැල්ල වන චෙතනාව පහල විය යුතුයි. නමුත් ඇහෙන් දකිද්දි එක කෘති්‍යයක් බාල්දිය උස්සද්දි තව කෘති්‍යයක් නාද්දි තව කෘති්‍යයක්. කුබියා ඇහෙන් දැක්කට නාද්දි වෙන කෘති්‍යයක් වන අතර නාද්දි කඩියා මැරිමේ චෙතනාවක් නැත.නමුත් සෝවාන් ශ්‍රාවකයා විසින් දස අකුසල් සිදුනොවන බව දරාගන්න. නිගණ්ඩනාථ පුත්තගේ නෙවෙයි බුදු හාමුදරුවන්ගේ සරණ යන්න. සියලු සත්තු කෙරෙහි කරුණාව දක්වන්න නමුත් සිලබ්බත පරාමාස නැත්තම් කෘති්‍යය ඝනය අවබෝධය අමාරුයි.

    • Gonsun says:

      Kamalo, Mama Andara Demala ( Aandra Prdesh Demala)dannawa, namuth numbe oya andara demala budu desum danne nehe. Ekaka Kiyannam, “See Labbatha” nova, Labba gena nam dannawa, Kese ho, paticca samuppadaya danna bevin, Avijjawa yanu “Nivana gena nodeneema”, Nivanata Magak ethibawa nodeneema”bava prathyakshayen danimi. Oyage oya Andara demala navathwannako.

  2. Helaya says:

    යාපනේ එවුන් හිතන්නේ, යාපනේ කියන්නේ ඉන්දියාවේ කැල්ලක් කියලා

    ඔය වගේම ක්‍රියා කලාප බලන්න පුලුවන්න අහවල් ජාතියේ එවුන්ගේනුත්

Main News