ඉන්දියාවේ ප්‍රධානත්වයෙන් උතුරු නැගෙනහිරට ජනමත විචාරනයක් ඉල්ලයි…

February 10, 2021 at 3:24 am | lanka C news
ඉන්දියාවේ ප්‍රධානත්වයෙන් උතුරු නැගෙනහිරට ජනමත විචාරනයක් ඉල්ලයි…

ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් ස්ථීර දේශපාලන විසඳුමක් ලබාගැනීමට නම් ඉන්දියාවේ මැදිහත්වීම මත උතුරු නැගෙනහිර පළාත්වල ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව පාර් ලිමේන්තු මන්ත්‍රී තමිල් මක්කල් කූට්ටනී පක්ෂ නායක සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.

විග්නේෂ්වරන් මහතා මේ බව පෙන්වා දී ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

‘‘ඉන්දියාව සම්බන්ධයෙන් මා මෙතෙක් කාලයක් පැවසු දෙයම අද සිදුවී තිබේ. එදා සිට අද දක්වාම මෙරට ආණ්ඩු විසින් ඉන්දියාව රවටමින් සිටී. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ද සිදුව ඇත්තේ එයයි. ජීනීවා මානව හිමිකම් කවුන්සල සැසිවාරයෙන් පසුව එය සිදුවනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. මෙවර එය ටිකක් වේලාසනම  සිදුව ඇත. යාපනය  ආසන්නයේ පිහිටි දුපත් තුනක් බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන්  චීනයට ලබාදී ඇති මාධ්‍ය වාර්තා කරයි. එය සැබැවින්ම බරපතල කාරණයකි.

එබැවින් ඉදිරියටවත් ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව තමන්ගේ විශ්වාසදායකයින් බව සිතා ඔවුන්ගේ නිජබිම වන උතුරු නැගෙනහිර පළාත් වල බලය ඔවුන්ට තහවුරු කරදෙමින් ඉන්දයාව තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කර ගත යුතු යැයි ඉල්ලා සිටිමි.

ඉන්දියාවේ දකුණු ප්‍රදේශය සුරක්ෂිතව පැවතිය යුතු නම් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් දෙමළ ජනතාවට උපරිම බලතල ලැබී එහි පාලනය සිදුවිය යුතුය. එය සනාථ වන ආකාරයෙන් දෙමළ ජනතාවට ඔවුන් නියෝජනය වන ආකාරයේ තිරසාර දේශපාලන විසඳුමක් ලබා ගැනීම සඳහා වන ජනමත විචාරණයක් ජාත්‍යන්තර මැදිහත්වීම මත පැවැත්වීමට ඉන්දියාව මුලිකත්වය ගෙන කටයුතු කළ යුතුය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සිදුවු දෙයම හෙට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද සිදුවිය හැකියි. ඒකීය රාජ්‍යය යටතේ මෙවැනි දේවල් කවර අවස්ථාවක වුවද සිදුවිය හැකි බව ඉන්දියාව අවබෝධ කර ගත යුතුය.

1987 වසරේදි ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාවේදි ශ්‍රී ලංකාවේ පළාත් වලටත් ඉන්දියාවේ ප්‍රාන්ත රජයන්ට ලබාදී ඇති බලතලම ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිණි. නමුත් ජේ . ආර් ජයවර්ධන ඒ සියල්ල වෙනස් කර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමම්ත කර ගනු ලැබීය. පසුව බලයට පත් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් ඔහුට වැඩි පියවරක් ඉදිරියට ගොස් පළාත් ලේකම්වරන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ග්‍රාම නිළධාරිවරුන් පළාත් බලතල වලින් ඉවත් කර මධ්‍යම රජය යටතට අනුයුක්ත කරනු ලැබීය.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ලබාදී ඇති ඉතා අල්ප බලතල වන ඉඩම්, පොලිස් බලතල පවා සිංහල ආණ්ඩු විසින් ලබාදීමක් සිදු කර නැත. සිංහල ආණ්ඩු යනු ලණුදීමෙහිලා  සක්විති රජවරුන්ය. මෙය ඉන්දියාව තේරුම් ගත යුතුය. ඔවුන් තමන්ගේ කාර්යය ඉටුවන තෙක් කකුල අල්ලති. එයින් පසුව බෙල්ල අල්ලති. ඉන්දියාවත් ශ්‍රි ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාවත් එකිනෙකාට උපකාර කර නොගන්නේ නම් එය දෙපාර්ශවයට එකම ඉරණමක් අත් කර දෙනු ඇත. යනුවෙනි

– වන්නි රොමේෂ් මධුෂංඛ

38,234 views

20 Comments to “ඉන්දියාවේ ප්‍රධානත්වයෙන් උතුරු නැගෙනහිරට ජනමත විචාරනයක් ඉල්ලයි…”

  1. NAK says:

    ඔවි විග්නෙෂ්වරන් අපි ජනමත විචාරනයක් තියමු හැබැයි ඒ මුලු ලංකාවටමයි නැතිව ‍තෝරා ගත් ප්‍රදේශ කහිපයකට නොවෙි කැමති නම් කියන්න

    • sanath says:

      අනිවාර්යයෙන් ….එක එක නයි පනික්කියන්ට ඕන විදිහට නෙවෙයි…රටේම ජනතාව ගෙ තීරණයක් වෙන්න ඕනෙ.
      අපෙ පාර්ලිමේන්තුවෙ ඉන්න ගොබ්බයො ඒකටත් නැමිල දෙයිද දන් නෑ…වතුර ප්‍රශ්ණයකට දුන්න ගොන් උත්තරේ නිසා මිනී වලලන්න අගමැටි අවසර දුන්න වගෙ.

  2. GAMINI SENANAYAKE says:

    30/1විරුද්ධ වීම ජාතිවාදී ආගම්වාදී පදනමකින් ආණ්ඩුව හැදීම, සුළු ජාතිකයින්ට නොසැලකීම, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව රට පාලනය කිරීම, නීත ආධිපත්‍ය විනාශ කිරීම. රටේ සියලු කාරණා දේශපාලන පක්ෂයක්, පවුලක් විසින් තීරණය කිරීම, සාධාරණ රජයේ නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම, පුද්ගල අතුරුදන්වීම්, පාස්කු ප්‍රහාරය වගේ දේවල් සම්බන්ධයෙන් නිසි විමර්ශන නොපැවැත්වීම, දේශපාලන පළිගැනීම් සිදු කෙරෙන කිරීම මගින් නීතිය අභියෝගයට ලක් කිරීම,වගේ කාරණා හින්දා තමයි මේවා සිද්ධ වෙන්නේ. නැත්තං ඉන්දියාව විරුද්ධ වුණත් රටට කෙලින් ඉන්න පුළුවන්කම තියෙනවා. තමුන්ගේ වැරදි වහගන්න ගියාම, ලෝකයේ ඉන්න හැම එකාගෙම ගොදුරු බවට පත්වෙනවා.

  3. රෝ says:

    හරි චන්දයක් තියමු, හැබැයි චන්ද ඕන එවුන් ඉන්දියාවට යමල්ල. ගිහින් එහේ චන්ද බැරි නං බෑන් චූන් කරපල්ල.

  4. Andtmt says:

    Ow thiyamu habai mulu lanakwema mokada anith palatwala janaya wenwenta kamathi nam pamanak awulak naha anith palathwala inna samaharak wen wenna ona nam e ayatath oya kiyana eeniya nija bimatama yanna pulywan mokada me tharam kuda rata bedanna kamathi kattiya me kuda ratata wadak naha kohomathma kamathida judge cvigee ?

  5. රට වැසිය says:

    සිංහල ආන්ඩුව යනු ලනු දීමෙහිලා සක්විති රජවරුන්ය..😁😂💓

  6. ශාම් says:

    ඉන්දියාව මොකටද අපේ රටේ පරිපාලනයට මැදිහත් වෙන්නෙ?? විග්නේශ්වරන් බූරුවෙක් ද මේක වෙනම් රටක් කියලා වත් නොතේරෙන්න? අපේ ආන්ඩුවෙ ඉන්න ගොබ්බසේනලාටත් කීයක් හරි දෙනවා කිව්වොත් ඒකත් නොකර ඉන්න එකක් නෑ.. ලනු දෙන්න රජවරු.. ඉතින් මොකටද ලනු කන්න එන්නෙ? රජීව් ගාන්ධිටත් කෙලලා ඇරියෙ ලන්කාවෙ දෙමෙල්ලු කියලා ඉන්දියාව මතක තියා ගත්තොත් හොදයි..

Main News