‘ඉන්දියාවේ මෙන් දරසෑ ද, සමූහ මිනී වලවල්ද, ටයර් සෑයවල්ද යොදා ගැනීමට වනු ඇති..’- නගරාධිපති අනාගත වාක්‍යයක් කියයි..

August 19, 2021 at 6:19 am | lanka C news
‘ඉන්දියාවේ මෙන් දරසෑ ද, සමූහ මිනී වලවල්ද, ටයර් සෑයවල්ද යොදා ගැනීමට වනු ඇති..’- නගරාධිපති අනාගත වාක්‍යයක් කියයි..

‘ලංකා සී නිවුස්’ වෙබ් අඩවියේ පළ වූ පුවතක් සම්බන්ධයෙන් පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පැහැදිලි කිරීමක් කරමින් තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබා තිබේ.

එම සම්පූර්ණ සටහන මෙසේය.

******

ලංකා C නිවුස් හී පලකර ඇති මේ ප්‍රවෘතිය , එක්තරා මාධ්‍ය ආයතනයක මාධ්‍ය මිතුරෙකු මා වෙත , බොහෝකලකට පසුව දුරකථන ඇමතුමක් දුන් විට පෞද්ගළිකව මා ඔහුට කී කතාවකි.

සැබැවින්ම මා ඔහුට කීවේ කෝවිඩ් තත්වය වර්ධනය වෙමින් යන වේගය සහ මරණ ගණන වැඩිවෙමින් පවතින වේගය අනුව ඉදිරියේදී ආදාහනාගාරවල ධාරිතාවය ප්‍රමාණවත් විය නොහැකි නිසා ඉන්දියාවේ සහ තවත් සමහර රටවල මෙන් දරසෑ ද යොදාගැනීමට සිදුවිය හැකි බව සහ තවදුර තත්වය වර්ධනය වුවහොත් සමූහ මිණීවලවල් සහ ටයර්ද යොදාගැනීමට සිදුවිය හැකි බවයි.

පානදුර නගර සභා ආදාහනාගාරයට එන මරණ සංඛ්‍යාව දැනටමත් ඔරොත්තු නොදෙන අතර භූමදානය කිරීම සඳහාද ප්‍රමාණවත් ඉඩක් නැති බව වැඩිදුරටත් ඔහුගේ විමසීම් අනුව කීවෙමි.

පානදුර MOH මගින් සතියකට දින තුනක් පළමු පෙළ ආශ්‍රිතයන් උපයෝගීකොට ගණිමින් කරමින් සිටින RAT පරීක්ෂා වලට අනුව ඉන් 40% ක් පමණ ආසාධිතව ඇතිබව හෙළිදරව්වී ඇති අතර , අහඹු තෝරාගැනීම් මගින් පරීක්ෂා කලහොත් එය ඊට වඩා ඉහළ යා හැකි බව ද ඊයේ මා කල විමසීමකදී MOH කාර්‍යාලයේ ප්‍රකාශකයකු විසින් තහවුරු කරණ ලදී.

මේ තත්වයන් තවදුරටත් අරාජිකව සහ අපාලිතව වර්ධනය වෙමින් පවතින නිසා පෙර මා සඳහන් කල තත්වයන් ඇතිනොවිය හැකියැයි කිසිවකුට හෝ තහවුරු කලනොහැකි බව මා නැවත කීමට කැමැත්තෙමි.

එමෙන්ම එය මේ මොහොතේ තත්වය නොවන බවත් , එය මගේ අත්දැකීම්වලට දැනෙන පරිදි කියන ලද අනාගත වාක්‍යයක් වන බවත් කීමටද කැමැත්තෙමි.

මේ ප්‍රකාශයෙන් කලබල වී ඇති නිලධාරී සහ දේශපාලක මහත්වරු කල යුතුව ඇත්තේ මගේ ප්‍රකාෂයේ ගුණ දොස් විශ්ලේෂණය කිරීම පසෙක තබා අප ඉදිරියේ එන මේ බියකරු අභියෝගයට මුහුණදීම සඳහා විසඳුම් සෙවීම බව ද ඉතා දැඩිව අවධාරණය කිරීමට කැමැත්තෙමි..!!!

සියළු සත්වයෝ
නිදුක් වෙත්වා .!
නීරෝගී වෙත්වා .!!
සුවපත් වෙත්වා ..!!!
දුකින් මිදෙත්වා..!!!!

44,925 views

19 Comments to “‘ඉන්දියාවේ මෙන් දරසෑ ද, සමූහ මිනී වලවල්ද, ටයර් සෑයවල්ද යොදා ගැනීමට වනු ඇති..’- නගරාධිපති අනාගත වාක්‍යයක් කියයි..”

  1. Silva says:

    ජෝසප් ස්ටාලින් රටපුරාම උද්ඝෝෂණ පෙලපාලි තියලා කොවිඩ් බෝකලා. Ngo ස්ටාලින් ඩොලර් මිටි ගනන් හොයාගත්ත .ස්ටාලින්ගේ බහට රැවටිලා උගේ පස්සේ ගිය ගුරුවරුන් , විදුහල්පතිවරුන් හිස් අතින් ගෙදර ගියා. කොවිඩ් බෝකර ගත්තා. අහල පහල හැමෝටම කොවිඩ් බෝකලා. රටම විනාශ කලා.

  2. Karunarathna says:

    කැමති අය වහගන්න..කැමති අය ගෙව්ල් වලට වෙලා ඉන්න.. ආරක්ශා වෙන එක තමන්ගෙ අයිතිය.. හැබැයි අනිත් මිනිස්සුන්ව ගෙවල්වල හිරකරන්න බලපෑම් කරන්න එපා.. අනිත් මිනිස්සුන්ව බලෙන් ආරක්ශා කරන්න හදන්න එපා.. ලෙඩ වෙන මනුස්සයා ලෙඩ වෙනවා.. සර්ව සම්පූර්ණ සාදාරණ ලෝකයක් කොහෙවත් නෑ

  3. චන්ඩි කොල්ලා says:

    අනේ මුගේ අනාගතවාක්‍ය්‍! ජේ.වී.පි. එකෙන් ජනාධිපතිවරණයට ඡන්දෙ ඉල්ලපු මු දැන් යු.එන්.පී. එකෙන් පානදුර නගරාධිපති. මාර ප්‍රතිපත්තිගරුක පොරක්! මුන් ඔක්කොම එන්ජීඕ සල්ලිවලට නැටවෙන රටට කෙලවෙනකම් බලන් ඉන්න හොර තක්කඩි!

  4. මම 69 න් එකෙකී. says:

    අපේ රටෙ මිනිස්සු පළ කරන අදහස් ඇත්ත වූවත් බොරු වූවත් ඒක පිටිපස්සේ තියෙන්නේ තමන් කැමති දේශපාලන පක්ෂයට අවස්ථාව ලබා ගැනීමට ඇති කැමැත්ත.

  5. Sam says:

    එල එල.. ආසයි ගිය අන ගැන..