ඉන්දියාවේ විකුණන්න තහනම් කල වාහන තොග පිටින් ලංකාවට.. ඉන්දීය වාහන ගන්නේ බලාගෙනයි..

April 8, 2017 at 3:23 am | lanka C news
ඉන්දියාවේ විකුණන්න තහනම් කල වාහන තොග පිටින් ලංකාවට.. ඉන්දීය වාහන ගන්නේ බලාගෙනයි..

BSIII වායුවිමෝචන පරිසාධන මට්ටමේ පවතින මෝටර් රථ අලෙවිය 2017 අප්‍රේල් 01 දින සිට තහනම් කරමින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා දෙන ලද නියෝගයත් සමඟම ඉන්දියාවේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් රැසක් බරපතළ ගැටළුවකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.

මේ අනුව දැනට නිෂ්පාදනයෙන් අනතුරුව ප්‍රදර්ශනාගාර මට්ටමේ පවතින වාහන තොග ගණනාවක් ඉන්දියාව තුළ අලෙවි කිරීමේ හැකියාව, මෙම අධිකරණ නියෝගය හේතුවෙන් වාරණයට ලක්ව තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටත් කියා සිටින්නේ මෙම මෝටර් රථ ඉන්දියාව තුළ අලෙවිය තුළ තහනම් වුවද, ඒවා අපනයනය සඳහා කිසිදු තහනමක් නොමැති බවයි.

මේ අතර 2016 වසර තුළ දී ශ්‍රී ලංකාවට අපනයන කර ඇති ඉන්දියානු මගී වාහනවල වටිනාකමෙහි සියයට 92 ක වර්ධනයක් සිදුව ඇති අතර ඉන්දීය මෝටර් රථ අපනයන වෙළෙඳපොළවලින් වේගයෙන් වර්ධනය වූ හොඳම වෙළෙඳපොළ 5 අතරට ද ශ්‍රී ලංකාව එක්ව තිබිණි.

– biz.adaderana.lk

14 views

4 Comments to “ඉන්දියාවේ විකුණන්න තහනම් කල වාහන තොග පිටින් ලංකාවට.. ඉන්දීය වාහන ගන්නේ බලාගෙනයි..”

  1. බන්ඩය්යා says:

    යහපාලනය පත් කොර ගන පංචවිධ ක්‍රමයට ටොයෝට අැකුව ගන්න හිටි අක්ක ෆලෝ කල ටොය්යො දැන් ඉතින් ඉන්දියන් මරුටි ලඩි ගනිල්ලා.

    • Dushantha says:

      පන්ච විද ක්‍රියාවලියෙන් ඈක්වා ගන්ඩ ගිහින් ලක්ෂ විසිපහකට තිහකට විතර ගන්ඩ තිබ්බ ඈක්වා එක ලක්ෂ පනහක් උනා. ගූ ගල් බෑලුන් ඈරලා ෆ්‍රී වයි ෆයි ගන්ඩ ගිහින් තිබ්බ ඉන්ටර්නෙට් බිලත් ඩබල් උනා. දෑන් පන්චවිද කාර් අක්කා හොයන්ඩත් නෑ. කාර් ගන්ඩ චන්ද දීපු උන් හොයන්ඩත් නෑ.

  2. shantha dissanayake KURU says:

    tawa tika dawasaking kiyai indian asuchi loke hondama pohara – pissu yakku

  3. Xman says:

    screw with this no good Govt. everything goes up except my salary. only available option is go another country to work as a laborer,.

Main News