ඉන්දියාවේ හින්දු-මුස්ලිම් ගැටුම් ඉහලට.. මුස්ලිම්වරුන් කරන ගව ගාතනය වහාම නතර කරන්නැයි හින්දුන් ඉල්ලයි..
June 30, 2017 at 12:40 pm | lanka C news
මේ වනවිට ඉන්දියාවේ විශාල මුස්ලිම් විරෝධයක් ආරම්භ වී ඇති බවට අල් ජසීරා රූපවාහිනි වාර්තා කරයි. විශේෂයෙන්ම පාලක නරේන්ද්‍ර මෝදිගේ පාලක පක්ෂය වන ඉන්දීය භාරත් ජනතා පක්ෂයේ නායකයින්ට චෝදනා කරනුයේ නැගි එන මුස්ලිම් විරෝධය මැඩ පැවත්වීමට ඔහුන් නිසියාකාරව කටයුතු නොකරන බවටයි.
ඉන්දීය හින්දු ජනතාව දෙවියකු ලෙස සලකන ගවයන් මස් කර අනුභව කරන බවට මුස්ලිම්වරුන්ට චෝදනා කරන මහ ජාතිය වන හින්දුවරුන් පසුගිය සතිය තුල පසුගිය සිකුරාදා පමණක් නව දිල්ලියේදි දුම්රියක් තුල මුස්ලිම්වරුන් 20 දෙනෙකුට පහර දී කපා කොටා ඇත.
එමෙන්ම වයස අවුරුදු 16 මුස්ලිම් ලමයෙක් දුම්රියක් තුල හරක් මස් අනුභව කරනු දුටු පිරිසක් ඔහුව දුම්රිය තුලදී කපා කොටා මරා දමා ඇත. තවත් වයස අවුරුදු 24 ක් වු ජුනයිඩ් තමා දුම්රිය තුල ඝාතනය වීමට පෙර ප්‍රකාශ කොට ඇත්තේ තමාට නිවසට ඒමට හැකිවේද යන බියකින් වෙසෙන බවයි.
සමස්ථ ඉන්දීය ජනගහනයෙන් 14 % මුස්ලිම් ජනතාව වන අතර එම ප්‍රමාණය මිලියන 300 ක් පමණ වේ එනම් ලංකාවේ ජනගහනය මෙන් 30 ගුණයකි.