ඉන්දියාවේ 72 වන නිදහස් දිනය යාපනයේදී සමරයි

August 15, 2018 at 5:30 pm | lanka C news
ඉන්දියාවේ 72 වන නිදහස් දිනය යාපනයේදී සමරයි

ඉන්දියාවට නිදහස ලබා වසර 72 ක් පිරීම නිමිත්තේ 72 වන නිදහස් දිනය සැමරීමේ වැඩසටහනක් අද (15) යාපනය ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවත්වුණි.

යාපනයේ පිහිටි ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේදී ඉන්දියානු ධජය සහිතව 72 වන නිදහස් දින සමරනු ලැබුවේ යාපනයේ රාජ්‍ය නිලධාරීන් පිරිසකගේද සහභාගීත්වයෙනි.

උත්සව අවස්ථාව වෙනුවෙන් යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා, යාපනය විශ්වවිද්‍යාල කුලපති ආර්. විග්නේශ්වරන් මහතා ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් ඉන්දියාවේ 72 වන නිදහස සැමරීම සිදු විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

209 views

4 Comments to “ඉන්දියාවේ 72 වන නිදහස් දිනය යාපනයේදී සමරයි”

  1. Love nature says:

    දැන් යාපනය ඉන්දියාවේ කොලනියක්ද ? ලැජ්ජයි යහපාලනය විලි ලැජ්ජයි
    පබයෙක් රජවී රටට සිදුවූ අපරාධයක තරම් ….සිංහලයෙනි අවදිවෙව්

  2. Sam says:

    එහිදී කථාවක් පැවැත්වීමට MY3ට ආරාධනාවක් ලැබුනානම් මිනිහ කියයි ඉන්දියාවේ 32 වෙනි නිදහස් සමරු උලලේදී කථාවක්
    කිරීමට ලැබීම ගැන සතුටුයි කියල.

  3. Dalit says:

    What else would you expect from an Indian Colony?

  4. John the baptice says:

    British gave name india Shame

Main News