ඉන්දියාව ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ‘පද්ම ශ්‍රී සම්මානය’ ප්‍රදානය කරයි…

November 18, 2021 at 2:08 am | lanka C news
ඉන්දියාව ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ‘පද්ම ශ්‍රී සම්මානය’ ප්‍රදානය කරයි…

ශ්‍රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනියක වන දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ඉන්දීය රජයෙන් පිරිනැමුණු  ඉහළම සිවිල් සම්මානයක් වන “පද්ම ශ්‍රී සම්මානය“ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ.ගෝපාල් බග්ලේ මහතා විසින් අරලියහහ මන්දිරයේ දී 17 දින ප්‍රදානය කරන ලදි.

ඉන්දීය ජනරජ දිනයේදී වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරව වලින් එකක් වන පද්ම ශ්‍රී සම්මාන 2020 වසර සඳහා කලා ක්ෂේත්‍රයෙන් කළ මෙහෙවර වෙනුවෙන් ආචාර්ය වජිරා චිත්‍රසේන සහ  හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරමින් සාහිත්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් ඉටුකොට නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මීන් වෙත පිරිනැමිණි.

නවදිල්ලියේ පිහිටි රාෂ්ට්‍රපති භවන් හිදී 2021 නොවැම්බර් 08 වෙනිදා ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා අතින් මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන්  ඇගේ දියණිය වන වත්සලා දසනායක මෙනවිය “පද්ම ශ්‍රී සම්මානය “ලබාගත්තාය.

හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව මහතාද 2002 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතින කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ඉන්දියානු මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ, නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජාකොබ් යන මහත්වරු ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිගේ පවුලේ සාමාජිකයෝ  සහභාගි වූහ.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

15,431 views

4 Comments to “ඉන්දියාව ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ‘පද්ම ශ්‍රී සම්මානය’ ප්‍රදානය කරයි…”

  1. යොහාන්ගේ වික්‍රම says:

    මැණිකේ පාර්ට් 2

  2. ලංකා මාතා says:

    වැඩේ නම් ඉතා අගෙයි. නමුත් මේ මෑතකදී ඉඳලා ඉන්දියන් කාරයෝ ලන්කාවට සම්මාන දෙන්නයි අපේ කලාකරුවන්ට ගරු නම්බු දෙන්නයි පටන් අරගත්ත ඇත්තම හේතුව හොයා බලන්න වටිනවා. ලන්කාවට වින කටින්නට හැමදාම පිඹුරු පත් අඳින ඉන්දියානු හොරු කවරදාවත් විශ්වාස නම් කරන්න එපා. දෙන සම්මානයක් ස්තුති මුඛයෙන් ලබාගත් පසු නැවතත් පරන සැකය ආපසු තබාගැනීමට වග බලාගන්න.

  3. ''මහාහෙළයකු,.......... says:

    වංචනික පාදඩයන්ගේ ආක්‍රමණික මෙහෙයුම්,.!
    ”’මුහුදුකොල්ලකරැවන් වන නෝර්වේ කාරයන්ගේ ”නොබෙල්” පොල්ල අවැසි වහළුන්ගේ පුකේ ගසා දිශානතිය පෙන්වාසිටිනා සිටිනා සේ,..
    ඉන්දියාව නැවතත් පරණ මෙහෙයුම ඉතාම සුකෂම මුළසිට ක්‍රියාත්මක කරීමට උත්සාහ දරනු ලබයි,.!

    ”වංචනික පාදඩය හරක්හුරිඡ්ඡ බොන හුත්තිගෙ පුතාලා විශ්වාස නොකළ යුතුයි
    වංචනික භාවයයේ කිළිටි පපිළුණු ඟඳ තුළින් මාත්‍රෘභූමිය කිළිටි කිරීමට පැමිනෙනා පරයන්ට ඉඩකඩ නොතැබිය යුතුයි,.!

    ”මෙවැනි පරයන්ගෙන් ”නොමිලේ ලැබෙනා දාර පොලු” දුශිත පාළකයන් මෙන් කිසිවෙක් ”පුකේ හිරකර නොගතයුතුයි,.!”
    ”සතුරන් විසින් ආනයනය කරනා ”ඉම්පොර්ටඩ්” දේශීයත්වයට යටවී වහළුන් නොවිය යුතුයි,.!
    ”ඉන්දියානු ආක්‍රමිකයාගේ ඉතිහාසය සමඟ වර්ථමානය විග්‍රහ කළ ගත යුතුයි,.!
    සෑම හෙළයකුම ස්වෙෙරීත්වය දිවි හිමියෙන් රැකිය යුතුයි,.!

  4. KG says:

    Mulu lokema dekka eka dunne indian presidant…mehe inna naaki padaththaryo monatada aaaphu dunnu sammana aran pudanne..echcharatama un desapalana kujeethayoda…thuk nodakin

Leave a Comment

Main News