ඉන්දියාව ආහාර, ඖෂධ ගන්න දුන් ණයෙන් යකඩ ගෙන්වයි.. පසුපස බලවතුන්..

May 2, 2022 at 10:00 am | lanka C news
ඉන්දියාව ආහාර, ඖෂධ ගන්න දුන් ණයෙන් යකඩ ගෙන්වයි.. පසුපස බලවතුන්..

ඉන්දියාව විසින් ශ‍්‍රී ලකාවට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ලබා දුන් ඇමෙරිකන් ඩොලර් බිලියනයක ණය මුදලින් ඉන්දියාවෙන් යකඩ ගෙන්වීමට රජය තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්ත කරයි.

දැනටමත් එම බිලියනයෙන් ඩොලර් මිලියන 250 ක් දැනටමත් වියදම් වී ඇති අතර ඉතුරු ඩොලර් මිලියන 750න් මෙරටට යකඩ සහ වානේ ගෙන්වීමට ඒ අනුව කටයුතු කරනු ඇත.

ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ගෑස්, ඉන්ධන සහ වෙනත් වෙළෙඳ ද්‍රව්‍යවල විශාල හිගයක් පවතිද්දී යකඩ සහ වානේ ගෙන්වීම ගැන ආර්ථික විශේෂඥයෝ ප්‍රශ්න කරන බවත් මෙම ණය මුදලින් යකඩ හා වානේ ගෙන්වීම පිටුපස රජයට සම්බන්ධ බලගතු ව්‍යාපාරිකයන් සිටින බවත් වාර්තාව කියයි.

මෙම යකඩ හා වානේ ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් ලබාගැනීම පිණිස දැනටමත් ඉන්දීය බැංකු සමඟ සාකච්ඡා පවත්වා ඇත.

175,565 views

19 Comments to “ඉන්දියාව ආහාර, ඖෂධ ගන්න දුන් ණයෙන් යකඩ ගෙන්වයි.. පසුපස බලවතුන්..”

  1. David Milli-banda says:

    This is what makes me angry.
    Gota Hu….ge Putho, tho kaatada pu.. denne?
    When at a time people got no medicine & Food and Oil?
    Bloody FCUKer stay alert and stop this nonsense.

  2. Ms.commonsense says:

    India is giving loans in Indian rupees and we have to pay the interest + loan amount in USD. Don’t think India will involve in this, either way they will get the profits and we Sri Lanks have to repay 💁‍♀️ don’t make stupid statements here

    • CAT says:

      ණය මුදලින් යකඩ හා වානේ ගෙන්වීම පිටුපස රජයට සම්බන්ධ බලගතු ව්‍යාපාරිකයන්ගේ නම් ප්‍රසිද්ධ කල යුතුයි ඔවුන්ගේ දේපල රජ සන්තක කරනු

  3. මේ කියන ටික පැහැදිලිව අහගන්න අපි අවුරුදු ගණනාවක් තිස්සේ විදෙස්ගත වෙලා අපේ මාතෘභූමියට අපෙන් ඉටුවිය යුතු යුතුකම් කරනවා අපි මෙපමණ කාලයක් අපි උපයපු මුදල් අපේ මාතෘභූමියට එව්වා අපිට හොදට මතකයි වසර 30 යුද්ධය තිබුන වෙලේ ඒ සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නා ඒවගේම සූනාමි ව්‍යසනය හේතුවෙන් රටට ඇතිවු අර්බුදයට විශාල දායකත්වයක් ලබා දුන්නා අපිට මොනවද කලේ අපේ ප්‍රොෆයිල් වලට ගිහින් බලන්න අපි කොච්චර මේ පාලනය ගෙන්න කඩේ ගියාද කියලා අපි බලාපොරොත්තු උනේ අපේ අනාගත පරම්පරාවට නිදහස් නිවහල් රටක් ලෙස ජීවත් වෙන්න පුළුවන් රටක් ලෝකයේ ඉහළම තැනට යන්න පුළුවන් පරපුරක් බිහිකිරීමට නායකත්වයක් අපි උපයන මුදල් එව්වා මොකද කලේ අපේ NRCF වල තිබුන ඩොලර් මාරුකරලා රුපියල් කලා අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේ කටූක රැකියාවක් කළාට අපිට කිසිදාක විශ්‍රාම වැටුපක් දෙන්නේ නෑ ඒ නිසාම තමයි අපි යම් කිසි මුදලක් ඩොලර් වලින් තැන්පත් කරන්නේ අපේ අනාගත සැලසුම් වලට එකටත් කෙලියා හිතලා බලන්න ආදරණීය රටවැසියනි මූං අවුරුදු 5ක් දේශපාලනය කරලා මැරෙන කම් විශ්‍රාම වැටුපක් ගන්නවා අපි වෙනුවෙන් මොනවද කලේ මුං දෙගොල්ලොම වසරකට අවම ඩොලර් බිලියන 8කට ආසන්න මුදලක් විදෙස්ගත ශ්‍රමිකයින් අපේ මාතෘභූමියට එවනවා ඒ මුදල් 2021වර්ශය තෙක් ලැබුණා මොනවද ඒ ඩොලර් වලට උනෙ අපි වෙනුවෙන් කරපු කිසිම දෙයක් නෑ පුලුවන් තරම් අපිව අසරණ කරපු එක විතරයි උනෙ මතකයි කොරෝනා ව්‍යසනය දී අපිට සලකපු විදිහ අපි අපේ මාතෘභූමියට ආදරෙයි ඒක අපේ ජීවිතයට වඩා වටිනවා අපි අපේ ලේ කඳුළු දහඩිය වක්කරගෙන අපේ මව්බිම සුරකිනවා ඉදිරියට හැබැයි මේ ක්‍රමය වෙනස් විය යුතුයි වෙනස් කල යුතුයි මේ ක්‍රමය වෙනස් නොවන තාක් කල් අපි කොහොමත් හොරකම් කරන්න ඩොලර් එවන්නේ නෑ දුකයි අපේ මව්බිම ගැන ජයවේවා මගේ මාතෘභූමියට කටාර් වල අපි

    • Asoka says:

      දැන් IMF එකෙන් අහලා තියෙන්නෙත් කලින් ගත්ත ණයවලින් ඩොලර් බිලියන 19.5කට මොකද වුනේ කියලා. (ඔව් බිලියන) බිලියන 19.5ක් අතුරුදහන් වෙලා. දැන් හිතාගන්න පුළුවන්නේ PB ජයසුන්දරයි කබ්‍රලයයි අලි සබ්රියි රාජපක්ෂ සනුහරේට කරපු කෙලිය. දැන් රටේ පැනඩෝල් පෙත්තක්වත් නැහැ

  4. Gamini says:

    Got ta system change

  5. ගරසරප says:

    යකඩ සහ වානේ ඕන මොන නිශ්පාදනය සදහාද? ඒ නිශ්පාදනයට බල ශක්තිය කොහෙන්ද ? ආන්ඩුවට සම්බන්ධ සල්ලිකාරයො ගහන ගේම මොකක්ද?

  6. Chandra says:

    Lanwa waane, lokuvitharana, basil ge golya. Mun tma atha arinne na

  7. Senaka says:

    යකඩ ඕනේ ජනතා විරෝධයට බැරියර් ගහන්නයි හයිවේ හදන්නයි. හයිවේ වලින් හොඳ මිලියන් ගණන් කොමිස් කුට්ටි එනවා. ඒකෙ රස දන්නා නිසා අතහරින්නේ නැහැ

Main News