ඉන්දියාව කෝප ගන්වමින් පකිස්තාන මිසයිල නෞකාවක් ලංකාවට.. ඇමරිකා හමුදා නැවක් ඉන්දියාවට…

August 9, 2022 at 10:22 pm | lanka C news
ඉන්දියාව කෝප ගන්වමින් පකිස්තාන මිසයිල නෞකාවක් ලංකාවට.. ඇමරිකා හමුදා නැවක් ඉන්දියාවට…

චීන නෞකාව සම්බන්ධයෙන් මතුවී ඇති උණුසුම අතරතුර පාකිස්තාන ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවක් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දිය මාධ්‍ය තුළ නව කතාබහක් මතුවී තිබේ.

ඒ පාකිස්තාන නාවික හමුදාවට අයත් තයිමූර් නම් ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවට කොළඹ වරායට පිවිසීම සඳහා ශ්‍රී ලංකා රජය අවසර ලබාදීම සම්බන්ධයෙනි.

චීනයේ නිෂ්පාදිත ප්‍රහාරක නෞකාවක් වන මෙය කාම්බෝජ සහ මැලේසියානු නාවික හමුදා සමග සිදුකළ යුද අභ්‍යාසයකින් පසු පාකිස්තානය වෙත පළමුවරට යන අවස්ථාවේදී මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

නෞකාව මලයාසියාවේ ලුමුට් වරායේ සිට පාකිස්තානය වෙත යන අතරතුර සේවා සඳහා බංග්ලාදේශ චැත්‍රෝග්‍රාම් වරාය වෙත පිවිසිමට අවසර ඉල්ලුව ද බංග්ලාදේශ රජය ඊට අවසර ලබානොදීම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට හේතුවී තිබේ.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඉදිරියේදී ඉන්දියාවේ සංචාරයක යෙදෙමින් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ඇරඹීමට සූදානම්ව සිටීම, පාකිස්තාන නෞකාවට බංග්ලාදේශය අවසරය ලබානොදීමට හේතුව බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මෙම ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාව අගෝස්තු 12 වනදා සිට 15 වනදා දක්වා කොළඹ වරාය වෙත පැමිණ සේවා ලබාගැනීමට නියමිතය.

ඉන්දිය සයුරේ භූ දේශපාලනය හා ශ්‍රී ලංකාවේ ඉන්දු – චීන සහයෝගීතාව පිළිබඳ නව කතාබහක් මෙලෙස ඇතිවී තිබෙන පසුබිමක ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු නාවික හමුදා නෞකාවක් නඩත්තු කටයුතු සඳහා ඉන්දියාව වෙත පැමිණ තිබේ.

ඉන්දියාවේ චෙන්නායි හි කට්ටුප්පල්ලි වරාය වෙත එලෙස පැමිණ ඇත්තේ චාල්ස් ඩ්‍රෘ නමැති නෞකාවය.

ඉන්දු – එක්සත් ජනපද උපායමාර්ගික හවුල්කාරීත්වය යටතේ මෙම නෞකාව නඩත්තු කිරීම සිදු කෙරෙයි.

ඒ අනුව චාල්ස් ඩ්‍රෘ නෞකාව පසුගිය ඉරිදා චෙන්නායි, කට්ටුප්පල්ලි වරාය වෙත පැමිණ ඇති අතර එය දින 11ක් එම වරායේ නැංගුරම්ලා තිබෙන බව වාර්තා වෙයි.

ඉන්දියානු සාගරයේ ඩියේගෝ ගාර්ෂියා දූපතේ සහ සිංගප්පුරුව තුළ මේ වනවිටත් අමෙරිකානු නාවික හමුදා නෞකා නඩත්තු කටයුත් සිදුකරන අතර ඒ අනුව චෙන්නායි කට්ටුප්පල්ලි වරාය අමෙරිකානු නාවික හමුදා නෞකා නඩත්තු කටයුතු කරන නවතම ස්ථානය වනු ඇත.

– Aruna

49,524 views

18 Comments to “ඉන්දියාව කෝප ගන්වමින් පකිස්තාන මිසයිල නෞකාවක් ලංකාවට.. ඇමරිකා හමුදා නැවක් ඉන්දියාවට…”

  1. DH says:

    ලන්කාවට රටකින් නැවක් එද්දී දැන් ඉන්දියාවෙන් අවසර ගන්න වෙලා. අරගල චන්ඩින්ට බැරිද ඉන්දියානු තානාපති ගෝ හෝම් කියලා බෝඩ් උස්සගෙන ඉන්න?

    • country man says:

      VERY VALIDE POINT.

    • GU-VP SAKKILI API says:

      අඩෝ අඩෝ අඩෝ ගු-VP මහා පක්කලි සේවය දෙන්නේ $$$$$$$$$$$$$$$ වලට අඩෝ චීන, පකිස්තාන් අපට $$$$$$දේනේ නැ. අඩෝ අපට LTTEEE, හනුම ඓය්යල මරේට $$$$$$$$$$$$ දෙනවා ඩෝ
      උබව කුඩාරම් වලට ගෙනල්ල හෙළුවෙන් තියල තොපිට බුරියානි දෙනවා

    • Sena says:

      That’s not the indian embassy fault.this is sri lankan government job.pls understand.

    • Srilankan Citizen says:

      එහෙම කිව්වොත් කවුද බුරියානි වටලප්පන් දෙන්නෙ ?

    • Sagara says:

      අරගල චණ්ඩි මහජන සුනාමිය සඳහා කොළඹ ගිහිල්ලා. 😀 😀

    • aanamaduwe maanavadu says:

      ado gon DH tho dannavaada indiava suruttu sinhalayanta kema nikan dunne neththam, thopita innawenne bada
      ginne merenna neththam cheenage asoochi kannataya.

    • Hasith says:

      කොහෙද මනුස්සයෝ තමුන්ට හොදට ගෙවන කෙනාට විරුද්දව බෝඩ් අල්ලාගෙන ඉන්නේ.ඉන්න ගෙවීම් මදිනම් පුළුවන් නමුත් මේක එහෙම ගේවිල්ලක්ද? ඕනෙනම් අහලා බලපන් පැතුම් කර්නර ගෙන් .

  2. සම්පත් says:

    ඉන්දියානු සාගරයේ මාලදිවයිනට දකුනෙන් තියෙන ඩියේගෝ ගාර්ෂියා දුපතේ මිනිස්සුන්ට වෙච්ච දේ ගොඩක් කණගාටුයි. එකේ ඉස්සර මිනිස්සු ඉදලා තියෙනවා, නමුත් බ්‍රිතාන්‍යය උන්ව අයින් කරලා, පස්සේ ඇමරිකාවට දූපත දීලා තියෙනවා හමුදා කදවුරක් හදන්න. මානව හිමිකම් ගැන කථා කරන උන් මීක් නෑ මේ සම්බන්ධයෙන්. ඇමරිකාවට ලෝකය පුරාම හමුදා කදවුරු තියෙනවා. උන්ට කිසිම අයිතියක් නෑ තමන්ගේ රටෙන් කිලෝ මීටර් දස දහස් ගාණක් එහායින් තියෙන භූමියක් අයිතිකරගන්න. දූපත අයිති මුරුසිය, ඒක නිසා දූපත මුරුසියටම දීලා, අයින් කරපු මිනිස්සුන්ව ආයි පදිංචිකරවලා, උන් කදවුරත් අකුලගෙන යන්න ඕනේ. නිකම් මහා ලොකුවට චීනා දූපත් අල්ලගන්න යනවා කියලා බොරු බණ කියන උන්ම තමයි අනුන්ගේ දූපත් බලෙන්ම අල්ලගෙන ඉන්නේ.

  3. GIJOE Major Matt Mason says:

    We will be invading SL very sooner.
    We will save you from evil Cobra friendly communist terrorists.

  4. ආයුබෝවන් says:

    Sri Lanka has become international football ground for foreign countries. Our so called leaders have no backbone hence they all behaving like this. We have become begging nation no wonder these countries act like bullies they we keep our mouth shut. people of Sri Lanka this is very much part of Aragalaya, can u see when country is destabilised USA, CHINA, INDIA take advantage. They have different agendas they will achieve as long as we do not act as a Sri LANKAN. Ranil is the puppet master they want him to run the country they did that. People thought they won getting rid of Gota, have we really won?

  5. Boo says:

    නරකද ලංකාවෙන් නිවේදනයක් නිකුත් කලොත් ඇමරිකන් නැව ඉන්දියාවට පැමිනිමට අපිත් විරැද්ධයි කියලා. එතකොට පෙනෙයි ඉන්දියාව කාගෙ වහලෙක්ද කියලා.

  6. Iriweris says:

    චීනය තායිවානය තමුන්ගෙ කියල හිතනාව වගේ ඉන්දියාව ලංකාව ගැන හිතනව වගේ.

  7. kk says:

    ඉන්දියාව ලංකාව ආර්ථික අමාරුවේ සිටින විට උදව් කල නිසා එයට ස්තුතිවන්ත විය යුතුය. නමුත් අනවශ්‍ය දේවල්වලට හොට දැමීම හොඳ වැඩක් නොව. ලංකාවට මිට පෙරත් මෙවැනි නැව් සේවා සඳහා පැමිණ තිබෙනවා. මෙවරත් එවැනිම එකක්.

  8. S.Vitharana says:

    Hi DH,
    Why do not you ask it from Rev Malcom Ranjith?

  9. JR says:

    චීනයේ‘යුවාන් වැන් 05’ සන්නිවේදන නෞකාව එනකොට රාජ්‍ය උත්සවයකින් පිළිගැනීමට කටයුතු කලයුතුයි. පකිස්ථාන මිසයිල නැවට සේවා ලබාදිය යුතුයි. ලංකාවට අවශ්‍ය මොහොතේ කොන්දේසි නැතුව කවදත් උදවු කරන චීනය හා පකිස්ථානය සමග හොඳ මිත්‍රත්වය දිගටම පවත්වා ගතයුතුයි. ඉන්දියාවට බටහිර ඇමරිකානු නැව් ⁣එන්න හොඳයි නම්, ලංකාවට අපේ අසල්වැසි චීන, පකිස්ථාන නැව් එන්න නරකයිද?
    චීන නැවක් හම්බන්තොට වරයට එනකොට ඉන්දියාවට ඌය්ය වෙනව නං ගිහිල්ල හම්බන්තොට පොලිසියෙ එ්කට ඇන්ට්‍රියක් දාන්න, ඒකයි ක්‍රමය. නැතුව මේ වෙන වෙන තැන් වලට පණිවිඩ යවල වැඩක් නෑ. ලංකාවෙ ජනාධිපති තුමාට පහුගිය කාලෙ ඉන්දියාවට එන්න අවසර දෙන්නත් බෑ කිව්වා නේද.? එතුමා දායක වෙලා මේ රටේ ත්‍රස්තවාදය නැති කරලා ඉන්දියාවෙ අගමැති වරයෙක්ව ඝාතනය කරපු වගඋත්තරකාර පඹාකරම්ට විරුද්ධව ඉන්දීය අධිකරණයේ තිබුන නඩුවත් ඉවර කරලා දුන්න නේද? කොටි ත්‍රස්තවාදය පටන් ගන්නකොට ඉන්දියාව යාපනේට බලෙන් ඇවිත් පරිප්පු දැම්මට ත්‍රස්තවාදය ඉවර වෙනකං චීනය හැමදාම ලංකාවට උදවු කලා. අනෙක ඉන්දියාව වගෙ ලංකාවෙ දේසපාලනයට ඇඟිලි ගහන්නෙත්නෑ පවතින රජයට අපක්ෂපාතීව චීනය හැමදාම උදවු කරනවා. ඉන්දියාව වගෙ අසල්වැසි රටවල් තරහ කරගෙන යුද්ද කරන්න ලංකාවට වුවමනා නෑ. ඒ නිසා එක රටක වුවමනාවට තවත් රටක නැවු නවත්තන්න ලංකාව⁣ට බෑ. අනෙක ඉතිං මුහුදෙ නැවු ගියාට පාරවල් හිටිනවද? ලංකාවට චීන නැවු එන්නෙ ඉන්දියාව එක්ක යුද්ද කරන්න නෙවෙයි. චුම්මා කරච්චලයක් නොවී තමන්ගෙ වැඩක් බලාගන්න. ගමන කල් දාන්න කියල ලංකාවෙන් කිව්වෙ බොරුවට ඉන්දියාව ⁣සනසවන්නයි…

  10. Jayantha says:

    මෙතන ඉන්දියානු ක්‍රියාකාරිත්වය ඉතාම වැරදියි. ඔවුන් චීනය ලංකාව තුල investment කරද්දී සහ ලංකාව චීන ලෝන් ගන්න ගියපු වෙලාවේ මැදිහත් වෙලා නවත්තන්න තිවුනා. එහෙම නොකර දැන් මෙහෙම කරන එක වැරදියි

Main News