ඉන්දියාව, චීනය නොව කවුරු තරහා වුවද හොර ගිවිසුම අහෝසි කර හම්බන්තොට වරාය ජනසතු කරනවා..- බැසිල්

July 31, 2017 at 3:27 am | lanka C news
ඉන්දියාව, චීනය නොව කවුරු තරහා වුවද හොර ගිවිසුම අහෝසි කර හම්බන්තොට වරාය ජනසතු කරනවා..- බැසිල්

මෛත්‍රී- රනිල් හවුල විසින් විකුණා දැමූ හම්බන්තොට වරාය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරියේ දී පත්වන ආණ්ඩුවක් යටතේ අනිවාර්යෙයන්ම ජනසතු කරන බව හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රුකාශ කළේය.

වැරැදි පුද්ගලයන් විසින් අත්සන් තබන ලද මෙම ගිවිසුම නීත්‍යානුකූල ගිවිසුමක් නොවන බව පැවසූ රාජපක්ෂ මහතා ඉන්දියාව, චීනය නොව කවුරු තරහා වුවත් මේ හොර ගිවිසුම අහෝසි කර වරාය ජනතා සතු කරන බවත පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ආසන බලමණ්ඩලය නිල වශයෙන් ස්ථාපිත කිරීමේ අවස්ථාවට මිනුවන්ගොඩ, උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී 29 දා එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලය මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ආසන බලමණ්ඩලය ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ ආසන බලමණ්ඩලයේ සියලුදෙනාගේ ඒකමතික කැමැත්තෙනි. බැසිල් රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ආසන බල මණ්ඩලය මිනුවන්ගොඩින් ආරම්භ වීමේ සුබමොහොතට සහභාගී වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. මම ඒ ගැන මිනුවන්ගොඩ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. කලක් මේ රටේ ආර්ථිකය භාරව හිටපු ඇමැතිවරයා විදියට, ඒ වගේම ගිරුවායේ උපන් කෙනකු විදියට මම කණගාටු වෙනවා ජාතික සම්පතක් වෙච්ච හම්බන්තොට වරාය විකුණන දවස වීම ගැන.

අද ජාතියේ ශෝක දිනයක්. එදා ඉන්දු ලංකා ගිවිසුම ගහලා ලොකු පාවාදීමක් කළා. අපේ රටේ විකුණන්නවත් තිබුණ එකම වස්තුව තමයි හම්බන්තොට වරාය. අපේ රටේ තේ වතු නැහැ. ඒවා එක්සත් ජාතික පක්ෂය විකුණලා දැම්මා. ලෝකෙ ඕනේම රටක ගුවන්තොටුපළක් හදන්න පුළුවන්. හැබැයි වරායක් හදන්න පුළුවන් රටවල් කිහිපයයි තියෙන්නේ.

ඒකෙනුත් වරාය අන්තර් නාවික මාර්ගයක හදන්න පුළුවන් එකම වරාය හම්බන්තොට වරාය විතරයි. මේ වරාය විකුණුවේ නැහැ බදු දුන්නා විතරයි කියනවා. මේ බද්ද ඉවර වෙන්නෙ 2116දී. මෙතැන ඉන්න කිසිකෙනෙක් 2116 වෙනකම් ජීවත් වෙන්නෙ නැහැ. තව අවුරුදු අනූනමයක්. මෙතැන ඉන්න කට්ටිය නොවෙයි අද ඉපදෙන කෙනෙක්වත් 2116 වෙනකම් ජීවත් වෙන්නේ නැහැ.

අද ඉපදෙන දරුවා අවුරුදු අනූ නමයක් හිටියොත් තමයි මේ වරාය අපිට අයිති වෙනවා දකින්න පුළුවන් වෙන්නේ. වරායේ අදායම තියෙන්නේ තෙල් විකිණීමෙන්. ඒක තමයි තෙල් සංස්ථාවේ කට්ටිය වර්ජනය කළේ වරාය විකුණුවත් කමක් නැහැ තෙල් විකුණන එක සංස්ථාවට දියව් කියලා. වරාය අවුරුදු 99කින් බද්ද ඉවරවෙන කොට ලෝකයේ තෙල්වලින් දුවන නැව් නැහැ.

න්‍යෂ්ඨික බලයෙන්, සූර්ය බලයෙන් තමයි නැව් දුවන්නේ. අවුරුදු සීයකට ඉස්සර හිටපු සුදු දිසාපති ලෙනාඩ් වුල්ෆ් පවා සිහින දැක්කා මාගම්පුර වරායක් ගැන. ඒ වරාය හදලා ජාතියට සම්පතක් විදියට එකතු කළේ මහින්ද රාපක්ෂ මැතිතුමා. ඉන්දු ලංකා ගිවිසුමේ තියෙන සමහර වගන්ති අපි අහෝසි කළා වගේම මේ වරායත් මහින්ද රාපක්ෂ රජයයක් යටතේ අපි අනිවාර්යෙන්ම ජනතා සන්තක කරනවා.

සමහරවිට ඉන්දියාව තරහා වෙයි. චීනය තරහා වෙයි. මෙ ගිවිසුමත් වැරැදියි. මේ ගිවිසුම නීත්‍යානුකූල නැහැ. මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ වැරැදි කෙනෙක්. ඒ හින්දා මේක අනිවාර්යයෙන්ම අවලංගු වෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පකෂයට ගිය කල ගැනත් අපි කතා කරන්න ඕනේ. සමහරු අහනවා ඇයි මේ අලුත පක්ෂයක් හදන්නේ කියලා.

1948 නිදහස ලැබුණු වෙලාවේ රටේ පාලනය කලු සුද්දන්ගේ අතට ලැබුණා. 1951 වෙනකම් බලා හිටියා මේ රටේ ජනතාවට පාලන බලය ලැබෙනකම්. ඒක ලැබුණේ නැති තැන තමයි පංච මහා බලවේගය එකතු වෙලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළේ. 1956 ඡන්දයෙන නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණු රජය හදලා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළා.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති පක්ෂයේ තියෙනවාද? පක්ෂයේ සභාපති කියලා කෙනෙක් ජනාධිපති පුටුවේ ඉඳගෙන මහින්ද මහත්තයා හදපු වරාය විකුණලා තියෙනවා. දැන් කියනවා මම ඒ ගිවිසුම වෙනස් කළා කියලා. හැබැයි රජයට අයිති ඉඩම් විකුණන්න පුළුවන් ජනාධිපතිට විතරයි. එහෙම වෙලා දැන් ජනතාවට බොරු කියනවා මම දන්නේ නැහැ කියලා.

අතුරුදන්වූවන්ගේ පනතට අත්සන් කරලා රට පාවා දීලා ඉවරයි. එක්ටා එකට අත්සන් කළාම ආර්ථික නිදහසත් ඉවරයි. අද නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සේරම ඉවරයි. දිස්ත්‍රික්කයෙන්ම පළවෙනියා වෙච්ච ප්‍රසන්න රණතුංගව අයින් කරලා ඡන්දයෙන් පැරදුණ කෙනෙක් සංවිධායක කළා. පක්ෂයට ආදරය කරන නායකයෙක් කරන වැඩක්ද පක්ෂයේ ජනප්‍රිය ආසන සංවිධායකයන් අයින් කරන එක?

මෙන්න මේ වගේ අවස්ථාවක ජාතියට නායකත්වය දෙන්න අලුත් පක්ෂයක අවශ්‍යතාව දැනිලා තිබුණා. ඒ සඳහා තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කළේ. 2016 නොවැම්බර් මාසයේ 01 වැන දා තමයි මේ පක්ෂය ලියාපදිංචි කළේ. ඒකට මාස 6ක් පිරෙන මැය 01 වැනි දා අපි දකණු ආසියාවේම විශාලතම ජනකාය ගෝල්ෆේස් පිට්ටනියට ගෙනාවා.

මේ පක්ෂය නියම අයිතිකරුවන්ට ලබාදෙන අවස්ථාවට තමයි තමුන්නාන්සේලා මේ අද ඇවිත් ඉන්නේ. මේ පක්ෂය ඔබට බාරයි. ගෙයින් ගෙට ගිහින් මේ පක්ෂය නිල අයිතිකරුවන්ට ලබාදීම ඔබට බාරයි. මේ පක්ෂය මෙ රටේ වැඩිම සාමාජිකයන් පිරසක් ඉන්න පක්ෂය පොදුජන පෙරමුණයි. අපි එන්නේ පක්ෂ කඩන්න නෙමෙයි ඡන්ද දිනන්නයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

133 views

7 Comments to “ඉන්දියාව, චීනය නොව කවුරු තරහා වුවද හොර ගිවිසුම අහෝසි කර හම්බන්තොට වරාය ජනසතු කරනවා..- බැසිල්”

  1. modaya says:

    friends please don’t Vote for these guys in the Future!!!!!!!!!!!!! check the list in lanka web.

    • Ranne Ponil says:

      ඔයා කියන්න ඕන නෑ. UNP ද්‍රෝහීන්ට චන් දෙ දෙන්නෙ ඒ වගේම ද්‍රෝහීන් පමණයි.

    • kate says:

      Modaya, Booruwa, Haraka

  2. Raj Gophal says:

    Yea please protect Sri Lanka and Magampura Proud

  3. kate says:

    All Citizens, Please get together to protect our motherland and get back our valuable harbor from China.

  4. තරුණයා says:

    මහින්ද පරාජය කරන්න නම් බැසිල් ඉන්නකල් බැහැ කියල දැනගෙන මුලින් ම කළේ, බැසිල්ට මඩ ගහල ඉවර කරන එක. ඒත් බැසිල්ල පැරදුන එක හොඳයි. මොකද වෙනස තේරෙනවා. අද මිනිස්සුන්ට තේරෙනවා බැසිල්ලගේ නියම අගය. ඔවුන් යුද්ධයක් කරන අතරේ මොනතරම් රටතුල වෙනසක් කළා ද කියල අද පක්‍ෂ භේදයක් නැතුව මිනිස්සු දැනගෙන ඉවරයි.

Main News