ඉන්දියාව තෑගි දුන් ‘එබ්‍රහම් සිංයෝ’ ජනතා අයිතියට පත් කෙරේ..

January 21, 2019 at 2:07 am | lanka C news
ඉන්දියාව තෑගි දුන් ‘එබ්‍රහම් සිංයෝ’ ජනතා අයිතියට පත් කෙරේ..

ඉන්දියානු රජය මගින් වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදි කරන වතු නිවාස යෝජනා ක්‍රමය යටතේ ආගරපතන ඩයගම ඩෙස්පොඩ් වතුයායේ ඉදි කරන වතු නිවාස 150 වතු කම්කරු අයිතියට පත් කිරිම (20) සිදු කරන ලදී.

අමාත්‍යය පලින් දිගම්බරම්,  අමාත්‍යය ගයාන්ත කරුණාතිලක සහ ශ්‍රි ලංකාවේ  ඉන්දියානු නියෝජ්‍යය කොමසාරිස් ශ්‍රි පාත් අම්මි මහතුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස යෝජනා ක්‍රමය වතු කම්කරු අයිතියට පත් කරනු ලැබින.

එම නිවාස යෝජනා ක්‍රමය එබ්‍රහම් සිංයෝ ගම්මානය වශයෙන් නම් කර තිබේ.

පර්චස් 7 ක ඉඩම් කැබැල්ලක සියළුම පහසුකම් සහිතව එක් නිවසක විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක් , මුළුතැන්ගෙයක් , සනිපාරක්ෂක පද්ධිතයක් ඇතුළු මං මාවත් සහ විදුලිය සහ පානිය ජලයද මෙම නිවාස යෝජනා ක්‍රමයේ සමන්විත වන අතර මෙම එක් නිවසක් වර්ග අඩි 750 කින් සමන්විත වෙයි.

මෙම නිවාස යෝජනා ක්‍රමයේ එක් නිවසක්  සදහා ඉන්දියානු රජයෙන් රු ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග වශයෙන් ලබාදි ඇති අතර කදුරට නව ගම්මාන අමාත්‍යංශයෙන් එම  එක් නිවසක් සදහා රු ලක්ෂ 2 ක් ඇතුළු  එක් නිවසකට රු ලක්ෂ 12 ප්‍රතිපාදන යටතේ මුළු නිවාස 150 සදහා රු මිලියන 170 ය ප්‍රතිපාදන වැය කර ඇත.

වත්මන් රජයේ වතු කම්කරුවවන් වෙනුවෙන් ඉදි වන නව වතු නිවාස යෝජනා ක්‍රමයට අමතරව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ යන මහතුන්ගේ ඉන්දියානු රජයෙන් කරන ලද ඉල්ලිමක් මත මෙම නිවාස යෝජනා ක්‍රමයද ඉදි කර වතු කම්කරු අයිතියට පත් කර තිබේ.

එම නිවාස සදහා හිමිකම් ඔප්පුවක්ද රජය මගින් ලබාදෙනු ලැබුවා.

ඉන්දියානු රජයේ ආධාර යටතේ මෙවැනිම වතු නිවාස යෝජනා ක්‍රම ගණනාවක් වතු කරයේ ඉදි වෙමින් පවති.

මෙම නිවාස වතු කම්කරු අයිතියට පත් කිරිමේ අවස්තාවට විශේෂ සංවර්ධන කැබිනට්  නොවන අමාත්‍යය වි රාධා ක්‍රිෂ්ණන්, නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මයිල්වාගම් තිලකරාජ් මහතාද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

6,489 Viewers

3 Comments to “ඉන්දියාව තෑගි දුන් ‘එබ්‍රහම් සිංයෝ’ ජනතා අයිතියට පත් කෙරේ..”

  1. simion says:

    මේ ‘ඒබරං සිංඥො’ලා නිසා සිංහලයට කන්ද උඩරටත් නැතිවෙන පාටයි…

    • Saradiel says:

      එබ්‍රහම් සිංයෝ වතු දෙමල කොළණි හදන කොම්පැනියක්ද ?කවුද මේ
      ඉන්දියාවේ වැසිකිලියක් හදා ගන්න බැරිව පාරවල් වල අශුචි දාන ඉන්දියාවේ මිනිස්සු දුක් විදිද්දී මොකද මේ වතු දෙමලජනතාවට විශේෂ පහසුකම් ඇති ගෙවල් සෑදීමට ඉන්දියාවෙන් මුදල් දෙන්නේ ? සිංහල මිනිසුනේ ඒ ගැන සිතපල්ලා ..වතු කම්කරු කල්ලතොනින්ට අපේ රටේ ඉඩම් පචස් 7 සමග ගෙයක් නොමිලේ මේ හදන්නේ උඩරට කදුකරේ දෙමළ කොළණි ..නැවත ඒවා ලබා ගත නොහැක සිංහලයන්ට ඉඩමක් හෝ ගෙයක් ලබා ගන්න මුදල් ගෙවන්න ඕනේ
      අන්තිමේදී උතුරේ නැගෙනහිර වගේම කදුරටෙත් ඊළම ඉල්ලා සටන් කරාවී එවිට සිංහලයෙනි පැනපල්ලා මුහුදට ..රට ජාතියට සිදුවන ,මේ සිදුවීම් ජාතික අපරාධ ගැන සුළුවෙන් සිතන්න එපා .
      අපේ සිංහල අනාගත පරපුරට මේ රට ජාතිය අහිමි නොවීමට කටයුතු කරව්
      මේ රටේ අවස්ථාවාදී දේශපාලකයන්ට රට ජාතිය ගැන වගකීමක් ආදරයක් නැහැ ඔවුන්ගේ මඩිය තර කරගැනීම පමණයි කරන්නේ
      රටේ ජනතාව රට ජාතිය ගැන වගකීමෙන් කටයුතු කලයුතුයි මෙහෙම ගියොත් සිංහලයාට ඔවුන්ගේ එකම මාතෘ භුමිය අහිමි වන දිනය වැඩි ඈතක නැත

    • Love nature says:

      මේ සේරම ඉඩම් සිංහලයාගේ නේද ? ඇයි ඉන්දියාවෙන් ආපු වහල් වතු දෙමළුන්ට අපේ රටේ ඉඩම් නොමිලේ දෙන්නේ ?
      සිංහලයා ජිවත් වෙන්නේ වැඩි දෙනෙක් පැල්පත් වල ..අපේ රටේ අපේම සිංහලයන්ට නිවසක් නැතුව දුක් විදිද්දී ඇයි ඉන්දියාවෙන් ආපු කල්ලතෝනි වතු දෙමළුන්ට අපේ රටේ ඉඩම් වල උරුමය බෙදලා දෙන්නේ ? එය සාධාරණද ?උතුරේ පදිංචි වී සිටි සිංහලයගේ උරුමයන් තවම ලබා දී නැහැ ..ඒවා උතුරේ දෙමල ජාතිකයන් බලෙන් කොල්ලා කාලා නැගෙනහිරත් එසේමයි
      මොකටද දෙමල ජාතිකයන්ට අපේ රටේ ඉඩම් නොමිලේ බෙදා දෙන්නේ ?
      ඔවුන්ගේ ජන්දේ ලබා ගැනීමේ අරමුණින්ද ? මේ නිවටදුර්වල පාලකයන් අපේ රට විකුනන්කන්නේ බලයේ සිටීමටද?
      රටේ මහජාතියට අවශ්‍ය පහසුකම් යුතුකම් ඉටුකර නේද සුළු ජාතින් ගැන බැලිය යුත්තේ .. ලැජ්ජයි යමපාලනය ලැජ්ජයි

Main News