ඉන්දියාව පරාදයි.. පකිස්තානය ICC ශූරතාවය දිනාගනී.. ඉන්දියානුවෝ ගිනි තබති.. ක්රිඩකයින්ගේ නිවෙස්වලට හමුදා ආරක්ෂාව..
June 18, 2017 at 10:41 pm | lanka C news
ශූරයින්ගේ කුසලානය සදහා ඉන්දියාව හා පකිස්තානය අතර ලන්ඩනයේ ඔ්වල් ක්රීඩාංගණයේදී පැවැති අවසාන මහා තරගයෙන් ඉන්දීය පිල ලකුණු 180කින් පරාජය කරමින් පකිස්තාන කණ්ඩායම ශූරතාවය දිනා ගත්හ.
තරගයේ මුලින් පන්දුවට පහර දුන් පකිස්තාන පිල සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලබා ගත් ලකුණු 338ට පිලිතුරු ලෙස ඉන්දීය පිල පන්දු වාර 30.3කදී සියල්ලන් දැවී ලබාගත්තේ ලකුණු 158ක් පමණි.
ඉන්දීය කණ්ඩායමේ පරාජයත් සමගම එරට පේ්රක්ෂකයින් ක්රීඩකයින්ගේ පින්තූරවලට ගිනි තබමින් සිටින අතර එරට ආරක්ෂක අංශ වසින් ක්රීඩකයින් කිහිප දෙනෙකුගේම නිවාසවලට ආරක්ෂාව තර කර ඇත.