ඉන්දියාව මත්තල සිට පාකිස්තානයට පහර දීමේ අවදානමක්.. එසේ පහර දුන්නොත් පකිස්තානය මත්තලට පහර දෙයි..
March 1, 2019 at 9:20 am | lanka C news
වත්මන් රජය විසින් මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට පවරා දීමට කඩිමුඩියේ කටයුතු කරමින් සිටියද එය කලාපීය බල දේශපාලයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමක් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසයි.
ඉන්දියාව හා පකිස්තාන අතර ඇතිව තිබෙන උණුසුම් තත්වයේදී ඉදිරි යම් මොහොතක ඉන්දියාව සිය පාලනයේ පවතින මත්තල ගුවන් තොටුපල පකිස්තානයට එරෙහි ප්‍රහාර සදහා යොදා ගැනීමට කටයුතු කරනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
එවන් තත්වයකදී පකිස්තානයද මත්තල ගුවන් තොටුපල වෙත ප්‍රතිචාර දැක්වීම සිදුවනු ඇති බවත් ලංකාවට එම තත්වය ඉතා දරුණු ලෙස බලපානු ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
මෙයා මන්තිරියෙක්ද? ෙගොන් හරකෙක්ද?