ඉන්දියාව මහින්දගේ බෙල්ලට මල්මාල දැම්මට ප‍්‍රශ්ණයක් නෑ.. ජාතියේ බෙල්ලට වද මල් මාලා දාන්න දෙන්න බෑ..- මහින්දගේ ඉන්දීය සංචාරය ගැන විමල් ප‍්‍රතිචාර දක්වයි..[Video]

September 17, 2018 at 10:45 pm | lanka C news
ඉන්දියාව මහින්දගේ බෙල්ලට මල්මාල දැම්මට ප‍්‍රශ්ණයක් නෑ.. ජාතියේ බෙල්ලට වද මල් මාලා දාන්න දෙන්න බෑ..- මහින්දගේ ඉන්දීය සංචාරය ගැන විමල් ප‍්‍රතිචාර දක්වයි..[Video]

ඉන්දියාව විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ ගෙලට මල්මාලා දැමීම ගැන ප්‍රශ්නයක් නැති නමුත් ජාතියේ ගෙදරට වදමල් මාලා දැමීමට එකඟ නොවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මේ බව කියා සිටියේ කොටුව අධිකරණය හමුවේ නඩු කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

‘මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරාධනාවක් ලැබුනත් ඒ ආරාධනාව අනුව එතුමා ගියේ. එතුමාට බොහොම හොඳ පිළිගැනීමක් ලැබුන බව තමයි වාර්තා වෙන්නේ.

එතුමාගේ ගෙලට මල් මාලා දැම්මට අපේ කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ජාතියේ ගෙලට වද මල් මාලය දානවා නම් අපි ඒකට එකඟ වෙන්නෙ නෑ’ යයිද මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

ඉන්දීය සංචාරයේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට ලත් ඉහල පිලිගැනීම ගැන මාධ්‍ය විසින් කල විමසීමේදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

'

'' ඉන්දියාව මහින්ද රාජපක්ෂ මහතාගේ ගෙලට මල්මාලා දැම්මාට අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් ජාතියේ ගෙලට වදමල් මාලා දමනවා නම් ඊට අපි ඉඩ දෙන්නේ නැහැ''- විමල් අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ සිට කළ අපූරු කතාව2018-09-17

Gepostet von Wimal weerawansa am Montag, 17. September 2018

38 views

5 Comments to “ඉන්දියාව මහින්දගේ බෙල්ලට මල්මාල දැම්මට ප‍්‍රශ්ණයක් නෑ.. ජාතියේ බෙල්ලට වද මල් මාලා දාන්න දෙන්න බෑ..- මහින්දගේ ඉන්දීය සංචාරය ගැන විමල් ප‍්‍රතිචාර දක්වයි..[Video]”

  1. kolitha says:

    අනේද කියන්නේ මහින්දට මල් මාලා දාන්නේ ජාතියේ ගෙලට වද මල් මාලය දාන්න කියල ඕනෑම ගොනකුට තේරෙනවා.

  2. Prof Nimal Gunasekara says:

    Executive Presidency = Insurance Policy to Majority Sinhala Buddhists

  3. Kalana Premadasa says:

    Well said Wimal!

  4. USA says:

    Well said….. We should protect our country regardless of personal agendas….. Mahinda also should act towards that not to crown his prince…..His prince also should let his father to play politics and should stay away……

Main News