ඉන්දියාව මෙරට ස්වෛරීභාවයට අත පොවයි.. අගමැති මෝඩි නෝර්වුඞ්වල නොසන්ඩාල වැඩක..

May 11, 2017 at 11:08 pm | lanka C news
ඉන්දියාව මෙරට ස්වෛරීභාවයට අත පොවයි.. අගමැති මෝඩි නෝර්වුඞ්වල නොසන්ඩාල වැඩක..

(ආචාර්ය චන්න ජයසුමන මහතාගේ ෆේස්බුක් පිටුවෙන් උපාටා ගන්නා ලදී..)

සාමාන්‍යයෙන් එක් රටක නායකයෙක් තවත් රටකට ගිහින් ජනහමු පවත්වන්නේ නැහැ. සිදුවන්නේ රාජ්‍ය තාන්ත්‍රික කතා බහක්. යම් ජන කොටසකට සුවිශේෂී කාරණයක් කතා බහ කරන්න අවශ්‍යනම් ඔවුන්ගේ නියෝජිතයන් කිහිප දෙනකුට අදාල රාජ්‍ය නායකයා හමු වීමට අවස්ථාව ලැබෙනවා. එත් ඉන්දියානු අගමැතිතුමා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් නගරයේ ජනහමුවක් පවත්වනවා.

නෝර්වුඩ් කියන නම අපේ නොවුනට එහෙ ජීවත්වන බහුතර ජනතාව ශ්‍රී ලංකික පුරවැසියන්. ඔවුන්ගේ සීයල ආච්චිලා මේ ප්‍රදේශයට අරගෙන ආවේ ඉංග්‍රීසි ජාතිකයන්. ඒ කෝපි සහ තේ වගාවට. ඔවුන්ට ශ්‍රී ලාංකික පුරවැසි ලැබුනේ දශක කිහිපයකට එපිට දී. කවද පුරවැසිකම ලැබුනත් දැන් ඒ මිනිස්සු අපේ රටේ මිනිස්සු. හැබැයි ඉන්දියානු අගමැතිතුමා නෝර්වුඩ්වල ජනහමු තියන්නේ එහෙ තාම ඉන්නේ ඉන්දියාවේ මිනිස්සු කියල හිතාගෙන වෙන්න ඇති. මේකේ වරද ඒ මිනිස්සුන්ගේ නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ නායකයෝ කියා ගන්න දිගම්බරන්ලා තොන්ඩමන්ලගෙත් නෙමෙයි. ඒ අයට මේක තමන්ගේ බල පරාක්‍රමය පෙන්වන්න, ඉන්දියානු අවධානය වැඩි කරගන්න අවස්ථාවක් විතරයි. වරද තියෙන්නේ ඉන්දියාව අතේ.

ඉන්දියානු අගමැතිතුමා, ඉන්දියානු බමුණු කුලයේ නිලධාරී පැලැන්තිය මෙවැන්නක් සදහා ඉඩ දීපු එකම පැහැදිලිවම අපේ රටේ ස්වෛරීභාවයට අත පෙවීමක්. දැන් ඉන්න ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිතුමා, අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා නොර්වූඩ්වල විතරක් නෙමෙයි ලංකාවේ වෙන ඕනෑම තැනක ඉන්දියානු අගමැතිතුමාට ජනහමු තියන්න අවශ්‍ය සියලු පහසුකම් සපයල දෙයි. ඒ ගැන අපි පුදුම වෙන්න ඕන නැහැ. එත් ඉන්දියාවට තිබුණා මේ වගේ නොසන්ඩාල වැඩක් නොකර ඉන්න.

මේ නිකමට අහන්නේ මෛත්‍රීපාල සිරිසේන අපේ ජනාධිපතිතුමාට කාශ්මිරේ ජම්මුවල හරි ශ්‍රීනගර්වල හරි මහජන රැස්වීමක් තියන්න ඉන්දියාව ඉඩ දෙයි ද? අඩුම ගානේ (දාලිත්) බෞද්ධයෝ විශාල පිරිසක් ජීවත්වන මහාරාෂ්ඨයේවත්.

FB චන්න ජයසුමන

68 views

15 Comments to “ඉන්දියාව මෙරට ස්වෛරීභාවයට අත පොවයි.. අගමැති මෝඩි නෝර්වුඞ්වල නොසන්ඩාල වැඩක..”

  1. kumaraya says:

    ballo maskatu lovinakota nari badapinum gahana eka ahanna deyakda.

  2. RW says:

    Please don’t try to show off Mr. Jayasumana. What’s wrong in Mody meeting some Sri lankans with Indian origin. Try to be matured.

    • Satan says:

      තමුසෙ වගේ බූරුවෙක්. කොහෙද යකෝ Indian Origin දැන් ?

      • CAT says:

        @ RW
        If he worry about Indian origin why not he take them back to India …This is not about Tamils but only S. Indian Politics

      • SAPU says:

        ඉන්දියාවේ වැසිකිලියක් නැහැ ..මිනිස්සු කුසගින්නේ ,මැරෙනවා …මෝඩි ලංකාවේ වතුදෙමලුන් ගැන දුක්වෙනවා …හැබැයි දෙමළ දකුණු ඉන්දියානුවන් ලංකාවට එවනවා …මෙහෙමත් බොරු ෂෝ

    • CoolJK says:

      When Turkish politicians addressed Pro-Ergodan supporters in Western Europe, they were prevented and it ended with a diplomat being expelled. Indian PM can meet Indian expats. So in a way it is OK to have it because anyway most Tamils of Sri Lanka are expats who have not integrated into Sri Lankan society despite having SL citizenship.

  3. White Shark says:

    Don’t worry. The disgrace is for India not for us. The Indian Prime Minister himself has lowered his own status to one of the Indian High Commissioners who has a habit of interfering in Sri Lankan politics.

    For Indians, Protocol is a serious matter. However, they have breached their own Protocol by debasing the dignity and status of their own Prime Minister. Who cares? Modi’s speech in Norwood or his participation at our Vesak Festival doesn’t bear any significance in Sri Lankan politics.

  4. Dharshana says:

    Kalu kodi daapan ko

  5. Dickie Bird says:

    He may worship with his hands and feet but this Indian remains an Indian…………………….Trust him ??

  6. Wijebahu says:

    Onna babo billo enawa andana lamai allan yanawa. I think sri lankans have a bit more wisdom now. thats why racist JO will never succeed in this country ever again.

  7. s says:

    mu kohomath nosandalayek

  8. Sanidu Sooriarachchi says:

    ඉන්දියාවෙන් ආවහම වතුකරේට හරි උතුරට හරි ගෙනියන එක ගැන මමත් හිතුව, හරියට එයාලගේ ජන කොටසක් ඉන්නවා වගේ. පකිස්තනෙන් ආවහම මඩකලපු ගෙනියාවී. ඒ රටවල funds දෙන්නෙත් ඒ ජන කොටස් වලට.. අන්තිමට ඒ මිනිස්සු ඉන්දියන් ක්‍රිකට් team එකට හුරේ දැම්මහම අපි බනිනවා. වරද කාගේද? වෙන රටක රාජ්‍ය නායකයෙක් එන්නේ රටක් නියෝජනය කරමින් තව රටකටනේ. මේ දේවල් නැවත සිදු නොවිය යුතුයි.

    • OLU says:

      දැන් ලංකාවේ පාලකයා සුලුජාතින් නටවන රූකඩයක් ..සිරා සිහින ලෝකේ ජිවත්වෙද්දී අපේ රට අගාදයේ ..පුදුමය අපේ රටේ සිංහල මහජාතිය තාම නිදා සිටිමයි …ඇත්තටම රට ජාතිය ගැන හිතන අපට මේ සදහා තනිවම කිසිවක් කිරීමට බැහැ ..අපේ රටේ සිංහලයන් සියලු දෙනාම සමගිවී අපේ මව් බිම බේරාගැනීමට කටයුතු කල යුතු මේ කාලය යි ,,,සිංහලයෙනි අවදිවෙව්

  9. Shirley says:

    What’s wrong in that. Even our premier or president visit some country they usually meet sri lankan population there and discuss their issues. You are seeing crocodiles in a tea cup. Stop rubbish.

    • Palitha says:

      What a foolish statement by Shirley. Yes our premier and president meet Sri Lankans in abroad. Is that the Indians addressed by Indian PM ? මේ ගොන් අලියා හිතාගෙන ඉන්නේ උඩරට ඉන්නේ ඉන්දියාවේ උන් කියලා. නෑ හලෝ උන් ලංකාවේ පුරවැසියෝ.

Main News