ඉන්දියාව යනු ශ්‍රී ලංකාවට හැමදාම වින කරන රටක් යයි ජිනීවාහිදි ඔප්පු කලා.. ජිනීවා පෙන්වා ඔවුන් හදන්නේ රට කොල්ල කන්නයි..

March 24, 2021 at 6:46 pm | lanka C news
ඉන්දියාව යනු ශ්‍රී ලංකාවට හැමදාම වින කරන රටක් යයි ජිනීවාහිදි ඔප්පු කලා.. ජිනීවා පෙන්වා ඔවුන් හදන්නේ රට කොල්ල කන්නයි..

ඉන්දියාව මානව හිමිකම් දඬු අඩුව යොදාගනිමින් අපේ රටේ ජාතික සම්පත් කොල්ලකෑමට ගන්නා උත්සාහය යළිත් මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ඔවුන් හැසිරුණු ආකාරයෙන් තහවුරු වී ඇති බවත් එම ක්‍රියා පිළිවෙත දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

අද (24) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා මෙසේද සඳහන් කළේය.

වැනෙන්නෙ නැති සෘජු තීරණයක්

“දෙමළ ඩයස්පෝරාවට යට වූ සහ ඔවුන්ගේ ඡන්දය බලාපොරොත්තු වන රටවල් විසින් මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙනා ආ ශ්‍රී පංකාවට එරෙහි යෝජනාව සම්මත වී තිබෙනවා. ශ්‍රී ලංකාව සමඟ අව්‍යාජව අත්වැල් බැඳගත් චීනය, රුසියාව, කියුබාව ඇතුළු ඒ රටවල් 11ට අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස අපගේ ප්‍රණාමය පුද කරනවා. මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් වැනෙන්නෙ නැතුව සෘජු තීරණයක් ගත් අපේ ආණ්ඩුවටත් අපි කෘතවේදීත්වය පළ කළ යුතුයි. පසුගිය ආණ්ඩුවට මේ සඳහා කොන්දක් තිබුණේ නැහැ. ඒ නිසයි ඔවුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි 30/1 සහ 40/1 යෝජනා සඳහා සමඅනුග්‍රාහකත්වය දැක්වූයේ. සමඅනුග්‍රාහකත්වය දැක්වූවා පමණක් නොවෙයි එම යෝජනා මාලාවේ නිර්දේශ එකිනෙක ක්‍රියාවට නැංවූවා. රණවිරු දඩයම, විශේෂයෙන් බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීම, ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදු කිරීම පෙන්වාදිය හැකියි.

ජාත්‍යන්තර මානව හිමිකම් අවිය

විශේෂයෙන් බුද්ධි අංශ දුර්වල කිරීමේ ප්‍රතිඵලයක් වූයේ පාස්කු ප්‍රහාරය එල්ල කිරීමයි. ඒ විදිහට කොන්ද නමමින් යහපාලන ආණ්ඩුව කළ පාවාදීම් නතර කරමින් එම රටට එරෙහි යෝජනාවලින් ඉවත් වීමට අපේ ආණ්ඩුව ක්‍රියා කළා. කොටි ත්‍රස්තවාදීන්ට ආයුධවලින් කරගන්න බැරිවුණු වැඩේ දෙමළ ඩයස්පෝරාවට ජාත්‍යන්තර මානව හිමිකම් අවිය යොදාගෙන ඉටු කරගන්නට වුවමනා වුණා. අදත් අපි දකින්නේ ඒ උවමනාව ක්‍රියාත්මක වන ආකාරයයි. එදා ප්‍රභාකරන්ගේ බෝම්බයට බැරි වුණු දේ මිෂෙල් බැෂලේලාගේ මානව හිමිකම් බෝම්බය මගින් ඉටුකර ගන්නයි මේ උත්සාහ ගන්නේ. අපි ඉතා පැහැදිලිව මේ සම්මත වූ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ජාත්‍යන්තර කීර්තියට පත් සර් ඩෙස්මන්ඩ් ද සිල්වා, සර් ජෙෆ්රි නයිස්, මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස් වැනි යුද අපරාධ විශේෂඥයන් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා අසත්‍ය ඒවා බවට ඔප්පු කොට තිබෙනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හැමදාම රැගෙන ආවේ වැදගත් යෝජනා නොවෙයි, ශ්‍රී ලංකා රජය උගුලකට හසු කරන යෝජනායි. පසුගිය කාලයේ රාජ්‍ය නොවන සංවිධාන, මානව හිමිකම් සංවිධාන, ශ්‍රී ලංකා රජය උගුලකට හසු කරගන්න උත්සාහ කළා. ඒ තමයි ‘මෙම සම්මත වූ යෝජනාව වෙනුවට ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කළ යුතුයි’ කියන එකට එකඟ කරවා ගැනීමට. අපේ ආණ්ඩුවට කොන්දක් තිබුණා ඒ උගුලේ නොවැටී ඉන්න.

නමුත් අපට ඉතා කණගාටුයි ‘අපේ අසල්වැසියා, ලොකු අයියා’ කියන ඉන්දියාව ඊයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී හැසිරුණු ආකාරය ගැන. එහිදී ඔවුන් ඉතා පැහැදිලිව යළිත් සනාථ කළා ‘ඉන්දියාව කියන්නේ ශ්‍රී ලංකාවට හැමදාම වින කරන රටක්’ කියා. ඉන්දියාව හැමදාම ‘13 වැනි සංශෝධනය කියන මුව හමට’ තඩි බාමින් ශ්‍රී ලංකාවට වින කරනවා. ඉන්දියාවේ ඒ නිලර්ලජ්ජිත ක්‍රියාදාමය නිසා තමයි ඉන්දියාවට ඉතාමත් දැඩි ලෙස යටත්ව සිටින නේපාලයට ද කලාපීය සහයෝගීතාව පවා නොසලකා ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ඡන්දය දීමට සිදුවූයේ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

40,533 views

34 Comments to “ඉන්දියාව යනු ශ්‍රී ලංකාවට හැමදාම වින කරන රටක් යයි ජිනීවාහිදි ඔප්පු කලා.. ජිනීවා පෙන්වා ඔවුන් හදන්නේ රට කොල්ල කන්නයි..”

  1. GAMINI SENANAYAKE says:

    එතකොට චීන ගිනි පොලියට ණය දීලා රට කොල්ල කන එක අමතක වෙලාද ? sovereign bond වලට අමතරව, ඒ වගේ ගිනි පොලී ණය දුන්න වෙනත් රටවල් තියෙනවද? රටේ මිනිස්සු මූල්‍ය ආර්ථික විද්‍යව dhanneනෑ. විශේෂයෙන් සොෆ්ට් agreement එක හරහා ණය දීලා, පොලියත් අරගෙන, චීන බඩු ටිකත්, විකුණගන්න එක මූට පේන්නේ නැද්ද?

  2. hela-01 says:

    අපේ රටේ ඉන්නේ බුද්දිමත් දේශප්‍රේමී ජනතාවක් නම් අපිට පුළුවන් ඉන්දියාවට හොද පාඩමක් කියල දෙන්න. ඒ කොහොමද දන්නවද අපි හැමෝම ඉන්දියන් බඩු ගන්න එක සහ ඉන්දියන් සේවා වලින් පුළුවන් තරම් ඈත් වෙන්න ඕනේ.

  3. පුත්තලම් පුට්ටු බුරුවා says:

    තොපි ඉන්දියාවට බනිනවා මහ එවුන් ඉන්දියාවට වදිනවා ⁣අයිත් තොපි මහ එවුන්ට වදිනවා පක්ෂය ආණ්ඩුවෙන් පන්නන්න එපා කියලා 69 ගොබ්බ සැට් එක විශ්වාස කරනවා

  4. kawinda says:

    atheethaye dee solee, paandi, kerala, elaara Sinhala rata aakramanaya karanna wali kewa. e bawa amathaka karanna epa. Dutugemunu weni weera vikramaanwitha nirbheetha rajawarun newatha pahala wenne nehe. me mathuwa eththe indiyaawata yatathwana kaalayai.

  5. Ayotallah says:

    The Government should learn a lesson from this Fiasco. They should abolish the 13th amendment in TOTO The Country ran beautifully without PS for last two years and the Indians wants to incorporate Police and Land powers to PS to establish an EElam. Please stop all imports from this Dirty country whose people defecate on roads

  6. කුඹුක්කණ් says:

    දඹදිව ගගා, ඉන්දියාවෙ ශොපින් යන එක නවත්තහල්ලා පුලුවන් නං. අර හුරින්ද්‍ර පරාජලාල් ලා ගෙ මඩි තර කරන්න උපාසක අම්මලව රවට්ටං කරං යන මේ මෝඩ බිස්නස් එක නවත්තහල්ලා.
    අර කලිං පාරක හාමුදුරු කෙනෙක්ගෙ ගහලා , ඉන්දියාවෙ යන එක නැවැත්තුවා විතරයි. උන් දණින් වැටිලා එන්න එන්න ගෑවා.

    මේ අවුරුදු 72 ක් තිස්සෙ රට , බටහිර සහ ඉන්දියන් බිස්නස් වලට යටකරපු, ඒ බිස්නස් වල සේල්ස් රෙප්කං කරන්න බිහිකරපු රට මේ තත්වෙට ඇදදාපු බටහිර බූරු උගත්තු පැත්තකට වෙලා හිටියොත් දැන්වත් හොඳයි