ඉන්දියාව වැඩිපුර ප්‍රතිඅපනයන කරන නිසා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ඔ්න කියන්නෙ මෝඩ තර්කයක්..- විමල්
January 25, 2021 at 12:00 pm | lanka C news
ඉන්දියාවෙන් වැඩිපුර කන්ටේනර ප්‍රතිඅපනය සදහා එන්නේ යයි කියා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම හෝ දෙන්න වෙනවා යැයි කීම මෝඩ තර්කයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
කොළඹ වරාය බදු වරායත් සදා ගැනීමට ඉන්දියාවට පුළුවන්කමක් තිබුනේ නම් ඔවුන් එය දැනටමත් කර අවසන් බවත් පවසන අමාත්‍යවරයා ප්‍රති අපනයනයට කොළඹ වරාය භාවිතා කිරීමට ඉන්දියාවට සිදුව ඇත්තේ කොළඹ වරායේ විශේෂත්වය නිසා බවද ඔහුගේ අදහසයි.
එනිසා ප්‍රතිඅපනයන බහුතරය ඉන්දියාවට කරන බව සඳහන් කරමින් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමත් සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම මෝඩ තර්කයක් බව ඇමතිවරයා කියා සිටී.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් කැබිනට් පත්‍රිකාව මෙතෙක් කැබිනට් මණ්ඩලය ඉදිරිපත් වී නැතැයිද පැවසූ ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් වූ පසු අධ්‍යනය කර බලා අදහස පළ කරන බවද කියා සිටියේය.
කවුරු හරි සන්වේදී උනොත් මොකද කරන්නේ?
කරන්න දෙයක් නෑ…. එතකොට දෙන්න වෙනවා ඉතිං!
චීන්නුන්ට හම්බන්තොට වරාය වසර 99 බදු දුන්නා ..කොලබ ඉඩම් චීන හෝටල් වලට සින්නක්කර විකුණුවා …මහින්ද තමයි රටේ සම්පත් විකිණීමට බදු දීමට පටන් ගත්තේ ..LTTE ත්රස්තවාදීන්ගෙන් රට බේරාගත් නායකයාම අපේ රටේ සම්පත් විදේශිකයින්ට ලබාදීමට කටයුතු කිරීම රටේම අවාසනාවක් ..ඔහු කරෙහි ජනතාව තිබු විශ්වාසය ගෞරවය දැන් සදහටම නැතිවී යනවා …දැන් කරන්නෙත් එවැනිම ද්‍රෝහී ක්‍රියාවක් ….ඉන්දියාවට අපේ රටේ කිසිම තැනකින් බිම් අගලක්වත් නොදිය යුතුයි …. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදිය යුතුයි …විමල්ට අපේ ප්‍රණාමය
චීනට වරාය වික්කේ වික්කමසින්හ
ෂන්ග්රිල්ලා එකට ඉඩම වික්කෙ ලංකාවට කවුරුවත් එන්නෙ නැති වෙලාවක ඒකත් ඉතාම ඉහල මිලකට
රට රැකගන්න MR ලොකු කැපකිරීමක් කළා ඒ නායකයාගේ තටු කපල දන් ඉන්න කාලකන්නි නායකය කියන එකා අමෙරිකාවෙ ඕනේ එපාකම් කරගන්න අමෙරිකන් කාරයා විසින්ම පත්කරපු ගොබ්බ ගෝත පැටියෙක් පාස්කු ප්‍රහාරය මුස්ලිම් ජාතිකයන්ගේ ඔලුවට jදාල රට ඇතුලේ ජාතින් කොටවල දේශපාලන වාසි අරන් චන්දෙ දින්නා පාස්කු ප්‍රහාරයේ CIA මෙහෙයුමෙන් ගෝටාභය අනුදැනුම පිට සිද්දියකි කවදා හෝ සත්‍ය ජය ගනී…
මෙ දිනවල අර සිරසෙ ජති ආලය ඩොරෙ ගලන්න පටන් ගෙන.
අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ…
ලේකිරි දුන්උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ…
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ…
දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ…
උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්…
මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්…
තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී…
ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී…
අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී…
මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී…
හොර බොරු නැති මවාගෙන නැති විශේෂඥයන් ලංකාවේ ඉන්නවා ඒ අයට තැන දෙන්න. කලා උපාධි අය ඉංජිනේරු වැඩ ගැනත් කළමණාකරණය ගැන විද්‍යා උපාධි අයත් තීරණ ගන්නා යුගය අවසන් කල යුතුයි. ඒ වාගේම මොන උපාධිය තිබ්බත් මොලය නැති පොතේ ගුරාලා වාගේ ලේකම්ලත් අධ්යක්ෂ ජනරාල්වවරුත් මෙකී නොකී තනතුරු දරමින් පඩ ෂෝ කාරයන් රට පාලනය කරන යුගය අවසන් කල යුතුයි