ඉන්දිය අගමැතිවරයෙකු පලමු වරට තම ප්‍රාන්තයකින් පිට වෙනත් රටක මහජන රැලියක් අමතයි.. නිදහසින් පසු පලමු වරට එය ලංකාවේ සිදුවෙයි..

May 13, 2017 at 11:20 am | lanka C news
ඉන්දිය අගමැතිවරයෙකු පලමු වරට තම ප්‍රාන්තයකින් පිට වෙනත් රටක මහජන රැලියක් අමතයි.. නිදහසින් පසු පලමු වරට එය ලංකාවේ සිදුවෙයි..

ඉන්දීය අගමැතිවරයා හරියටම පැය 24 ක් වැනි ඉතා කෙටි කාලයක ශ්‍රීලංකාවේ සංචාරකයකින් පසුව ඊයේ සවස දිවයිනන් පිටත්ව ගියේ ය. මෙහිදී ශ්‍රීලංකාවේ රජය පුන පුනා කිවේ ඉන්දීය අගමැතිවරයා ලංකාවට පැමිනෙන්නේ 14 ජාත්‍යන්තර වෙසක් දිනයට සහභාගි වීමට ශ්‍රීලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව විනා වෙනත් කිසිම කටයුත්තක් සඳහා සහභාගි නොවන වගයි.

එහෙත් එම නිවේදනයේ කොතනකවත් ඉන්දීය අගමැතිවරයා ශ්‍රීලංකාවේ ජන රැලියක ප්‍රධාන අමුත්තා ලෙස එක් ජනකොටසක් අමතනවා යන්න සඳහන් කොට නොතිබුණි. එමෙන්ම එහිදි එම ජනතාව දිනා ගැනීම සඳහා ඔහුන්ගේ අත්පොලොසන් මැද නොයෙකුත් පොරොන්දු ලබාදීමේ ක්‍රමවේදයක් මෙරටේ දේශපාලන නායකයින් පොරොන්දු වෙනවා හැරෙන්නට කිසිදින දැක නැත.

එහෙත් මෙම නව අත්දැකීම ලෝකයේම පලමු වරට සිදු වී ඇත්තේ ශ්‍රීලංකාවේ බව ඉදිරියේදී අපේ රටේ ජනතාවට හොදින් පැහැදිලි වෙනු ඇත.

දික්-ඔය මූලික රෝහල නවීකරණය කිරීමෙන් පසුව 2015 09 18 වනදා විවෘත කෙරුනු වග ඉන්දීය රහස් ඔත්තු නිලධාරින් හොඳින්ම අවබෝධ කරගෙන සිටින්න ඇත. එලෙස විවෘත කල නව ගොඩනැගිල්ල ඉන්දීය අගමැති ලවා යළි විවෘත කරවීම රාජ්‍යතාන්ත්‍රික ප්‍රෝඩාවකි.
එහෙත් එහි සැබෑ අරමුණ රෝහල විවෘත කරවීමට වඩා වැඩි දෙයක් බැව් පැහැදිලිවම එම ජන රැලිය ඇමතු ඉන්දීය අගමැතිවරයාගෙන් දැකගත හැකිවිය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති හා අගමැති දෙපැත්තේ තබා ගෙන තම ප්‍රාන්තයක සිදු වන ජන රැලියක් මෙන් මේරටේ එසේ සිදු වීම එක්තරා විදියක 1983 හිටපු ඉන්දිය අගමැති රජීව් ගාන්ධි බලහත්කාරකමෙන් උතුරේ ජනතාව තම සහෝදර ජනතාව කියා පරිප්පු දැමීමට සමාන විය හැකිය.

28 views

5 Comments to “ඉන්දිය අගමැතිවරයෙකු පලමු වරට තම ප්‍රාන්තයකින් පිට වෙනත් රටක මහජන රැලියක් අමතයි.. නිදහසින් පසු පලමු වරට එය ලංකාවේ සිදුවෙයි..”

  1. පොඩිMAN says:

    අපේ හිටං සහ හුටං අංකල්ලව දැක්කහම, අම්බලන්ගොඩ රූකඩ හා මපට් ෂෝ එක මතක් වෙනවා.

  2. Dickie Bird says:

    Moooooooooo hithagena aththe mekath තම ප්‍රාන්තයකි kiya.

  3. kamalsirikuruwita says:

    දුබලයාට එළුවාත් රැවුල පානවා කියා කියමනක් ඇත. කපටින්ට දුබලයාගෙන් කරගන්නට බොහෝ වැඩ ඇත . දුබලයනට ඇත්තේ පොර ටෝක් සහ ගොන් ජෝක් පමණි.

  4. Jothipala says:

    කෝ අප්පා කළු කොඩි?? මෝඩි ආසාවට එකක් වත් දැක්කේ නැහැ!!

  5. haily ekanayake says:

    ආවේ වෙසක් නිසාවත් රෝහල විවෘත කරන්නවත් නොවන හින්දා, අර අත්සන් ටික ගහන්නයි, එයාගේ ජනතාවට ලංකාව ඉන්දියාවෙම කොටසක් කියන්නයි පැය 24 කුත් වැඩියි.

Main News