ඉන්දිය සංචාරකයින් මෙරටට එන්නේ සංචාරක බුබුල ක්‍රමයටයි…

April 29, 2021 at 6:26 am | lanka C news

ගුවන්තොටුපොළ  වැසීම හෝ සංචාරකයින් ගෙන්වීම සීමා කිරීම සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ සෞඛ්‍යය නිර්දේශ අනුව යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ අද (28) ගම්පහ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කොවිඩ් වෛරසයේ ප්‍රභේද වෙනස් කරමින් නැවත නැවත මතුවීමේ තත්ත්වයට මුහුණ දීමට සෞඛ්‍ය අංශ ඇතුළු  රාජ්‍ය යාන්ත්‍රණය සූදානම් කර  ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව  සංචාරකයින් ගෙන්වීම සීමා කිරීම හෝ ගුවන්තොටුපොළ වැසීමට අදාළව තීරණ ගනු ලබන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් වෛරසයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ඉන්දියාවෙන් සංචාරකයන් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසීය.

“ඉන්දිය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ සංචාරක බුබුල ක්‍රමය (travel bubble) හරහායි. මෙතන කිසිම ජාවාරමක් සිදු වෙන්නේ නැහැ. මේ වන විටත් ඉන්දියාවෙන් එන සංචාරකයින්ට විවිධ සීමා කිරීම් පනවලයි තිබෙන්නේ. ඉන්දියාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්  මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන් වෙනමම හෝටල් කාමරවල නිරෝධායනයට ලක් කරනවා.  ඒ වගේම ඉන්දියාව සමග සාකච්ඡා කර මේ අවස්ථාවේ ඉන්දීය සංචාරකයන්ගේ පැමිණීම සීමා කිරීමටත් පියවර ගත්තා.

එක්වරම සංචාරකයින් පැමිණීම සීමා කර ගුවන් තොටුපළ වසා දමන්න අපට බැහැ.සංචාරකයින්ට වඩා අපේ විදෙස්ගත ශ්‍රමිකයන් තමයි වැඩිපුරම ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිනෙමින් සිටින්නේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට කිසිදු අවසරයකින් තොරව මෙරටට පැමිණීම සඳහා අවස්ථාව ලබා දීලා තිබෙනවා. ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබෙන්නේ අපේ විදෙස්ගත ශ්‍රමිකයින්ට කිසිදු බාධාවකින් තොරව මෙරටට පැමිණීමේ අවස්ථාව ලබා දෙන්න කියලයි. යම් හෙයකින් නිරෝධායන මධ්‍යස්ථානවල     ඉඩකඩ මදි වීමක් සිදු වුණොත් තමයි විදෙස්ගත්   ශ්‍රමිකයින්ගේ පැමිණීම සීමා කරන්න වෙන්නේ.

කෙසේ වෙතත් මේ වනවිට  ගුවන්තොටුපොළට සාමාන්‍ය ජනතාවට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගුවන්තොටුපලට ඇතුල් වෙන්න පුළුවන් මගීන්ට විතරයි. ”  යි ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

 – ප්‍රදීප් අනුර කුමාර

34,008 views

24 Comments to “ඉන්දිය සංචාරකයින් මෙරටට එන්නේ සංචාරක බුබුල ක්‍රමයටයි…”

  1. row says:

    me kalakanninta salli walata wada wadi deyak ne..mini wikunala hari salli hoyannai one..me rate mechchara leddu wadi wenakota indiawen thawath eun genalla purawanawa..unta corona thibunama mehe hospital walata danne.eken ape rate minissunta thiyena ida thawath ahi renawa..me kada bada mahatha minimaru kappama panuwo gahala marenna one..thope lamainta pawa le bada gihin marenne balapiyaw

  2. kanday says:

    absolute brainless idiots running this country. we need to close off the country to all Indian tourists at this point except ones that have been fully vaccinated or have a residency visa here. Utter madness.
    Our government always late in making the smart decisions. When are we ever going to wake up as a country?

  3. Alapaluwa SA says:

    Good move but should handle in proper way.

  4. Truth says:

    Bison bull nice name to use 😃

  5. සකු says:

    ප්‍රසන්න ගෙ තම බිරිඳ ගෙ ඉන්දීය න් නේදායො ටිකත් ගෙනල්ල ම ඉන්දීය න් කාරයො ගේන එක නවත්තමු. නෙත්නම් ගේනි ගහනව.

  6. බුද්ධිමත් චමින්ද අයියා says:

    මේ වෙලාවෙ බුද්ධිමත්ව වැඩ කල යුතුය. වෙනම කොරෝනා සඳහා රෝහල් ඇතිකර ඉන්දියාවේ ඉන්න පොහොසත් කොරෝනා රෝගීන් ලංකවෙට ගෙන්වා ප්රතිකාර ආරම්භ කර විදේශ විනිමය උපයා ගත යුතුය.

  7. sadun says:

    ඔය එන ඩොලර් කෙලින්ම පැනමා එකවුන්ට් වලට

  8. මෝ says:

    ගොන් හර්කුනේ දැන්වත් ඔය ඉන්දියන් කාරයින් ගේනඑක නවත්තපියව්.උබේ බුබුල බම්බුව තමයි.දෙවනි රැල්ල ආවෙත් ඉන්දියාවෙන්.ගොන් ප්‍රසන්නයා.

  9. තක්බීර් says:

    මුගෙ බුබුලු දෙකේද දන්නෑ..එක්ක යන්නේ..

  10. PaveenKF says:

    දැන් ඉන්දියාවේත් මැරෙන සංඛ්‍යාව වැඩි.. මෙහෙත් ඕකමද කරගන්න ඕනේ???

Main News