ඉන්දිවේ විකුණන්නේ නැනෝ යූරියා.. ඒක ලාබයි.. අපි ගේන්නේ නැනෝ නයිට‍්‍රජන්..

November 10, 2021 at 10:00 am | lanka C news
ඉන්දිවේ විකුණන්නේ නැනෝ යූරියා.. ඒක ලාබයි.. අපි ගේන්නේ නැනෝ නයිට‍්‍රජන්..

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් නැනෝ නයිට‍්‍රජන් ආනයනයේ දී තමන් සහ නියෝජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ බිලියන අටක් වංචා කළ බවට එල්ල වන චෝදනාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අදාල ඉන්දීම සමාගමේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ නැනෝ යූරියා වල මිල ගණන් බවද පැවසූ ඔහු ලංකාවට ගෙන්වල ලද්දේ නැනෝ නයිට්‍රජන් බවද සඳහන් කළේය.

එමෙන්ම එම වෙබ් අඩවියේ දක්වා ඇති ඉන්දියාවේ සහනාධාර මිල බවත් ඇමතිවරයා පැවසීය.

ඉන්දීය සමාගමක නිෂ්පාදනයක් වන නැනෝ යූරියා දියර පොහොර ඉන්දීය රුපියල් 240 ක මුදලකට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට ඔවුන් කටයුතු කරන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 645 ක පමණ මිලකි.

ශ‍්‍රී ලංකාවේද ‘නයිට්‍රො රජා’ නමින් බෙදා හරිනු ලබන්නේද මෙම සමාගමේ දියර පොහොර වර්ගයකි.

යොමුව මෙතනින්..

21,934 views

23 Comments to “ඉන්දිවේ විකුණන්නේ නැනෝ යූරියා.. ඒක ලාබයි.. අපි ගේන්නේ නැනෝ නයිට‍්‍රජන්..”

  1. EhewEka says:

    යුරියා වල තියෙන්නේ මොනාද දන්නේ නැති කෘෂි ඇමති කෙනෙක්. අය්යෝ කොහෙන් හිනා වෙන්ඩද මේවට. හොරකන් කරලා මදිවට ගොනා වගේ ඒවා වහන්ඩත් යනවා…

  2. අරුණ says:

    නයිට්‍රජන් නැනො අනේ මන්දා, අලුත් ජාතියක් වෙන්න ඇති. අපරදේ මෙච්චර කල් නයිට්‍රජන් සදහා යුරියා දැම්මෙ, කෙලින්ම නයිට්‍රජන් දන්න තිබ්බනේ,

  3. වෙන්න බැරිද says:

    ඇමති තුමෝ, ඕක නැනෝ යුරින් (Urine) වෙන්න බැයිද?. එතකොට චීනෙන් අසූචි, ඉන්දියවෙන් චූ.

  4. වෙන්න බැරිද says:

    ඇමති තුමෝ, ඕක නැනෝ යූරියා නෙමෙයි නැනෝ යුරින් (Urine) වෙන්න බැයිද?. එතකොට චීනෙන් අසූචි, ඉන්දියවෙන් චූ.

  5. LalithM says:

    මුං රෑන මුත්‍රා එකතු කරල වවන්න කිව්වත් පුදුම වෙන්න එපා. ඒකත් විකුණාගෙන රටට අරං යයි.

  6. citizen says:

    This idiot does not know the difference between a trade name and a real chemical name. He has still not said anything how a large amount of money is transferred from Peoples Bank to a company created only one day before. Millions would have been paid as commissions.
    This nanourea has only 4% nitrogen while urea has 42% nitrogen and much cheaper. Also, nanonitrogen should be sprayed to leaves and is not suitable for application as initial mada pohora. What will happen is it will get washed away and also promote weed growth. There are no weedicides available. We will end up in a big disaster.

  7. baමුනා says:

    පල බූරුවො අතට අහුවෙන බොරු කියන්න් නැතුව​.. අපිටත් පුලුවන් ඔන්ලයින් එකෙන් මිල ගනන් බලන්න​… මුන් හොරා කාලා .

  8. Kalu Albot says:

    This Minister`s knowledge about Agronomy and Fertilizers is amazing! Real Scarecrow!! Ammaa Oka!! Wonderful!!

  9. 0.00069 BIYYO says:

    මහින්දානන්ද තරමි අනුන්ට අපහාස, උපහාස කරපු කටහැකරයෙක් ඉතිහාසෙම ඉඳල නෑ. දැන් මුගේ බහින කලාව. දැන් මූ ගලේ පැහැරෑ බලලා වගේ.

    මූට නට් ලූස්.. 😀 😀😀 😀😀 😀

    නයිට්‍රජන් යනු වායුවකි, එය සාමන්‍ය කාමර උශ්ණත්වයේ දිය කල නොහැක එසේ කිරීමටනම් අදික පීඩනයකින් පීඩනය ට ඔරොත්තු දෙන සිලින්ඩරයක එය කල හැක, පිලාස්ටික් කෑන්වල දැමිය නොහැක. 8 වත් සමත් නැති එකෙක් රසායනික විද්‍යාව කතා කරයි

  10. මං වියතා says:

    මීහරකෝ..නයිට්‍රජන් දාල තමයි යූරියා හදන්නේ . අල්ලපු ගෙදර අටේ පංතියේ පොඩි ඵකාගෙන් අහ ගනින්.
    .

    • 0.00069 BIYYO says:

      මූට නට් ලූස්.. 😀 😀😀 😀😀 😀
      මහින්දානන්ද, ඕක නැනෝ යුරින් (Urine) වෙන්න බැයිද?. එතකොට චීනෙන් අසූචි, ඉන්දියවෙන් චූ???

Main News