ඉන්දීයාවේ ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයෙන් පසු අගමැති ඇඹිලිපිටියෙන් වේදිකාවට.. O/L දෙවරක් ෆේල් වුණාම වෙන දේ.. නිවාස අමාත්‍යංශය හතරට කැඩීම කියයි..

July 29, 2019 at 12:02 am | lanka C news
ඉන්දීයාවේ ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයෙන් පසු අගමැති ඇඹිලිපිටියෙන් වේදිකාවට.. O/L දෙවරක් ෆේල් වුණාම වෙන දේ.. නිවාස අමාත්‍යංශය හතරට කැඩීම කියයි..

අවුරුදු 10ක් කරන්න බැරැවුන අයට ආපසු ඕක කරන්න පුලුවන්ද.එදා නිවාස වලට හැදුවේ සංඛ්‍යාව සීමා  සහිතයි. මේ සුලුතරය තියෙන ආණ්ඩුව කොච්චර නිවාස හදනවද කියනවනම් නිවාස හදන අමාත්‍යාංශ හතරක් තියෙනවා.නිවාස අමාත්‍යාංශයේ උදාගම් ගාමීය වැඩපිළිවෙල කරනව.අපේ කදුරට අමාත්‍යාංශයෙන් වතුකරයේ නිවාස හදනවා.මගේ අමාත්‍යාංශයේ උතුරු නැගනහිර නිවාස හදනවා.මම අහන්න හදනවා.මම අහන්න කැමතියි අවුරුදු 10ක් නිවාස හදන්න බැරිවුන අයට මීට වඩා හොදට නිවාස හදන්න පුලුවන්ද. යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය

ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේ පැවැති ඔප්පු ප්‍රදාන උත්සවයකට සහභාගී වෙමින් ජනතාව අමතා අගමැති වරයා මෙම අදහස් පල කරන ලදී. මෙහිදී ඔප්පු 2500ක් පිරි නැමීම සිදුවූ අතර එය සංකේතවක් කරමින් අගමැතිවරයා අතින් සීමිත පිරිසකට ඔප්පු ප්‍රධානය වේදීකාවේදී සිදු කරන ලදී.මෙම අවස්ථාව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කර තිබූ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සියල්ල නියෝජනය කරමින් හිමිකම් ලාභීම් පැමිණ සිටියහ. මෙම අවස්ථාවට අමාත්‍ය ගයන්ත කරුණාතිලක,අමාත්‍ය තලතා අතුකෝරල,පාර්ලිමේන්තු මන්ත්‍රී

හේෂාන් විතානගේ,පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ.විජේතුංග,යන මැති ඇමතිවරුන් මෙම අවස්ථාවට සශභාගී විය.

මෙහිදී වැඩිදුරටත් කතාකල අග්‍රාමාත්‍ය වරයා,

මම තීරණය කලා අපේ මේආණ්ඩුව අපි සම්පූර්ණ කාලයේ ගෙනියනව කියල. අපි ජනාධිපතිවරණයත් පවත්වනව කියල තමයි තීරණය කරල ඇවිල්ල තියෙන්නේ. කොහොම හරි බඩගාල හරි ආණ්ඩුව එහෙම ගෙනිච්චා.අභියෝග ගනනාවකට මූණ දුන්නා. ගංවතුරට මූණ දුන්නා නියගයට මූණ දුන්නා.ප්‍රාදේශීය සභා ජන්දය පරාජයට මූණ දුන්නා. ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයට මූණ දුන්නා.පාස්කු ඉරිදා බෝම්බයට මූණ දුන්නා.අපි වැටෙයි අපි නැතිවෙයි කියල හිතුවා.බහුතරයක් තියෙන ආණ්ඩුවකට වඩා කොහොම හරි ස්ථාවර භාවයෙන් අපි මේ ආණ්ඩුව ගෙනයන්නේ.

අපි මේ ආණ්ඩුව ගත්තේ කවුරුත් බලාබපාරොත්තු නොවූ අවස්ථාවක.ආණ්ඩුව ගෙනයයි කියල කවුරුවත් බලාපොරොත්තු උනේ නැහැ.ඒක ඇත්ත අපි ආණ්ඩුවක් ගත්තේ සුලුතර ආණ්ඩුවක්.සුලුතරය තියෙන ආණ්ඩුවක් හුගත් අය කිව්වා මේ ආණ්ඩුව ගෙනයන්න බැරිවෙයි කියල.අපි ඉස්සරවෙලා බැලුවා යහ පාලනයක් ඇති කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක.හැබැයි සුලුතර ආණ්ඩු ලංකාවේ වැඩිකල් තිබිල නැහැ.එක ආණ්ඩුවයි තිබුනේ මාස තුනයි තිබුවන් ඩඩ්ලි සේනානායක මහතාගේ සුලුතර ආණ්ඩුව.

ඊට පස්සේ ඒ අය ඉවත් වූවායින් පස්සේ අපි සුලුතරයක් උනත්   අපි ආණ්ඩුව ගෙනහින් තියනවා.1952 ඩඩ්ලි සේනානායක මැතිතුමාට තුනෙන් දෙකක් තිබුනා. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක මහතාට තුනේන් දෙකක් තිබුනා.60 ජුලි මාසේ බණ්ඩාරණායක මැතිණියට බහුතරයක් තිබුනා.සම්පූර්ණ කාලේ ආණ්ඩුව ගෙන යන්න බැරි උනා.චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියටත් 2000 බහුතරයක් ලැබුනා.එතුමියට එය ගෙනයන්නත් බැරි උනා.එතන තිබුනේ විශාල අභියෝගයක්.

අපි නිකම් බලයේ ඉන්න නෙවෙයි බලාපොරොත්තු උනේ.වෙනත් තුනෙන් දෙකේ ආණ්ඩුවක් නොකල දේවල් අපි කලා.අපේ රටේ බහුතරයකට ඉඩම් තිබුනේ නැහැ.1930 ඉදන් 1995 වනකම් ජනතාවට ඉඩම් දුන්නා.වගාවට ගෙවල් හදන්න,කඩ සාප්පු හදන්න ඉඩම් දුන්නා.ඒත මේ එක් අයෙකුටවත් භුක්කිය තිබෙන අයිතිය තිබෙන කොල කෑල්ලක් තිබුනේ නැහැ.ඊට පස්සේ තිබුනේ  මේ කොල කෑල්ල මේ ඔප්පුව ලබල දෙන්න.ඒක සිදු වුනේ නැහැ.2002 දී මම අගමැති වුනාට පස්සේ  රාජිත සේනාරත්න මැතිතුමා ඒක ආරම්බ කලා.ජන්දයට ගිහින් අපි පරාද උනාට පස්සේ ඒවා ඔක්කොම නතරවුනා.

හැමවෙලේම කිව්වේ යුද්දේ ඉවරවුනාම පස්සේ දෙන්නම් කියල.2010 තිබුනේ තුනේන් දෙකක් තියෙන ආන්ඩුවක්.දුන්නේ නැහැ.2015 ආණ්ඩුව ඇතිවෙලා 2018 අපි  ගයන්ත කරුණාතිලක ඇමතිතුමාට අපි ඉඩම් අමාත්‍යාංශය බාරදුන්නාම එතුමා පටන්ගත්තා ඉඩම් ඔප්පු දෙන එක ඔබ සියලු දෙනටෙම.දැන් ඔබේ බුක්තිය තහවුරු කරන ඔප්පුව ඔබේ අතට ලැබිල තියෙන්නේ.මේ රටේ දුප්පත් ජනතාවගෙන් ඉඩම් තිබෙන අයට ඒ අයිතිය අපි ලබල දීල තියනවා.

මට අහන්න තියෙන්නේ එකයි.අද බහුතරයක් නැති මේ සුලුතර ආණ්ඩුවට මේක කරන්න පුලුවන් උනානම් ඇයි 2010 ඉදන් 2015 ට තිබුන තුනෙන් දෙකක් තිබුන ආණ්ඩුවට මේක කරන්න බැරි උනේ.දැන් ආපසු බලය ඉල්ලන්නේ මේක කරන්නනද.එදා කරන්න බැරිනම් අදත් කරන්න බැහැ අදක්ෂයෝ.අපි එදා එනකොට මේ රටේ ණය ගන්න තත්වයක් නැහැ.ණය දීල දීල ණය අරගෙන අරගෙන අන්තමට රටවල් වලින් අපිට ණය දෙන්නේ නැති තත්වයට පත්වුනා.මෙතනින් ඇවිල්ල අද කොහොම හරි මේ කටයුතුත කරල අඩුගානේ අපිට ණය අරගන්න පුලුවන්.ඊලගට අපිට තියෙන්නේ අපේ ආර්තිකය ශක්තිමත් කරන්න ඒ ණය ගෙවන්න අලුත් සංවර්ධනයක් ආරම්භ කරන්න.

එදා අධ්‍යාපනයේ වියදම් 2010 ඉදන් අඩු උනා.2005 ඉදන් යුද්දෙන් පස්සේ වැඩිකරනව කිව්වා.යුද්දෙන් පස්සේ වැඩිකලේ නැහැ.අද අපි ඇවිල්ල ලගම පාසල හොදම පාසල යටතේ ගොඩනැගිලි දෙනවා.සුරක්ෂා යටතේ ශිෂ්‍යයන්ට රක්ෂණය ලබල දෙනවා.පුහුණු ගුරුවරු පන්තිකාමරවලට දානව.2005 ඉදන් 2010 වෙකම් කරන්න බැරැ උන අයට ආපහු මේක කරන්න පුලුවන් වෙයිද.ටිකක් හතල බලන්න.පාසලකට කොම්පියුටර් 10ක් විතර තමයි දුන්නේ.2015න් පස්සේ මේ සුලුතරය තියෙන ආණ්ඩුව තමයි ලගදී ඔබේ පාසල් වලට 12 පන්තිය සදහා කොම්පියුටර් ටැබ් යන්තු ලබල දෙන්නේ.ගුරුවරුන්ට ලබල දෙන්නේ.

දැන් සැහැල්ලු දුම්රිය නවා,කුලුණු මත පාරවල් එනව.කොලඹ නගරයේ බහු ප්‍රවාහන මදයස්ථාන එනව.අලුත් මහ නගරයක් හදනව.කරන්න බැරිවුන අයට ආපහු කරන්න පුලුවන්ද.කරන්න පුලුවන් කවුද.

මම අහන්න කැමතියි අසාර්ථක වුන අය කොහොමද සාර්.ක වෙන්නේ කියල.

සාමාන්‍යයෙන් දෙපාරක් ෆේල් උනොත් ආපසු නම් පාස්වෙන්න බැහැනේ.පළවැනිපාර ෆේල් උනා සංවර්ධනයේන.දෙවැනිපාරත් ෆේල් උනා.ඇයි ෆේල් උනේ කියල අපිට කියන්න.බහුතරය තිබුන ආණ්ඩුව ජී.එස්.පී පවා නැතිකරගත්තා.ලෝකයෙන් කොන් උනා.ඔහොම අයට ආපහු රටක් දුවන්න පුලුවන්ද.කොයිනමින් ආවත් කොයිවිදියට ආවත්,අසාර්ථක කට්ටියක් ඉල්ලන්නේ.

– ප්‍රගීත් ජනක

21 views

10 Comments to “ඉන්දීයාවේ ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයෙන් පසු අගමැති ඇඹිලිපිටියෙන් වේදිකාවට.. O/L දෙවරක් ෆේල් වුණාම වෙන දේ.. නිවාස අමාත්‍යංශය හතරට කැඩීම කියයි..”

  1. Saradiel says:

    පසුගිය මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ පංචවිධ ක්‍රියාවලිය යටතේ සියලු දෙනාට කාරයක් මිලයට ගත හැකි බව සඳහන් වූ සුප්‍රකට මැතිවරණ ප්‍රචාරක දැන්වීමේ පෙනී සිටි සසනිකා ජයලත් කුළි පදනම යටතේ වැගන් ආර් වර්ගයේ කාරයක් ලබා ගැනීම සඳහා ෆේස්බුක් ගෘප් එකකට යොමු කළ සටහනක් මේ වන විට සමාජජාලාවල සැරිසරයි.

    සියලු දෙනාට කාරයක් මිලයට ගත හැකි ආර්ථිකයක් ගොඩනැගීම සඳහා බලය ඉල්ලා සිටි යහපාලන ආණ්ඩුව සෑම වර්ෂයක් පාසාම වාහන බදු ඉහළ දැමීම නිසා එම වෙළෙඳ දැන්වීම මෙන්ම ඊට පෙනී සිටි සසනිකා ද බොහෝ දෙනාගේ උපහාසයට ලක්වෙයි.

  2. sunimal says:

    පරණ පොරොන්දුව

    නංගිලා මල්ලිලාට මාල බ්‍රේස්ලට් දාන්න පුලුවන් වෙන, බුලත් විට වෙනුවට චුයින්ගම් කන්න පුළුවන් වෙන ආර්ථිකයක්

  3. රනිල් වික්කාම සින්හ says:

    දැන් සැහැල්ලු දුම්රිය එනව,කුලුණු මත පාරවල් .කොලඹ නගරයේ බහු ප්‍රවාහන මදයස්ථාන එනව.
    අලුත් මහ නගරයක් හදනව.

    ෆොක්ස්වැගන් කාර් ෆැක්ටරිපිටින් එනවා.
    එතකොට මෙරටේ තිබෙන අනෙකුත් කාර් ඉවත්කර මහනගරවල ෆොක්ස්වැගන් ඇර වෙන කාරයක්
    දුවන්ඩ ඉඩ නැතිවෙනවා!

    පංචවිද අක්කලා තෙමා ගන්නේ නැතුව ඉන්නවා.

  4. Ranjan says:

    Have the elections & prove your ability to get a good majority. Is there Democracy? You are not having elections at the proper time. All Provincial Councils dissolved for years.

  5. Upul says:

    It looks as if the power of Indian god is working now.

  6. nf says:

    This shows how much respect he has for Buddhism. He only believes in HINDUISM …
    No wonder why he ill treats all the Buddhists and Buddhism.

  7. Niru says:

    ලැජ්ජ නැතුව දෙමල මුස්ලිම් අන්තවාදීන්ට වරදාන දීගෙන ආණ්ඩුව ගැට ගහගෙන ගිහිං පම්පෝරිත් ගහනව. අනිත් නායකයින්ටත් ඔහොම කරන්න තිබුන ජාතිය පවා දෙන්න ටිකක් හරි ලැජ්ජාවක් තිබුනෙ නැත්නම්

  8. HENA says:

    පරණ පොරොන්දුව

    නංගිලා මල්ලිලාට මාල බ්‍රේස්ලට් දාන්න පුලුවන් වෙන, බුලත් විට වෙනුවට චුයින්ගම් කන්න පුළුවන් වෙන ආර්ථිකයක්

    thopi hathikare rata kewa..echchrai kiyamnna thiyenne..sakkili haththa

  9. Nishantha says:

    Buru putha obage wachana niyamai aa

  10. සෑම් says:

    පූර්ණහුතී චන්ද්‍රිකාත් පූජාවට සහභාගි වුනාද දන්නෑ …?

Main News