ඉන්දීය අත්අඩංගුවේ සිටි යාපනයේ ධීවරයින් 18 දෙනෙකු නිදහස ලැබීමෙන් පසුව TNA නායකයෙකු හමුවෙයි…

November 6, 2019 at 2:02 am | lanka C news
ඉන්දීය අත්අඩංගුවේ සිටි යාපනයේ ධීවරයින් 18 දෙනෙකු නිදහස ලැබීමෙන් පසුව TNA නායකයෙකු හමුවෙයි…

ඉන්දීය අත් අඩංගුවේ සිට නිදහස ලැබූ යාපනයේ ධීවරයින් 18 දෙනා ඔවුන්ගේ නිවෙස් වලට පැමිණීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානයේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාදිරාජා මහතා හමු වී සිය ස්තූතිය පල කොට ඇත.

නිදහස ලැබූ  ධීවරයින් පිරිස යාපනය දිස්ත්‍රික් ධීවර සංගම් ශාලාවේදි මාවේයි සේනාධිරාජා මන්ත්‍රීවරයා හමු වූයේ ඔවුන්ව නිදහස් කර ගැනීම සදහා මාවෙයි සේනාධිරාජා මහතා දැඩි කැප කිරීමක් කළ නිසාවෙන් එයට කෘත ගුණ සැලකීමක් වශයෙන් බවට එම ධීවරයින් පැවසූහ.

අදාල ධීවරයින් පිරිස මුහුදු ගිය අවස්ථාවේදී සුලි කුනාටුවකට මැදිව ඉනිදීය මුහුදු සීමාවට ගසාගෙන යාමෙන් ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඒ බව ධීවරයින්ගේ ඥාතීන් විසින් මාවෙයි සේනාධිරාජා මහතාට දැනුම් දීමෙන් පසුව මාවෙයි සේනාධිරාජා මහතා විසන් යාපනයේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙතට ගොස් බලධාරීන් සමග සාකච්ඡාකොට ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන්ද දැනුවත් කරමින් ධීවරයින් පිරිස නිදහස් කර ගැනීමට කටයුතු සිදු කළ බවට නිදහස ලැබූ ධීවරයින් වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,971 Viewers
Main News