ඉන්දීය ඉහලම දුත පිරිසක් විශේෂ ගුවන් යානයකින් ලංකාවට… තව ණය දෙන්න පෙර තත්වය බලයි..

June 22, 2022 at 3:00 pm | lanka C news
ඉන්දීය ඉහලම දුත පිරිසක් විශේෂ ගුවන් යානයකින් ලංකාවට… තව ණය දෙන්න පෙර තත්වය බලයි..

ශ‍්‍රී ලංකාවට තව දුරටත් ආර්ථික ආධාර ලබා දීමට පෙර ශ‍්‍රී ලංකාවේ තත්ත්වය නිරීක්‍ෂණය සඳහා ප්‍රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යානයකින් හෙටදිනයේ මෙරටට පැමිනීමට නියමිතය.

දූත පිරිස පැය තුනක කාලයක් පමණක් මෙරට රැඳී සිටින අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ශ‍්‍රී ලංකාවේ වත්මන් අර්බුදය හා ඉදිරි ණය වැඩසටහන් පිලිබද සාකච්චා කර එකගතාවයකට පැමිණීම සදහා එම පිරිස මෙසේ පැමිණෙන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාවට තෙල් මිලදී ගැනීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මාර්ගයක් සකස් කිරීමට ඉන්දියාව මේ වන විට කටයුතු කරමින් සිටී.

පිරවුම්හල් අසල සැතපුම් ගණන් පෝලිම් ගැසී ඇති අතර මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අර්බුදයකට ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටී.

32,016 views

7 Comments to “ඉන්දීය ඉහලම දුත පිරිසක් විශේෂ ගුවන් යානයකින් ලංකාවට… තව ණය දෙන්න පෙර තත්වය බලයි..”

  1. නිමල් says:

    දැන් නම් මොකක් හරි හදිසි ප්‍රායෝගික වැඩපිළිවෙළක් හදපල්ලා ප්‍රවාහනය අඩුවෙන්ම ඕන විදියට .ගෙදර ඉදන් හැම වැඩක්ම කරගන්න පුලුවන් විදියට වෙන රටවල වගේ පාස්පෝට් අයිඩෙන්ටි වාහන ට්‍රාන්සර් බලපත් ආදී මෙකී නොකී සියල්ල දන්නෙ නැත්නම් වෙන රටකින් හරි අහගෙන කරපල්ලා අපිට තවත් අමාරු කරාන්නෙ නැතුව .මේවා ගෙදරටම තැපෑලෙන් එන ක්‍රමයක් හදපල්ලා ආදයම් පලපත්‍රය වගේ .දුම්‍ රිය පාර පෑලියගොඩ මාර්කට් එකට ලං කරපල්ලා නුවර එලියෙන් දබුල්ල හබරනින් එලවලු ගේන්න පුලුවන් විදියට ශීත දුම් රිය පෙට්ටි වලින්.ප්‍රවාහන වාහන වලට ප්‍රමුඛත්වය දෙන්න ඔන්ල්‍යින් වලින් බඩු ගේන.

    • අපි බංකොලොත් says:

      සහතික ඇත්ත ! ඒත් ඉතිං ඕවා කරන්න තේරෙන එකෙක් ඔය 225 ඇතුලෙ ඉන්නවායැ ?

    • APerera says:

      ඔිවා කියන්න ඔිනෙ මොලේ තියන එවුනට. ඔක්සිජන් කන්නද කියපු එවුන්ට, containers වල විදේශ අාධාර $$ එනවා කියපු, ගිණිගත් නැවේ උෂ්ණත්වය 80% කියපු, ගණිකා නිවාස, කංසා සංවර්ධනය කරන්න කියන දේශපාලු මැට්ටන්ට තේරෙන්නෙ නැහැ.

  2. Ammata discey discadey says:

    Denna EPA KISI DEYAK. PLZ DONT HELP RAJAPAKSHE REGIME. THEY ARE ROGUES.🧐🧐🧐😎😎🥸🥸

  3. Susantha says:

    තෙල් සංස්ථාව සහ ගෑස් ඒකාධිකාරය ඔවුන් ඉඉල්ලන්නේ, රටේ ස්වෛරීභාවය එතැනින්ම ඉවරයි, බයියන්ට ඕන වුනේ ඉන්න රටක් දැන් කන්නත් නෑ ඉන්නත් නෑ

  4. Jagath says:

    ණය නොදේවා!!!

  5. dehiwala Kolla says:

    ඊට පෙර ඉන් දියාවේ මිලට වත් පෙට්‍රල් මිල වැඩි කරන ලෙස මේ ගොන් ආණ් ඩුවේ ගොබ්බ නිළධාරින්ට කොන් දෙසියක් පනවන්න​.
    ත්‍රී වීල් මාෆියාවේ මැරයෝ පෙට්‍රල් ශෙඩ් ආක්‍රමණය කර තෙල් ටික ගෙවල් වල තියෙන බූලි වලට හිස් කරනවා. ගහගෙන යන එකා පෝලිමේ කෙලවරට නැවත එකතු වෙනවා. මේ රවුම දිගටම යනව. එකතු කරගෙන තියෙන තෙල් ලීටරයට 300-350 ලාබයක් ඇතුව විකුණනවා.

    පෙට්‍රල් මිල ලීටරය 650 කර මුන් ගේ කොල්ලය නවත්තන්න​. රටේ අධි භාවිතය නවත්තන්න​.

Main News