ඉන්දීය කොරෝනා එන්නත් තොගය කටුනායකට එයි.. ජනපති ගුවන් තොටට ගොස් පිලිගනී… අකමැති අයට නොගෙන එන්න පුළුවන්..

January 28, 2021 at 12:00 pm | lanka C news
ඉන්දීය කොරෝනා එන්නත් තොගය කටුනායකට එයි.. ජනපති ගුවන් තොටට ගොස් පිලිගනී… අකමැති අයට නොගෙන එන්න පුළුවන්..

ඉන්දීය රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණ.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නත මුම්බායි හි “සීරම් ඉන්ස්ටිටියුට්” ආයතනය විසින් නිෂ්පාදනය කර තිබේ.

එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් AI 281 දරණ ගුවන් යානය අද පෙ.ව 11.45 ට බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොලට ළගා විය.

ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුල ගබඩාකර, රැගෙන ආ එන්නත් තොගයේ බර කිලෝ ග්‍රෑම් 1323 කි. එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුල ගබඩා කර ශීතාගාර සහිත වාහනවලින් දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි බෙදා හැරීමට සැලසුම් කර ඇත. සෙල්සියස් අංශක 2-8 අතර උෂ්ණත්වයක එන්නත් ගබඩා කර තැබේ.

එන්නත දීම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී හෙට (29) ආරම්භ කෙරේ. කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් (120,000) පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව දීමට සැලසුම් කර තිබේ.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් චීන රජය ද එන්නත් ලක්ෂ 03ක තොගයක් ප්‍රදානය කිරීමට නියමිත බව ජනාධිපති ප්‍රධාන උපදේශක සහ කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසයි. එන්නත ගැනීම පුද්ගලයන්ගේ ස්වාධීන තීරණයකි. අකමැති අයට නොගෙන සිටීමට හැකි බව ද වීරතුංග මහතා කියා සිටී.

මේ අවස්ථාව සනිටුහන් කරමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ්, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්ම මහත්මීහු සහ අමාත්‍යාංශ ලේකම්වරු, සෞඛ්‍ය අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

39,514 views

67 Comments to “ඉන්දීය කොරෝනා එන්නත් තොගය කටුනායකට එයි.. ජනපති ගුවන් තොටට ගොස් පිලිගනී… අකමැති අයට නොගෙන එන්න පුළුවන්..”

  1. Karunadasa says:

    අනේ මම ඉන්ජෙක්ෂන් ගහන්න බයයි. අනේ අපිට පැණි දෙන්නේ..

  2. බුද්ධිමත් ජනතාව says:

    මෙම එන්නත් ලබා දිය යුත්තේ දේශපාලන වහල් භාවයෙන් මිදුණු මධ්‍යස්ථ මතධාරී බුද්ධිමත් ජනතාවට පමණි. අනෙකුත් දේශපාලන වහලුන්ට අදාල දේශපාලන බලවේග මගින් නිර්දේශිත ප්‍රතිකාර පමණක් ලබා දිය යුතුය. එනම්, බයියන්ට කාලි ජූස් පැණිය හෝ රාවණාගේ ගංජා පැණියත්, ටොයියන්ට ප්ලැකනිලුත්, ජෙප්පන්ට කේරළ ගව මුත්‍රාද ලබා දිය යුතුය.

  3. Ravana parapura says:

    ඇයි අපේ කොරෝනවට හෙළ ඔසුව මේ විදියට පිළිගන්නේ නැත්තේ කනගාටුයි.

    • Nimal says:

      මොන ඔසුවද? අර හොර කපුවාගේ කාලි ජූස් එකද? එහෙමත් නැති නම් අර රිටිගල හොර කොණ්ඩයාගේ ගංජා පැණියද?

    • Rata Wenuwen says:

      බොරු පැණි ගසා කොරෝනාවෙන් මිය යන්න
      පිස්සු නොමැත තොට මෙන් අන් කිසිවෙකුට
      විදු නැණ බෙලෙන් සැදු එන්නත් ඇත සැමට
      බොරු පැණි ගසව් බයියන්ගේ පුප තුලට

    • kamal says:

      ඇතිද තොට? තෝ හිතුවද බොල හොර රාවණෝ ගෝඨා කියන්නෙත් තෝ වගේ පැණි බයියෙක් කියලා? දැන් ඉතින් තෝ ගිහින් වලක් කපන් වැළලියන් බූරු පැණි බයියා.

    • විභීෂණ says:

      ඒ ඉතින් ස’ ට උඹට වඩා පොඩ්ඩක් හරි මොලේ තියෙන නිසා.

  4. Sinhalaya says:

    A harbour for the vaccine
    Narakama ne aiyo

  5. Alapaluwa says:

    මේක මහ ජරා වැඩක්. ඇයි දේශීය දේට තැනක් දෙන්නෙ නැත්තෙ? මෙයාලත් පිටරටට කට බලියගෙන ඉන්නවනම් අපි ආණ්ඩු මාරුකලේ මොකටද? මේකද දේශීය සංවර්ධනය ? පිස්සු මගුලක් වුනා මෙයාලත්. ඕක පිලිගන්න එයා පෝර්ට් ගියේ මොකටද?

  6. Lal and Geitha - Deniyaya says:

    අනේ අපේ සදාදර ජනාදිපති උතුමාණෙනි, මට, බිරිදට හා අපගේ එකම පුතු වෙත ඔය එන්නත් තුනක් වෙන්කර දෙන මෙන් කරුනැවෙන් බගපත්ව ඉල්ලා සිටින්නෙමි. අප ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමෙරිකාවේ රිවෙර්සය්ඩ් ටවුමේ චාලිපොනිය ප්‍රාන්තයේ සිර උදේ සවස වෙහෙස මහන්සිවී රට විරුවන් දිරිගන්වමින් ඔබ වෙනුවෙන් ඔවුන්ගේ චන්දය පාවිච්චිකිරීමට ඔවුන් හැර උපදෙස්මල පවතුවුයෙමු. ඔබ ලංකාවේ නායකයා වීම අපගේ එකම පැතුම විය. එමනිසා ඉතා බගපත්ව ඉල්ලාසිටින මෙම උදව්ව අපහට කරන මෙන කරුණාවෙන් දයාවෙන් ඉල්ලා සිටිමු.

    මීට

    ලාල් සහ ගීතා

  7. Lal and Geitha - Deniyaya says:

    අනේ අපේ සදාදර ජනාදිපති උතුමාණෙනි, මට, බිරිදට හා අපගේ එකම පුතු වෙත ඔය එන්නත් තුනක් වෙන්කර දෙන මෙන් කරුනැවෙන් බගපත්ව ඉල්ලා සිටින්නෙමි. අප ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමෙරිකාවේ රිවෙර්සය්ඩ් ටවුමේ කැලිෆොර්නියා ප්‍රාන්තයේ සිර උදේ සවස වෙහෙස මහන්සිවී රට විරුවන් දිරිගන්වමින් ඔබ වෙනුවෙන් ඔවුන්ගේ චන්දය පාවිච්චිකිරීමට ඔවුන් හැර උපදෙස්මල පවතුවුයෙමු. ඔබ ලංකාවේ නායකයා වීම අපගේ එකම පැතුම විය. එමනිසා ඉතා බගපත්ව ඉල්ලාසිටින මෙම උදව්ව අපහට කරන මෙන කරුණාවෙන් දයාවෙන් ඉල්ලා සිටිමු.

    මීට

    ලාල් සහ ගීතා

  8. GulSiri Lal Nanda says:

    The President of Democratic Republic of Sri Lanka has no any other work in his job to do!
    Do not waste your time as capacity of President go to Airport and idealing in location to receive Indian made in Corona virus vaccines ?
    While Spending your valuable time for many problems of ours citizens face we want to be resolved by President of Republic ?
    These are that widow shopping politice done by Ranil & Sajit of UNP these has Not done by GR !@

  9. Roni says:

    මෙම එන්නත සුළු කාලයකට තමයි බලපාන්නේ, එහෙත් විපක්ෂයේ කිසිවකුටත් දෙන්න එපා..

  10. Aurora says:

    එතකොට පැණිය?

    • Namal says:

      ආ.. කාලි ජූස් ද? දැන් ඉතින් ඒවා කෙලිම කාණුවට හරි කක්කුස්සි වලට හරි තමයි.

Main News