ඉන්දීය කොරෝනා එන්නත ලංකාවට..- ඉන්දීය විදේශ ඇමති කියයි..
January 6, 2021 at 6:48 pm | lanka C news
කොවිඩ් 19 වෛරස රෝගයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ සබඳතා ඇමති ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පැවසීය.
දෙදින චාරිකාවක් සඳහා ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය ඇමතිවරයා අද (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමු විය. අනතුරුව පැවති සාකච්ඡාවේදී කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කළ ජනාධිපතිතුමා ඉන්දියාව නිෂ්පාදනය කරමින් සිටින කොවිඩ් එන්නත ප්‍රතිකාර අවශ්‍යතාව නිවැරදිව ඇස්තමේන්තු කිරීමෙන් පසු, ලබා ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බව දැන්වීය.
සෙසු රටවලට එන්නත අපනයනය කිරීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දෙන බවට ආචාර්ය ජයිශංකර් මහතා පොරොන්දු විය. ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා අන්‍යෝන්‍ය ප්රතිලාභ උපරිම වන අයුරින් වර්ධනය කිරීමට ජනාධිපතිතුමා සහ ඉන්දීය ඇමතිවරයා එකඟත්වය පළ කළහ.
ඉන්දීය සහභාගීත්වය සහිතව දැනටමත් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව සහයෝගීතා වර්ධනය පුළුල් කළ හැකි තවත් ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡාවේ දී හඳුනා ගනු ලැබීය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, LNG (ද්‍රව, ස්වභාවික වායු ) බලාගාර ව්‍යාපෘතිය, නිවාස හා මාර්ග ඉදිකිරීම, කෘෂිකාර්මික සංවර්ධනය සහ පර්යේෂණ, සන්නිවේදන තාක්ෂණය, විකල්ප බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය ඒ අතර විය.
විධිමත් අධ්‍යාපනයක් ලැබූ තරුණ ජනහගණයක් ශ්‍රී ලංකාවේ සිටින බව සදහන් කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඔවුනට විවිධ ක්ෂේත්රවල ක්‍රමවත් වෘත්තීය පුහුණුවක් දීම සඳහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව පැවසීය. ශ්‍රී ලංකාවේ නිශ්චිත අවශ්‍යතා දැනුම් දුන් විට වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා උදව් කිරීමට සූදානම් බව ජයිශංකර් මහතා කීය. විකල්ප බලශක්ති මූලාශ්‍රයක් ලෙස සූර්ය තාපය භාවිත කිරීම පිණිස දැනටමත් ඉන්දීය ආධාර ලැබී තිබේ. ඉදිරි කාලයේ දී මේ ක්ෂේත්රයට තවදුරටත් මූල්‍ය හා තාක්ෂණික ආධාර සම්පාදනයට ඉන්දියාවට පිළිවන් යයි ඇමතිවරයා සඳහන් කළේය.
කොවිඩ් 19 වසංගතය නිසා බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්වීමේ අවශ්‍යතාව ගැන දෙපාර්ශ්වය අදහස් හවුමාරු කර ගත්හ.
“මාලදිවයින බබල් ක්‍රමවේදයට සංචාරකයන් ගෙන්වා ගැනීම දිගටම කරමින් සිටිනවා. ඉන්දියානුවන් විශාල පිරිසක් දැනටමත් එහි ගිහින්. වසංගතය නිසා ඇතිවූ ආතිතයෙන් මිදීමට සංචාරයේ නිරතවීමට ජනතාව කැමැතියි. නව දිල්ලි නුවර හෝටල් දැන් ඉන්දියානුවන්ගෙන් පිරී ගිහින්. ශ්‍රී ලංකාවට යන ලෙස ඔවුන් දිරි ගන්වන්න අපිට පිළිවන්”, ඉන්දීය ඇමතිවරයා පැවසීය.
සංචාරක ව්‍යාපාරයේ පුනරුදය පිණිස ගත හැකි නව ක්‍රියාමාර්ග තීරණය කරනු පිණිස ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින හා නේපාලය එක්ව හැකි ඉක්මණින් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කෙරිණ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ඉන්දීය විදේශ සබඳතා අමාත්‍යාංශයේ සම ලේකම්වරුන් වන අමිත් නාරං සහ ආචාර්ය ශිල්පක් අම්බුලේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසූන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරුද සාකච්ඡාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
එතකොට පැණිය?
ඇයි යකෝ එකත් ඉන්දියන් කාලි ගෙ. 😀
හොර කූඹුකෙක් කමෙන්ට් දාලා, හැබැයි පුතෝ මටත් ආපු ප්‍රශ්ණෙ ඕක තමා.
මේ ලොන්ත ඉන්දියාව ගාව ගන්නැතුව මේක කොරගන්න බැරිද?
ඉන්දියාවෙන් ගෙන්වන එන්නතට තැන දීලා හෙළ පැණියෙන් සිංහල අවුරුද්දට පැණි ආප්ප හදන්නයි දේශපාලුවන්ගේ අදහස ..මේ තමයි අපේ කම ..අපේ දෙයට ගරුකරන හැටි …අහෝ කවදා අපේ දෙය අගය කරන දේශහිතෙෂි සිංහල පාලකයෙක් අපේ රටට ලැබේවිද ?
අවාසනාවද ? කරුමෙද ?
මෙහෙම නේ. දැන් ඉතින් අපිට උඹලා හැමෝටම එන්නත් ගෙන්නවන්න සල්ලි නෑ නේ. ඒක නිසා වැදගත්ම මිනිස්සුන්ට විතරයි අපි ඒවා දෙන්නේ. ඒ කියන්නේ මුලින්ම අපේ පවුලේ අයට. ඊට පස්සේ උබලාම පත් කරලා එවපු මැති ඇමති උත්තමයන්ටයි පවුල් වල අයටයි. (අපි වෙනුවෙන් නම් ගෙන්වා ගන්නේ ෆ්යිසර් එක. ඒක වෙනම කතාවක්). උඹලාගේ ජීවිත වලට වැඩිය උන්ගේ ජීවිත වටින්නේ නැද්ද ඉතින්? ඊට පස්සේ ඉතින් නොදී බැරි කමට සෞඛ්‍ය අංශ වලයි ආරක්ෂක අංශ වලයි අයට දෙනවා. ඉතුරු වුනොත් අනිත් ඔය වයසක අවදානම් වැඩි අයටත් දෙනවා. ඒ වගේම අපිට හොඳට උදව් තියෙන රටේ ඉන්න සල්ලි කාරයෝ වෙනුවෙන් ෆයිසර් එන්නත ගෙන්නන්න අපි පෞද්ගලික අංශයටත් අවසර දෙනවා. උඹලත් ඉතින් කැමති නම් ගහ ගනිල්ලා. හැබැයි ඉතින් අඩුම ගානේ රුපියල් 10000ක් වත් වෙයි එක එන්නතකට. ඉතුරු වෙන උඹලා වගේ අපි කිව්වොත් අසූචි වුනත් කන්න ලෑස්ති බයියන්ටයි, ටොයියන්ටයි ජෙප්පන්ටයි හැමෝටම ඉතින් මොකුත් නොදුන්නොත් හරි නෑනේ. අන්න ඒකට තමයි බොලව් පැණිය තියෙන්නේ. අපි කොහොම හරි මීඩියා වලිනුත් පුම්බලා තියලා ඔය කරන්න යන පරීක්ෂණයේ දත්ත වෙනස් කරලා හරි පැණිය වැඩ කරනවා කියලා පෙන්නලා උඹලාගේ හිත හදලා උඹලා ඔක්කෝටම අපි පැණිය ලබා දෙනවා. සමහර විට පොඩි ගාණක් අය කරන්නත් වෙයි. උඹලා ඉතින් පැණිය බීලා දැන් ඉතින් කොරෝනා හැදෙන්නේ නැහැ කියලා හිතා ගෙන වෙනදා වගේම එළියට බැහැලා වැඩ කරන්න පටන් ගත්තම ඉතින් අපිට කිසි අවුලක් නැතිව රට කරගෙන යන්න පුළුවන්. ඒ විතරද පැණිය දීපු එක ගැන සතුටු උඹලා ඔක්කොම අපිට ඊළඟ පාරත් ඡන්දයත් දෙනවා කියලා අපි දන්නවා නේ. බලාපල්ලා කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද කියලා
ඉන්දියාවේ දහස් ගණනක් කොරෝනා වෛරසයෙන් මැරෙන්නේ /වෛරසය රට හැම තැනම පැතිරෙන්නේ ඉන්දියාවේ එන්නත සාර්ථක නිසාද ?
පිටරටකින් ලාබෙට දෙන ඕනෑම කුණු ගොඩක් අගය කරමින් අරන් අපේ රටේ ජනතාව නොමග යවන්න දේශපාලකයෝ හරිම දක්ෂයි ..එයින් ලැබෙන දහස් ගණන් කොමිස් මුදල් ඔවුන්ගේ සාක්කුවේ …..අපේ රටේ දේශපාලනය ගැන දැන් කථා කිරීමෙන් පලක් නැහැ ..යහපාලනය ජාතිවාදී ඊළම් කොටින්ට කඩේ ගියා, මේ ආණ්ඩුව අන්තවාදී ඉස්ලාම් වෛරස් ආගමිකයින්ට කඩේ යනවා ….69 ලක්ෂයක් ජනතාව රැවටුනාද /රැවට්ටුවාද ? අපි බලා සිටිමු
මෙන්න මෙහෙමයි ඉන්දියාවෙන් බඩු ලැබෙන්නේ.
පළමුවෙන්ම ජාන විකුර්ති කරන සහ වදභාවය ඇතිකරන බෙහෙත් අඩංගු කොරෝනා එන්නත් තොගය ලංකාවේ ප්‍රධාන ජාතිය වන සියලු සිංහල ජනයා වෙත ඉතා ඉක්මනින් නොමිලේ හෝ ලබාදීම. දෙවනුව සියලුම මුස්ලිම් ජනයාට නොමිලේ උවද ලබාදීම. තුන්වෙනුව සියලු සිංහල හා මුස්ලිම් ජනයා වෙත සිදුකල පරීක්ෂා වලින් තහවුරු වූ දත්ත භාවිතා කර නිපදවන අනර්ඝ කිසිදු අතුරු ආභාද වලින් තොර එන්නත ලංකාවේ පදිංචි සියලු දෙමල ජනතාව වෙත මුදල් අයකර ලබා දීම . මුදල් අයකිරීමට හේතුව වන්නේ සියලු බ්රාහ්මී කුලයට අයත් දෙමළුන්ට පමණක් කිසිම අපහසුවකින් තොරව ලබාගැනීමට අවස්ථාවක් ලබාදී ඔවුන් පමණක්ම ආරක්ෂා කරගැනීම සදහා බව අකමැත්තෙන් උවද ප්‍රකාශ කිරීමට සිදුවේ.
කතාව හොඳයි
හැබැයි පුතේ මෙහෙම කියමු
දෙමල්ලු ඉන්දියාවෙදි බ්රාහ්මන උනත් එකයි වෙල්ලාල උනත් එකයි
මෙහෙට ආවෙ උං කුලී වැඩ කරන්න
යාපනේ උං දුංකොල වවන්න
කදුකරයෙ උං තේ වවන්න
ඒක නිසා මෙහෙ ඉන්නෙ දෙමල කුල 2යි
දුංකොල වවන කුලී දෙමලා
තේ දලු කඩන කුලී දෙමලා
හොදයි නේද ?
Nikan denawa wage kiyala thiyenne. Beluwahama eyala apanayanaya karanawane.
Iita kalin unge rate e unta dunna nam iwarane. Indiyawe tharaha wena Nisa India walin vaccine eka gannawa kiyavi.
ඉන්දියාව ගෝටගේ තටිටමට injection එක ගැහුවා එහෙනම්… දැන් ලෙඩේ නිට්ටාවටම සුව වෙයි
එන්නත ප්‍රථමයෙන් තිරුපති කෝවිලේ පුජක කපුවන්ට ගැසිය යුතුයි …මහා කපුවා කොරෝනා වලින් නේද මියගියේ ?ප්‍රථමයෙන් රාජපක්ෂ පවුලේ සැමටම ගසන්න අපේ රටේ අසරණ ජනතාව ඉන්දියාවේ එන්නත් වලින් අනතුරේ හෙලන්න එපා ..අපේ රටේ ජනතාව ඉන්දියන් ලැබ් වල මියෝ නොවේ ….
ජයවේවා! ජයෙන් ජයම වේවා! කවුරු කොහොම කිව්වත් රාජපක්ෂල තමයි රටට ආදරේ රටට වැඩක් කරන්නේ කියල උගත් බුද්ධිමත් ජනතාව දන්නව. අප සැමදා ඔබ සමගයි.
Chaminda අයියා…උබලා වගේ මීහරක් සිටින නිසයි අපේ රට අගාදයට යන්නේ ? දේශපාලකයින් කරන හැම වැඩක්ම සාර්ථක නැහැ …මේ ආණ්ඩුව පත්වී වසරකට වැඩියි සිදු වූ යහපත කුමක්ද ? ඔවුන් තාමත් ගමන් කරන්නේ යහපාලන නරුමයින් ගිය පාරේම නොවේද ?මහා බැංකු මගඩියේ මහා හොරා තාමත් නිදැල්ලේ නමුත් බඩිගින්නට කොස් ගෙඩියක් කැඩූ කාන්තාව සිරගෙදර ..දුප්පත් ජනතාවට අකුරට ක්‍රියා කරන නිතිය රටේ දේශපාලන ලොක්කන්ට බලපාන්නේ
නැත්තේ මන්ද ?
Testing BED in Sri lanka
….Indian males are not happy with this it seems,……Tabaaa nathnam Malli sadakal nidiluuuuu…..better be careful
යකෝ මේක උගේ අප්පගෙ වැඩක්නෙ.. උන් එවන මරුටි ලඩියෙ ඉදන් හැම ලබ්බක්ම ලංකාවට පටවන්නනෙ හදන්නෙ… මෙහෙම කරන්න බෑ.. මදැයි සර් එනකම් බලන් හිටිය මේ අවුල් ටික නිරවුල් කරගන්න.. දැන් ඉතින් අබ සරණයි..
I hope at least the government will allow the private sector to import the Pfizer/BioNTech or Moderna vaccines. Then those who want can at least get them on their own expense.
Indiayawata koheda yako ennat?
Imdian higannoth ellena walewal natiwa innawa
“කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය” ඔන්න ඔකටයි ආවේ ,නැතුව වෙන ලබ්බකට නෙමේ .