ඉන්දීය ගිලන් රථ පුහුණුව සෞඛ්‍ය රියදුරන්ට ද ලබාදීමේ යෝජනාවක්…

October 27, 2016 at 2:02 am | lanka C news
ඉන්දීය ගිලන් රථ පුහුණුව සෞඛ්‍ය රියදුරන්ට ද ලබාදීමේ යෝජනාවක්…

ඉන්දීය ගිලන් රථ සේවාෙවි කාර්ය මණ්ඩලයට ඉන්දියාෙවි දී ලබාදුන් පාඨමාලාව සෞඛ්‍ය දෙපාර්තෙමින්තුෙවි ගිලන් රථ රියදුරන්ට ද ලබාදීම සුදුසු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළුම වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ එම ගිලන් රථ පුහුණුව ලබාදීම පිළිබදව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සමග සාකචිඡවක් පවත්වන ලෙසයි.

එමෙන්ම ඉන්දීය ගිලන් රථ සේවාවට අවශ්‍ය රියදුරන් සෞඛ්‍ය දෙපාර්තෙමින්තුව මගින් ලබාගැනීෙමි යෝජනාවක් ද මෙහිදී ඉදිරිපත් විය. ඒ පිළිබදව ද අදාල බලධාරීන් සමග සාකචිඡ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතාට උපදෙස් ලබාදෙන ලදි. සෞඛ්‍ය දෙපාර්තෙමින්තුෙවි ගිලන් රථ රියදුරන්ට විදේශීය පුහුණුවක් ද ලබාදීමට මෙහිදී සාකචිඡුා කෙරුනි. තව ද ගිලන් රථ රියදුරන්ගේ නිල නාමය  ර්‍ණගිලන් රථ නියමු” ලෙස නම් කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කිරීමට ද තීරණය කෙරුනි.

තව ද  ‘ණසෞඛ්‍ය කාර්ය සහායක’ නිල නාමය වෙනස් කිරීමට ද තීරණය විය. සෞඛ්‍ය උපස්ථායකයින් සදහා විදිමත් පුහුණුක් ලබාදීම, ඔවුන්ගේ නිල ඇදුම පිළිබදව සහ ආයුර්ෙවිද රෝහල්වල හෙද හෙදියන්ගේ පුරප්පාඩු ඇතුලු වෘත්තීය සංගම් මුහුණ දෙන ගැටළු රැසක් පිළිබදව මෙහිදී සාකචිඡ කෙරුනි. එම ගැටලු වලට සෞඛ්‍ය අමාත්‍යවරයා සාර්ථක විසදුම් ලබාදෙන ලදි.

– නිපුන් ඒකනායක

4 views
Main News