ඉන්දීය ගුවන් යානාවක් පලාලි ගුවන් තොටට ගොඩබායි..

October 16, 2019 at 8:02 am | lanka C news
ඉන්දීය ගුවන් යානාවක් පලාලි ගුවන් තොටට ගොඩබායි..

එලඹෙන ඔක්තෝම්බර් 17 වනදා ජාත්‍යන්තර ගුවන්තොටුපලක් වශයෙන් විවෘත කිරීමට නියමිතව ඇති පලාලි ගුවන්තොටුපල වෙතට ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයක් පරික්ෂා කිරීමේ ගුවන් ගමනක් වශයෙන් ලඟා විය.

ඉන්දියාවේ චෙන්නායි සිට පලාලි ගුවන්තොටුපල වෙතට අද දින ලඟා වී ඇති මෙම ගුවන් යානයේ විශේෂඥයින් හා පලාලි ගුවන් තොටුපලේ අධීක්ෂණ නිලධාරීන් විසින් ගුවන්තොටුපලේ ධාවන පථය ඇතුලු සෙසු අංග පිළිබඳව පරික්ෂා කිරීමක නිරත වී ඇත.

එයාර් ඉන්දියා ගුවන් සේවයේ අනුබද්ධිත සමාගමක් වන එලායන්ස් එයාර්, චෙන්නායි සිට යාපනය දක්වා සතියකට ගුවන් වාර 3 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ඉදිරියේ දී යාපනය සිට නවදිල්ලිය, මුම්බායි හා කොචි දක්වා ද ගුවන් ගමන් ආරම්භ වීමට නියමිතව ඇත.

රුපියල් මිලියන 2250 ක වියදමින් පලාලි ගුවන්තොටුපල පුලුල් කොට මෙසේ සංවර්ධනය කිරීමෙන් පසුව ජාත්‍යන්තර ගුවන් තොටුපලක් වශයෙන් ඉදිරියේදී යොදා ගැනීමට රජයේ බලාපොරොත්තුව වෙයි

17 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිමතුමන්ගේ ප්‍රධානත්වයෙන් , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග , නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ , උතුරුපලාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා, ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං යන අයගේ සහභාගීත්වයෙන් පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලත් වශයෙන් මෙම මස තුල විවෘත කිරීමට සූදානම් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

51 views

13 Comments to “ඉන්දීය ගුවන් යානාවක් පලාලි ගුවන් තොටට ගොඩබායි..”

  1. Kakiyana Lea says:

    Yudde kaalewath ainkaranna beri una Palali camp eka ain karana Ranilge molee.Next year kiyai (hitiyoth) International Air port ekaka hamudaa kadauru tiyena eka awadaanam.Emanisaa camp eka ain karanna wenawa kiyala.

  2. Kadiya says:

    පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් කරනකොට පලලිවල තියන ශ්‍රී ලංකා ගුවන්හමුදා කඳවුරට මොකද වෙන්නේ. අනික පලාලි ගුවන් පථයට මගී ජෙට් ගුවන්යානා බස්සන්න පුලුවන්ද? රනිල්ගේ ජාතික ආරක්ෂාව බල්ලට දාන වැඩ පිළිවෙලේ තවත් අදියරක්ද ?

Main News