ඉන්දීය ගුවන් හමුදා යානා සංදර්ශණය ලංකාව පරාධීන කිරීමක්.. බලහත්කාරයක්.. කවුද ආරාධනා කලේ..

March 3, 2021 at 3:24 am | lanka C news
ඉන්දීය ගුවන් හමුදා යානා සංදර්ශණය ලංකාව පරාධීන කිරීමක්.. බලහත්කාරයක්.. කවුද ආරාධනා කලේ..

‘ඉන්දියානු නිරීක්ෂණ යානා විශාල ප්‍රමාණයක් සහභාගී වෙනවා. අධීක්ෂණ යානාවක් කියන්නේ අතිශයින්ම අධිතාක්ෂණය සහිත අධිතාක්ෂණික පහසුකම් සහිත යානා. ඒ යානා එකවරක් අපේ රට හරහා ගියාම අපේ තියන සියලුම තොරතුරු ඒ යානා වලට ගැනීමේ පහසුකම් ඒ යානාවල තියනවා. එහෙම වෙනවා. එවන් යානා වලට රටක දේශ සීමා වලට ඇතුලු වීමට සපුරා තහනම්. එවන් ජාත්‍යන්තර නීතිරීති ජාත්‍යන්තර යුධ නීති රීති උල්ලන්ගනය කරමින් අපේ ගුවන් හමුදාවේ අභිමානය සැමරීම මුවාවෙන් අපේ ගුවන් හමුදාවේ හීන ධීන භාවය ප්‍රදර්ශණය කිරීමක් මෙන්ම අපේ රටේ පරාධීනත්වය ප්‍රදර්ශණය කිරීමක් නොවේද යන්න මම අහනවා’ යයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාරයය ඕමල්පේ සෝභිත හිමියන් අදහස් දක්වන ලදී.

ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

මෙහිදී ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ,

ජීවිතේ කිසි දවසක නො ඇසු අත් නොදුටු අමුතුම සිදුවීමක් ගුවන් හමුදාවේ හැත්තෑ වැනි සංවත්සරය නිමිත්තෙන් මේ දිනවල අපි අත්දකිනවා. ඒ තමයි අපේ ගුවන් හමුදාවේ සංවත්සරය සමරන්න ඉන්දීය ගුවන් හමුදාවේ යානා, ප්‍රහාරක යානා නිරීක්ෂණ යානා, හෙලි කොප්ටර යානා විශාල ප්‍රමාණයක් මෙහි අභ්‍යාස කරන බව.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානය සැමරිය යුතු ගුවන් හමුදාවේ ස්වාධීනත්වය ස්වෛරීයත්වය සැමරිය යුතු මේ සංවත්සරය දැන් අපි සමරන්නේ ඉන්දියාවේ බලවත් බව ඔවුන්ගේ තාක්ෂණික භාවය මේව තමයි අපි දැන් නරමන්නේ. මෙවන් සිදුවීමක් ලෝකේ කිසි රටක සිදුවී ඇති බව අපි දන්නේ නැහැ. ශ්‍රී ලාංකීය ගුවන් හමුදාවේ අභිමානණීය භාවය අභිමානය ප්‍රදර්ශණය විය යුතු අවස්ථාවේදී වෙනත් රටක තියෙන අභිමානය වෙනත් රටක තියෙන බලය බල ශක්තිය බල පරාක්‍රමය මෙන්න ලංකාභුමිය උපයෝගී කරගෙන තියනවා. මේක කියන්නේ නම් ගුවන් හමුදාවේ ආරාධනාවෙන් මෙම පිරිස ආව කියල.

ඉන්දියානු නිරීක්ෂණ යානා ප්‍රහාරක යානා ඇතුලු මේ බලඝණය ඇවිල්ල තියෙන්නේ අපේ ආරාධනාවෙන් කියල. දැන් හෙට නැත්නම් අනිද්දා එහෙම නැත්නම් ඊ ලග අවුරුද්දේ සැමරීමට චීනයටත් ඉඩ දෙනවද? නැත්නම් ඇරිකාවට ඉඩ දෙනවද අපේ භූමිය තුල තමන්ගේ බල පරාක්‍රමය පෙන්වන්න.

මේ පෙන්වන්නේ කාගේ බලයද මේකෙන් අපේ අභිමානයට මොකද වෙන්නේ. කවුරුත් මොන මොන හරි උත්තර කියයි. නමුත් අල්ලපු වැටේ ඉන්න මනුස්සයාගේ ඇති හැකියාව කීමෙන් අපේ ගෙදර අයට ඇති වැඩේ මොකක්ද?

ජනාධිපතිතුමා ඇතුලු නිලධාරීන්ගෙන් මම අහනවා විධායකය නැත්නම් ත්‍රිවිධ හමුදාවේ ආඥාදායකත්වය දරන ජනාධිපතිතුමා මෙයින් බලාපොරොත්තු වන්නේ අපේ අභිමානය යට කොට ඉන්දියානු අභිමානය ඉහලට ඔසවා තැබීම නෙවෙයිද කියන එක අපි ප්‍රශ්්න කරනවා.

ඇයි මේවට ඉඩ දුන්නේ මෙයින් අපේ ගුවන් හමුදාවට සිදුවන යහපත කුමක්ද? අපේ විදේශ ප්‍රතිපත්තියේ තියෙන හීන ධීන භාවය නෙවෙයිද මේ ප්‍රදර්ශණය වන්නේ. අපේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද? අපි  පසුව චීනයටත් මේ අවස්ථාව දෙනවද? වෙනත් ලෝක බලවතුන්ට ඇවිත් මේ අපේ බිම ඔවුන්ගේ කෙලි බිමක් බවට පත්කර ගන්නට මෙයින් ඉඩ ලැබෙන්නේ නැද්ද? අපිට විමතියක් අපි බලධාරීන්ගෙන් විමසනවා කුමක්ද මේ අපේ අභිමානයට සිදුවන්නේ කියන දේ,

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක

95,094 views

41 Comments to “ඉන්දීය ගුවන් හමුදා යානා සංදර්ශණය ලංකාව පරාධීන කිරීමක්.. බලහත්කාරයක්.. කවුද ආරාධනා කලේ..”

  1. Sirimal says:

    Apita epa oya India kunugodawal 😑 Danna ekenekta yanna kiyanna epa

  2. සංවත්සරය අපෙ ගුවන් හමුදාවේ නම් ඉන්දියානු ගුවන් හමුදාව සම්බන්ධ වෙන්නෙ ඇයි?අර තෙල් නැව හිර වුන වෙලාවෙ අපෙ ගුවන් නාවික හමුදා උන්ටත් වඩා කල සේවය අගය කලේවත් නෑ.ලංකන් ශිප්ස් කියලා කීවෙ. ඔහොම ගියොත් අපේ නිදහස් උත්සවේටත් උන්ගෙ හමුදා යවන්න බැරි නෑ.අපිට කුහක කම් කරමින් කොටින්ට උදව් කරන එක විතරයි මෝඩි මෝඩයා කරන්නෙ.

    • Sura says:

      දැන් හිටියා ඇති වගේ.
      බලාපොරොත්තු 62ලක්ෂෙට මෛාකද වුණේ….

  3. කළු-තර says:

    මේ දේ වෙන බව රෝහණ විජේවීර කිව්වෙ අවරුදු 50 කටත් ඉස්සෙල්ල
    එතකොට පණ්ඩිතයෝ ඔක්කොම කිව්වෙ කොරහේ කිඹුල්ලු දකිනවා කියල
    දැන් ගැලවෙන්න ක්‍රමයක් නෑ .

  4. John the baptice says:

    රෝ ගේ තවත් වැඩක් තවත් පරිප්පු දැමීමක් වගේ.

  5. Maha sinhale says:

    මේ අය හනුමන්ගේ හැටි තවම් දැනගෙන නැති පාටයි. කනගාටුයි

  6. gorilla says:

    ආණ්ඩුව රීගන්නවා නාගන්නවා ගාගන්නවා ජනාදිපතිතුමා ගම්වලට ගිහින් චුන් වෙවී ඉන්නවා. ගමින් ගමට නොගිහින් ගම්වලට ගැලපෙන මොඩල් හදලා ඒවා අදාල ගමට ගැලපෙන විදිහට ක්‍රියාත්මක කරන්න හොද ටීම් එකක් හදන්න.

  7. ඉනදියාවට පාවාදුන් ගුවන්හමුදාපති වහාම ඵල්ලා මරනු පාහරයාගේ දේපල රාඡසන්තක කරනු..! says:

    මාත්‍රෘභුමියේ ගුවන් හුදාව ඉනදියාවට පාවාදුන් ගුවන්හමුදාපති වහාම ඵල්ලා මරනු පාහරයාගේ දේපල රාඡසන්තක කරනු..!

  8. පාවාදෙන පාදඩයන්ට මතක්කර සිටි්නෙමු..! says:

    ත්‍රස්තවාදින් නිර්මාණයකර බෙදුම්වාදය රටතුල පවත්වාගෙන යනලද ඉන්දියානු ත්‍රස්තවාදින් අමෙරිකනු ඹ්ස්ට්‍රේලියානු පාහරයන් ශ්‍රි ලාංකිය ගුවන්තලය අමු අමුවේ කුට සහ වංචනිකලෙස උල්ලංගනයකරනු ලබන්නේ ‘නිවටයා’ ගෝටාබයගේ කුට කුමන්ත්‍රනයේ ඉදිරියට ඇදෙන නව පියවර් ලෙසිනි..!

    ශ්‍රීලාංකිය අභිමානය දුෂණය කරනු ලැබු පහත් වංචනිකයා ‘ගෝටාබය’ රටට ඡාතියපාවාදෙමින් ද්‍රෝහිරාඡ්‍යන් සමග ‘සෝෆා (SOFA) ඇක්සා (ACSA) ගිවිසුම් අතසන්කර රට තුලම රාඡ්‍ය හමුදාවන් පාවාදෙන ලදි..!
    රඡපකස වංචනිකයන් සමුහය පාවදුන් ගිවිසුම් අත්හරිනතාක් සටන් කරන්නෙමු..!
    මරන මංචකයේ මරනයට කැපවි සිටිනලද දුෂ්ඨයා රඡපුටුවට පමුුවා ඡිවත ධානය ලබාදුන් පසුවද.., ගිවිසුම් වලින් රට මුදවා ගනු වෙනුවට, කුට ලෙස රටට විනකටින ගිවසුම්වල ඵ්ල්බගෙන සිටී.! සහ තවදුරටත් ‘ඵම් සී සී’ රට පාවාදෙන සිහිනයේ මුග්ධයකුසේ ඇලි ගැලි සිටිනු ලබයි. වංචනිකලෙස බටහිරයන්ට රටේ ඉඩම් මංකොල්ලකෑමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරමින් සිටිනු ලබයි..!

    කලගුන නොදත් ‘ගෝඨාබය’ වංචනිකයා ඡාතික සම්පත් විකුනාකමි්න් රට ඡාතිය සහ ත්‍රිවිධ හමුදාව පාවාදෙමින් මුග්ධයකු සේ යන පාහර තරිසන් ගමන නැවැත්වමට වහාම පෙල ගැසෙමු..!
    ‘ඉන්දියානු සහ බටහිර’ ඵ්ඡන්තයන් පිරවරා සිටිනා කිසිම දේශපාලු පාදඩ පක්ශයකට පුද්ගලයෙකුට මතුවට බලයට පැමිනිමට ඉඩ නොතබන බව පැහැදිලිවම කුට වංචනික පාදඩයන්ට මතක්කර සිටි්නෙමු..!

    • Mayadunne says:

      පාත්ෆයින්ඩරය යි බැසිලිකාවයි රට පාලනය කරන්නෙ.
      ‘වැඩකරන විරුවා’ යැංකි ජුන්ටෙක්.
      ගොඨ්ටා ගේ පළමුව ම උපායමාර්ගික පියවර (පත්වීමට පෙර සළසා තිබූ කණ්ඩායමක් ) ඔහුගේ උසස් ම උපදේශකයින් ආණ්ඩුවට පත්කළ දවසයි!
      ආචාර්ය නලින් ද සිල්වා මියන්මාරයට යැවීමත්, මිලින්ද හොරගෙඩිය ව ඉන්දියාවටත්!

Main News