ඉන්දීය ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් මෙරටින් හමුවේ.. දෙමටගොඩත් ආසාදිතයෙක්..

June 17, 2021 at 2:11 pm | lanka C news
ඉන්දීය ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් මෙරටින් හමුවේ.. දෙමටගොඩත් ආසාදිතයෙක්..

ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෙරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ අයෙක් මෙරටින් හමු වී තිබේ.

මෙම ආසාදිතයා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම ආසාදිතයාද සමගින් මෙම ප‍්‍රභේදය හමුවු මෙරට ආසාදිත ගණන 05 දන්වා ඉහල යයි.

ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ මෙම වෛරස ප්‍රභේදය සෙසු වෛරස් ප්‍රභේද යන්ට වඩා 50%ක පැතිරීමේ තීව්‍රතාවක් දක්නට ඇති බවයි.

30,231 views

8 Comments to “ඉන්දීය ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් මෙරටින් හමුවේ.. දෙමටගොඩත් ආසාදිතයෙක්..”

  1. Saman kumara says:

    අපි තමයි හොඳටම කලේ. ඉන්දියන් කාරයෝ මෙහෙ කොරොන්ටයින් කරපු එකේ ප්‍රතිපල. උදයංග රුසියන් උන්වත් ලබන මාසේ අරන් ඇවිත් උන්ගෙන් හරි බ්‍රසිල් වේරියන්ට් එක අරන් වරෙව්….එතකොට අපි ස්වයංපෝෂිතයි. ඊට පස්සෙ ඔක්කොම මික්ස් කරල අපේ බ්‍රෑන්ඩ් එකක් හදමු.

    • බැශීල් රාජ ෆක්ස' says:

      ඒ රටවල් වලින් ආසාදිත මිනිස්සු සංචාරකයෝ විදියට ගෙනැල්ලා, මේ රටේ මිනිස්සුන්ට බෝවෙනවද කියලා අපි ටෙස්ට් කරලා බලනවා

  2. Deelaka Fer says:

    ඉන්ධන මිල ඉහල ගිය එක අමතක කරවන්න භයානක කෝවිඩ් ප්‍රභේද ලංකාවේ තැනින් තැන මතුවෙන එකට පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මොකද මේ වගේ නූල් සූත්තර දේවල් මේ ආණ්ඩුවට හොදට පුරුදු දේවල් 😂😂😂😂

  3. Dora says:

    Important urgent- please put complete curfew to dematagoda now .. Isolate entirely for 10days including contact tracing quickly and strict quarantine of primary and secondary contacts of these positive cases for 14day along with continuing with The travel and movements in other areas.

  4. desta says:

    uddaccha novi curfew danna janadipathi tumani

  5. වැක්සීන් සමාගම says:

    මගුල් කියවන්න එපා, අපි ඔය ප්‍රභේදයටත් එන්නතක් හදනවා. ඒක ගන්න සල්ලි එකතු කරගනිල්ලා, ඇලොපති කුක්කො ටික සතියකින් දෙකකින් එලියට ඇවිත් කෑගහයි. අපේ වැක්සීන් එක ඇර විකල්පයක් නෑ කියලා, හරක් රැල වගේ ඒක පිලිගනිල්ලා.

    සෙම නසන ඖෂධයක් බීලා කොරෝනා හොඳ කරගන්නවා එහෙම නෙවෙයි.
    මොකද ඒවා මිථ්යාව..

  6. අසරණ අපි. says:

    මේකටද රට පාලනය කියන්නේ.?

  7. Uddika says:

    එක් ආසාදිතයකු නොව ආසාදිතයන් පස් දෙනෙක් හමුවී ඇත.

Main News