ඉන්දීය ධිවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් අල්ලන්න අවසර.. බලපත‍්‍ර ක‍්‍රමයක් සූදානම්…

March 31, 2021 at 3:00 pm | lanka C news
ඉන්දීය ධිවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් අල්ලන්න අවසර.. බලපත‍්‍ර ක‍්‍රමයක් සූදානම්…

ඉන්දීය ධීවරයන්ට සතියකට වරක් මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට බලපත්‍රයක් ලබා දීම ගැන සාකච්ඡා වී ඇතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි.

අධික මුදලක් අය කරමින් මෙම බලපත්‍රය නිකුත් කරන බවත් ඉන්දු ලංකා ධීවර ගැටළුවට සැළකියුතු විසඳුමක් ඉන් ලැබෙනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදේ මසුන් ඇල්ලීමට බලපත්‍රයක් ලබා දෙන බවට පළවූ වාර්තා ගැන කරුණු පැහැදිලි කරමිනි.

මේ සම්බන්ධයෙන් රාජ තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා වී ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ද පැවසූ ඔහු ඉන්දීය ධීවරයන් අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ඉදිරියේ දී ගන්නා බවද සඳහන් කළේය.

18,901 views

17 Comments to “ඉන්දීය ධිවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් අල්ලන්න අවසර.. බලපත‍්‍ර ක‍්‍රමයක් සූදානම්…”

  1. Ayotallah says:

    Under No circumstances this should be allowed. Indian people are from TN. Indian Foreign Secretary is From TN our Fisheries Minister is also Tamil all these tamilians coop and wants to establish an Eelam and this is the first step and hence No Eelam No Permission

    • JOHN says:

      ඉන්දීය ධීවරයන් අනවසරයෙන් මෙරට ඇතුළු වීම මෙයින් වැඩිවේ ..කල්ලතෝනි අපේ රටට හොරෙන් පැමිණීම මේ නිසා වැඩිවේ … අපේ රටේ ධිවරයින්ට ඔවුන්ගේ රැකියා කිරීමට නොහැකි වී මේ නිසා දැඩි කරදර වලටමුහුණ පෑමට සිදුවේ ..අපේ රටේ සිමාවේ මසුන් ඇල්ලීමට ඉන්දියාවට අවසර දෙන්නේ ඩග්ලස් ඉන්දියානු සම්බවේ පුද්ගලයෙක් නිසාද ?…දෙමිළයින් ඉන්දියාවට කවදත් උදව් කරයි මෙය කිසිසේත් සිදු නොකළ යුතුයි

  2. ලොලිපොප් මොංගල් says:

    රෙද්ද අස්සේ දාගෙන, පස්සේ කෑවෝ කෑවෝ කියල කෑගහන්න එපා. හොරෙන් අැවිත් මුහුදු පතුලත් එක්ක සුද්ද කරන් යනවා, බලපත්‍ර දෙන්නේ උන්ට මෙහේ පදිංචි වෙලාම මුහුද සුද්ද කරන්නද. නොදකින් මෙහෙමත් කාලකන්නි හරක් රැලක්.

Main News