ඉන්දීය ධිවරයන් රැසක් මුහුද මැදදී ලාංකික ධීවරයන්ට බලය පෙන්වති.. යාත‍්‍රා කඩා බිද දමති..

October 14, 2021 at 8:40 am | lanka C news

ගෙවි ගිය දින තුනක කාලය තුලදී මුලතිව් ධීවරයින්ගේ රුපියල් මිලියන ගණනක් වටිනා දැල් ආම්පන්න සහ ධීවර යාත්‍රාවලට හානි කිරීම් හේතුවෙන් එම ධීවරයින් දැඩි ලෙස පීඩා විඳින බවට මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යලය පැවසීය.

මුලතිව් කල්ලපාඩු ප්‍රදේශයේ ධීවරයින් සිව් දෙනෙකු (12) දින මසුන් ඇල්ලීම් සඳහා මුහුදු ගිය අවස්ථාවේදී අනවසරයෙන් මුලතිව් මුහුදු සීමාවට ඇතුල් වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් විසින් කල්ලපාඩු ධීවරයින්ගේ දැල් සියල්ලක්ම ඉරා මුහුදට දමා පලා ගොස් ඇති අතර එහි වටිනාකර රුපියල් ලක්ෂ තුනකට ආසන්න බවටද ධීවරයින් පෙන්වා දෙති.

මේලෙසින් ගෙවී ගිය 10 සහ 11 යන දිනයන්හීද මුලතිව් මුහුදු තීරයේ ස්ථාන කිහිපයකදී ඉන්දියානු ධීවරයින් විසින් මුලතිව් ධීවරයින්ගේ දැල් ආම්පන් ඉරා දැමීම සහ ධීවර යාත්‍රාවලට හානි කිරීමේ සිදුවීම් වාර්ථා වී ඇතැයිද ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් පවසති.

ඉන්දීය ධීවරයින් ට්‍රෝලර් යාත්‍රාවලින් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් මුලතිව් ධීවරයින් බිය ගන්වා මෙලෙස දැල් ආම්පන්න විනාශ කිරීම මගින් මුලතිව් ධීවර කර්මාන්තය කඩා වැටීම සහ ඔවුන්ගේ ආර්ථීකයට දැඩි ලෙසින් බලපා ඇති බවටද ධීවර සංගම් විසින් පෙන්වා දෙයි.

එමෙන්ම මුලතිව් ධීවරයින් බොහෝ පිරිසක් නැවත පදිංචියෙන් පසු ධීවර ආම්පන්ල ලබාගෙන ඇත්තේ විවිධ වූ නය යටතේ බැවින් මෙලෙස දැල් ආම්පන්න හා බොට්ටු විනාශ වීමෙන් ආදායමක් නොමැතිව අදාල නය වාරිකයන් ගෙවා ගැනීමට නොහැකි ධීවරයින් දැඩි ලෙස පීඩාවන්ට පත්ව සිටින බැවින් වහාම ඉන්දීය ධීවර ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසටත් විනාශ වූ දැල් ආම්පන්න වෙනුවෙන් වන්දියාක් ලබාදෙන ලෙසටත් මුලතිව් ධීවරයින් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,566 views

10 Comments to “ඉන්දීය ධිවරයන් රැසක් මුහුද මැදදී ලාංකික ධීවරයන්ට බලය පෙන්වති.. යාත‍්‍රා කඩා බිද දමති..”

  1. SIVAGI LINGA PUNDA says:

    Addaaaaa, yeka ape gu-prabakaran massinata yeka tama kiyenwa

    Ada punda

  2. Jana says:

    As I once comment please go to Mr.Sumanthiran .

  3. පැන්ඩෝරා පේපර්ස් says:

    ධිවරයො විතරද ? ඉන්දියාවෙන් ඇවිල්ලා ලංකාවේ ආන්ඩුවේ අත අබරලා යන්නේ , ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් සියල්ල ඉක්මනට ඉවර කරන්න කිව්වා , 13 වන සංශෝධනය බලාත්මක කරන්න කිව්වා , ඉක්මනට පලාත් සභා චන්දය පවත්වන්න කිව්වා. ඉන්දියාව ඉස්සරහ දෙකට නැමිලා ඉන්දැද්දී මේ රටේ ඉන්න දේශප්‍රේමී ටික මීක් නෑ , එදා ඇමෙරිකන් සංචාරකයෙක් ලංකාවට ආවත් පාරට බැහැපු එවුන් දැන් ඉන්නේ කන් ඇහුන්නේ නෑ වගේ ,ඇස් පේන්නේ නෑ වගේ. ඔන්න ඔකට තමයි බන් දේශප්‍රේමේ කියන්නේ. රටම අමූ ජෝක් එකක් වෙලා.

    • පැනමා පේපර්ස් says:

      ගවපාලුවෝ ගහපු ගැට ලිහන්ඩ ලේසි නෑ බොල

      • පැන්ඩෝරා පේපර්ස් says:

        වසංගතේ නැත්තං යහපාලනේ. මහලොකු ලී ක්වාන් යූ ,මහතීර් මොහොමඩ් ඇන්ඩ් පුටින්ලා. සීනී ඇටේට මිලක් දාගන්න බෑ. 😂😂😂

        • ජනජය says:

          ගොම රාජ් කියල හිටපු එකා දැං වෙන නමකිං කොමෙන්ට් දානව.. …පාට පාට ලී ගෙ පිංපියො දන්නෙ වෙස් මාරු කරන්නයි …රටේ ආරක්ෂාව හොඳ නං ඇදවල් යටින් ඇවිල්ල පොර ටෝක් දෙන්නයි …අර පිංපි හරිය…බනානා සුජිය…අන්න ඒ වගේ තමයි තෝත්…!

  4. Vesamuni says:

    This is a golden opportunity for the SL coast guard to break the attempted link between northern Tamils and separatists agents operating from Tamil Nadu. Protect the SL Tamil fishermen from these Indian poachers who steal what belongs to Sri Lanka.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      Same idiot on different screen name. FYI , psycho ; The current fishing conflict between Sri Lanka and India is primarily due to Illegal Unreported and Unregulated (IUU) fishing by hundreds of illegal fishing boats called ‘bottom trawlers’,The use of bottom trawlers is internationally prohibited. This IUU fishing is commercial fishing as opposed to traditional subsistence fishing. neither the Sri Lanka Coastguard nor the Sri Lanka Navy has the capacity to check each and every boat to ensure whether they have a licence or not you trigger happy moron : Thats where the diplomacy should kick in with india.

      • ජනජය says:

        Why should barbaric and mass murderers such as SL navy and government should involve ?..Where are their so called political leaders who run for the indian embassy whenever a Rajapaksha farts?..Those ungrateful bastards in North and North East did not get it yet…!

  5. 3% ට බය බයියා. says:

    ජාතික ආරක්ෂාව .😂😂😂😂😂😀😀😀😀

Main News