ඉන්දීය ධිවරයින් උතුරු මුහුදේදි අත්අඩංගුවට..
July 9, 2017 at 5:30 pm | lanka C news
යාපනය ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකින් තහනම් පන්න ක්‍රමයක් මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 03 දෙනෙකු සහ යාත්‍රාවක් ඊයේ (08) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
ඩෙල්ෆ් දුපතට වයඹ දෙසින් වු මුහුදු ප්‍රදේශයට නාවික සැතපුම් 13 ක් සහ කොවිලම් තුඩුවට වයඹ දෙසින් එම ධිවරයින් අත්අඩංගුවට ගෙන ඇති අතර මුහුදු පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් ඔවුන් මසුන් අල්ලා ඇති බවටද නාවික හමුදාව කියයි.
දෛනික මුර සංචාරයෙහි යෙදි සිටි උතුරු නාවික විධානයට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් ධීවරයින් යාපනය ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ