ඉන්දීය ධිවරයින් 62ක්, යාත්‍රා 15ක් අත්අඩංගුවට…

August 11, 2017 at 2:18 am | lanka C news
ඉන්දීය ධිවරයින් 62ක්, යාත්‍රා 15ක් අත්අඩංගුවට…

යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සමග ඔවුන්ට අයත් ට්‍රොලර් යාත්‍රා 03 ක් උතුරු නාවික විධාන නිලළාරීන් හා වෙරලාරක්ෂක නිලධාරීන් විසින් අද (10) අළුයම අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව කියා සිටියේය.

ඩෙල්ෆ් මුහුදු තීරයට බටහිර දෙසින් මුහුදු සැතපුම් 08ක් දුරින් අදාල ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට පත්ව ඇති අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඉන්දීය ධීවරයින් විසින් තහනම් දැල් ආම්පන්න යොදා මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාව විසින් ඉදිරි නීතිමය පියවර සඳහා යාපනය ධීවර පරික්ෂක කාර්යාලයට භාර දී ඇති අතර ධීවර පරික්ෂක නිලධාරීන් විසින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර මේ සතියේ ගෙවුනු දින තුනක කාලය තුලදී උතුරු මුහුදෙදී ඉන්දීය ධීවරයින් 61 දෙනෙකු හා ධීවර යාත්‍රා 15 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

61 views
Main News