ඉන්දීය ධීවරයින්ට එරෙහිව උතුරේ ධීවර විරෝධතා.. මුලතිව් බෝට්ටුවලින් විරෝධතා..

October 17, 2021 at 4:40 pm | lanka C news
ඉන්දීය ධීවරයින්ට එරෙහිව උතුරේ ධීවර විරෝධතා.. මුලතිව් බෝට්ටුවලින් විරෝධතා..

දිනෙන් දින වැඩිවන ඉන්දීය ධීවරයින්ගේ බලපෑම් වෙනුවෙන් විසඳුම් ඉල්ලා අද (17) උතුරේ ධීවරයින් විශාල පිරිසක් මුලතිව් මුහුදු තීරයේ සිට යාපනය පේදුරුතුඩුව මුහුදු තීරය දක්වා මුහුදෙන් ගමන් කරමින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

උතුරු පලාතේ ක්‍රියාත්මක සියලු ධීවර සංගම් වල සංවිධානත්වයෙන් දෙමළ දේශපලන නියෝජිතයින්ගේද සහභාගීත්වයෙන් අද උදෑසන මුලතිව් මුලිලිවයික්කාල් මුහුදු තීරයෙන් පේදුරුතුඩුව දක්වා ධීවරයින් විරෝධතා දක්වමින් බොට්ටු ගමන් ඇරඹීය.

‘අපේ ධීවරයින් ආරක්ෂා කරමු ‘ යන තේමාව යටතේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා බලපෑම වහාම නවතන ලෙස ඉල්ලමින් මුලතිව් මුහුදු තීරයෙන් ධීවර බෝට්ටු 50 කට අධික ප්‍රමාණයක් විරෝධතාව සඳහා එක්වූ අතර අද සවස් වන විට පේදුරුතුඩුව මුහුදු තීරයට ලඟා වීමට විරෝධතාවයේ නිරත වූ ධීවරයින් සැලසුම් කොට ඇති අතර පේදුරුතුඩුවේදී යාපනයේ ධීවරයින්ද විශාල ප්‍රමාණයක් විරෝධතාවට එක්වීමට නියමිතව ඇත.

එහිදී විරෝධතාවයේ නිරත වූ උතුරේ ධීවරයින් වැඩි දුරටත් පවසා සිටියේ .

‘මේ වන විට උතුරේ ධීවරයින්ගේ ධීවර කර්මාන්තය දැඩි ලෙසින් කඩා වැටීමකට ලක්ව ඇත්තේ ඉන්දීය ධීවරයින්ගෙන් සිදුවන අනිසි බලපෑම් නිසා බවටත් එහිදී පහරදීම් සහ දැල් ආම්පන්වලට හානි කිරීම් මෙන්ම බොට්ටුවලටද හානි කිරීම මගින් උතුරේ ධීවරයින්ට මුහුදු යාමට නොහැකි තත්වයක් උදා වී ඇති බවටය.

එබැවින් කඩිනමින් රජය එක්ව ඉන්දීය ධීවර තහනම දැඩි කොට උතුරු මුහුදට ඇතුලු වන ඉන්දීය ධීවරයින්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කොට උතුරේ ධීවරයින්ට නිදහසේ මසුන් ඇල්ලීමට අවස්ථාවක් සලසා දෙන ලෙසටය.

මෙම විරෝධතා අවස්ථාවන්ට දෙමළ ජාතික සන්දානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී .එම්.ඒ.සුමන්තිරන්, එස්. ශ්‍රීධරන් ඇතුලු තවත් පක්ෂ නියෝජිතයින් පිරිසක් මෙන්ම ධීවරයින් රැසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,701 views

4 Comments to “ඉන්දීය ධීවරයින්ට එරෙහිව උතුරේ ධීවර විරෝධතා.. මුලතිව් බෝට්ටුවලින් විරෝධතා..”

  1. මහනුවර අක්‍රම් says:

    පාරක් හදලා දුන්නත් මුන් ඉස්තූති කරන්නේ ඉන්දියාවෙ රජයටනේ….. දැන් මේකට විතරක් මොකටද මෙහේ රජය?

    • Haramanis says:

      ATHA MITA SARU NAM INDIYAWATA HOOYYA, WARADINKOTA LANKAWE GOVT EKATA KIYANAWA DOUBLE GAME.

      SUMANTHIRANTA PULUWANNE INDIYAWATA KIYANNA.

  2. සම says:

    ගනන් ගන්න එපා මල්ලි ලා…ඔයාලගේ භාෂාව ආගම අදහන ඉන්දියාවේ නෑදෑයෝ නේ….හදිසියේ පරිප්පු ටිකක් හරි උඩින් දමමි ගන්න ඉන්න ඔයලගේ නෑදෑයෝ.

  3. ජනජය says:

    යේක මාර වැඩනෙ යේක …වෙනදට යේක රාජපක්ෂලට යේක අධෝවාතයක් ගියත් ඉන්දියන් යෙම්බසි දුවන ෂුමංදිරන් මාතියලට යේක මේකට මොකද තමා යෙන්න බෙරි අප්පා ..!