ඉන්දීය ධීවරයින්ට එරෙහිව සහ ඉන්ධන ඉල්ලා උතුරේ ධීවරයින් මුහුදු නොයා විරෝධතා…

August 21, 2022 at 2:10 am | lanka C news
ඉන්දීය ධීවරයින්ට එරෙහිව සහ ඉන්ධන ඉල්ලා උතුරේ ධීවරයින් මුහුදු නොයා විරෝධතා…

ඉන්දීය ධීවරයින් විසින් මුලතිව් මුහුදේ අනවසරයෙන් මසුන් ඇල්ලීමට එරෙහිව සහ ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන නොලැබීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මුලතිව් ධීවරයින් විශාල පිරිසක් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

මුලතිව් දිස්ත්‍රීක් ධීවර සංගමය විසින් සංවිධානය කොට තිබූ මෙම විරෝධතාවය සඳහා මුලතිව් ධීවරයින් සියලුම දෙනා මුහුදු ගමන් නොයා සහාභාගි වී සිටියහ.

මුලතිව් ශාන්ත රාජප්පර් හින්දු කෝවිල ඉදිරිපිටදී විරෝධතාවය ආරම්භ වී මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය තෙක් විරෝධතාකරුවන් පාගමනින් ගමන්කොට දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වූවේ ධීවරයින්ගේ මුහුදු ගමන් යන බෝට්ටුද රැගෙන ප්‍රදර්ශනය කරමිනි.

එහිදී විරෝධතාවයේ නිරත වූ ධීවරයින් වැඩිදුරටත් කියා සිටියේ, ඉන්දීය ධීවරයින් මුලතිව් මුහුදට පැමිණ මසුන් ඇල්ලීම මගින් මුලතිව් ධීවරයින්ගේ මතස්‍ය සම්පත අහිමි වන බවටත් ඉන්දීය ධීවරයින් විසින් මුලතිව් ධීවරයින්ට හිරිහැර සිදුකිරීම නිසා ධීවර කර්මාන්තය සිදුකරගැනීමට නොහැකි වී ඇති බවටත්ය.

එමෙන්ම මාස දෙකකට අධික කාලයක් මුලතිව් ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන නොලැබීම මත ධීවරයින්ගේ ආර්ථික දැඩි ලෙසින් කඩාවැටී ඇති හෙයින් රජය විසින් ධීවරයින්ට ආධාර ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කල යුතු බවටය.

ඉන්ධීය ධීවරයින්ගේ පැමිණීම වහාම නවතන ලෙසටත් ඉන්ධන නොලැබීම හේතුවෙන් සහනාධාර ලබාදෙන ලෙසත් ඉල්ලා විරෝධතාවයේ නිරත වූ ධීවරයින් විසින් මුලතිව් දිස්ත්‍රීක් ලෙකම් කාර්යාලයට සන්දේශයක් භාරදීමටද පියවර ගන්නා ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,285 views

One Comment to “ඉන්දීය ධීවරයින්ට එරෙහිව සහ ඉන්ධන ඉල්ලා උතුරේ ධීවරයින් මුහුදු නොයා විරෝධතා…”

  1. Bandaranaike says:

    LTTE pilliyak. Tuwakkuwen bari with de modern widihata. Gota wa elewwa ne. Dan kapalla parippo

Main News